ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.
මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි.
මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිෙෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි.



COMMENTS
විජිත්, ඔයා නේද ජල බෝම්බ සහ න්‍යෂ්ටික අවි ගැන මීට මාස කීපයකට කලින් අදහස් ලියලා තිබුනේ. මම ගොඩක් ඒ ගැන පැහැදුනා. (නි)
සුනිල් නියම කථාව , හිනාවෙලා පණ යනවා... ඇම්බර් වලට සින්හලෙන් කියන්නෙ ලාටු කියලා නෙ..(බ)
ලේ උරාබොන අය විතරක් නෙමෙයි රීරි මංශයම කන අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා (නි)
හොඳ සොයාගැනීමක්
විජිත්, ඔබගේ කතාව හරි. මම ඔය ෆිල්ම් එක බැලුවේ අවුරුදු 13කට කලින්. නමුත් ඇයි මේ සමහර කුහකයෝ ඔබගේ කතාවට හින්ට් ගහන්නේ. මොළෙත් හේදිලා මේ මිනිසුන්ගේ. (නි)
හින්දි භාෂාවෙන් නම් ඇම්බර් කියන්නේ අහසට. එ්ත් ඉංග්‍රීසියෙන් නම් ගම් වර්ගයකට. කොහොම වුණත් විජිත්ගේ කතාව ගොඩක් දුරට හරි..... (නි)
මේක ඉතාම වටිනා සොයාගැනීමක් (නි)
විජිත්, ඒ ගැන අපිව දැනුවත් කළාට ඔයාට බොහොම ස්තුතියි. (නි)
ඩයිනෝර්සර්ලා හැදෙන්නේ කටුස්සන්ගෙන්. අපේ රටේ එවැනි කුඩා සතුන් දේශපාලනය නමැති සුර ලෝකයට ගිහින් මාස කීපයකින් ඩයනෝසර්ලා වෙලා එළියට එනවා. පුදුමයි නේද? (නි)
පරිණාමවාදය තහවුරු කිරීමට ඉතාම වැදගත් සොයාගැනීමක් (නි)
විජිත්, ඔයා පරණ චිත්‍රපටියක් ළඟදි බලලා ඔහේ ලියනවා. ඕක ගොඩදෙනෙක් බලලා තියෙනවා. (නි)
මට මතක් වෙනවා ‘ජුරාසික් පාර්ක්1‘ චිත්‍රපටය. කතාවේ හැටියට ඒ විද්‍යාඥයා " ඩයිනොසොර් " ලාව නැවත මේ ලෝකයට හඳුන්වා දෙන්නේ ඇම්බර් කුට්ටියක් තුල පොසිලයක්වී සිරවී තිබු මදුරුවෙකුගේ රුධිරයෙන්. කතාවේ හැටියට ඒ මදුරුවා ඩයිනොසොරස් ලාගේ රුධිරය උරාබිලා තියෙනවා.ඇම්බර් පොසිලයේ තිබුන මදුරුවාගේ රුධිරයේ තිබුන ඩයිනොසොර් ඩී එන් ඒ වලින් නැවත ප්‍රති උත්පාදනය කරගන්නා ඩයිනොසොර් ලා ..(බ)
ශාමිණි ඩයස් ඇත්තටම ෆිල්ම් එක බලලා නැහැ වගෙයි..
පණපිටින් ඩයිනොසරයෙක් බලන්න වැඩි කල් යන එකක් නැ වගේ! (බ)
මේ වර්ගයේ සතෙකු ළගදි දවසක මම දැක්කා. බිත්තියේ හිටියා. (නි)
මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා මම පුංචි කාලේ. මම හිතන්නේ විජිතුත් මේ චිත්‍රපටය බලන්නට ඇත්තේ එයා කුඩා කාලේදී. මම දන්නා හැටියට විජිත් අවුරුදු 30 කටත් වඩා එංගලන්තයේ ජීවත්වන්නේ. චිත්‍රපටිය බැලුවාට ඔය කියන මදුරුවාගේ කතාව ගැන මම දැනගෙන හිටියේ නැහැ. විජිත් ඔයාට බොහොම ස්තුතියි ඒ පිළිබඳ නොදන්නා අපව දැනුවත් කළාට. (නි)
විජිත් හාස්‍යයට ලක්කරමින් අදහස් ලිවිම කුහකකමක් ලෙස මම දකිමි (නි)
පිටිගල මිලානෝ, ඔබගේ කමෙන්ට්ස් මම හැමතැනකම දැකලා තියෙනවා.මට හිතෙන්නේ ඔබ මහා කුහක ඒවගේම යමක් දන්නා අයට ගරහන මන්ද මානසිකත්වයකින් පෙලෙන පුද්ගලයකු බවයි.වාසනාවකට ඔබ වගේ මෝඩ කමෙන්ට්ස් දමන මෝඩයන් මේ පිටුවල බොහොම අඩුයි. (බ)
විජිත් ඔයා දන්නා දේවල් පුදුම හිතෙනවා. ඇඟ පුරාම මොලේ (ර)