(ගයාන් සූරියආරච්චි)
සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා දේශීය මිනිරන් හා ජෙලි පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය උපයෝගී කරගෙන පරිසර හිතකාමී අඩු පිරිවැය බැටරි හා විශේෂ ධාරිත‍්‍රක වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවා තිබේ.
පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවන බැටරිවල ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේදක ලෙසත් ධන අග‍්‍රයට මැග්නීසියම් හෝ සින්ක් ලෝහයන් හා සෘණ අග‍්‍රයට දේශීය මිනිරන් භාවිත කර ඇත. විශේෂ ධාරිත‍්‍රක සඳහා මිනිරන් සහ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය යොදාගෙන පර්යේෂණාගාර මට්ටමින් සාර්ථකව අත්හදා බැලූ බව විද්‍යාඥයෝ පවසති.
වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ ඉලෙක්ට්‍රෝනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කමල් විදානපතිරණ මහතා සහ මහාචාර්ය කුමුදු පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඩී.එස්. වීරසිංහ සහ වත්සලා ප‍්‍රසාදිනීගේ දායකත්වයෙන් මෙම පර්යේෂණය සිදු කෙරේ.
පර්යේෂණය පිළිබඳව මහචාර්ය කමල් විදානපතිරණ මහතා අදහස් දැක්වූයේ මෙසේය.
‘‘දැනට රජය විසින් ක‍්‍රියාත්මක කරමින් පවතින සූර්ය බල ශක්ති සංග‍්‍රාමයේ නිවාස දශ ලක්‍ෂයකට සූර්ය පැනල ලබාදීමේ වැඩසටහන ඇතුළු විවිධ ඉලෙක්ට්‍රෝනික භාවිතයන් ඉලක්ක කරගෙන මෙම බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සැකසීමට අප තීරණය කළා.’
‘සූර්යබල නිෂ්පාදනයේ දැනට පවතින ප‍්‍රධාන ගැටලූව ලාභදායී ලෙස එම විදුලි බලය ගබඩා කිරීමට නොහැකි වීමයි. විශේෂයෙන් රාත‍්‍රී කාලය සඳහා එම සංරක්‍ෂිත විදුලිබලය ඉතා අත්‍යවශ්‍යයයි. දැනට ගබඩා කිරීමේ උපකරණ ලෙස පවතින බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල මිල ඉතා අධිකය. සූර්ය බලශක්ති සංග‍්‍රාමය ප‍්‍රධාන වශයෙන් ඉලක්ක වනුයේ ග‍්‍රාමීය ජනතාවටය. එහිදී ඔවුන්ට දැරිය හැකි මිලකට බැටරියක් හෝ විශේෂ ධාරිත‍්‍රක නිපදවීම අත්‍යවශ්‍ය වෙනවා.’
මීට පෙර අප විසින් වෙනත් ව්‍යාපෘති කීපයක් යටතේ සැකසූ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය මෙහිදී යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට හේතුව දැනට ලොව පුරා දක්නට ලැබෙන බොහෝ බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල ඇති විද්‍යුත් විච්ජේද්‍යවල ඇති ගැටලූකාරී තත්ත්වයි.’
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වයඹ සරසවිය සූර්ය බලශක්ති බැටරි හදයි
ආනන්ද සිසිර කුමාර Saturday, 08 July 2017 03:46 PM
විශිෂ්ඨ විද්‍යාත්මක නිෂ්පාදනයක්. ලංකාවේ බලශක්ති ගැටළුව විසඳීමට මෙවැනි දෙයක් ලංකාවේ විය යුතුයි යන්න මම බොහෝ අවස්ථාවල හිතපු දෙයක්. ප්‍රාර්ථනා කල දෙයක්. තව තවත් සොයා ගැනීම් කර රටේ ප්‍රශ්න විසඳාගැන්මට දායක වන්න. ඔබ සැමටම ගෞරව කරනවා.
sachith Wednesday, 16 August 2017 04:47 AM
අපේ පාලකයෝ කියන කන්නුන්ට මේ වගේ මැණික් ගල් කකුලේ වැදුනට ගානක් නෑ. කොමිස් කුට්ටියට ඕනි ජරාවක් ගෙනත් දායි