බ්‍රහස්පති ග්‍රහයාගේ විශාල රතු ලපයක් දක්නට ලැබෙන බව හවායි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිහිටි අධෝරක්ත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කර ඇතැයි නේචර් සඟරාව වාර්තා කරයි. මෙය බ්‍රහස්පති වායුගෝලයේ ඇතිවූ දැවැන්ත සුළි කුණාටුවක් බවත් එය පෘථිවියට වඩා තුන් ගුණයක් පමණ විශාල බවත් සඟරාවේ දැක්වේ.
නිරීක්ෂණයේ යෙදුණු ඇමරිකා හා බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් පවසන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයේ ඉහළ කොටස අධික උණුසුමින් ගිනියම් වී පිපිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි. එම ප්‍රදේශයේ පවතින සෙල්සියස් අංශක 1500ක පමණ උෂ්ණත්වය ග්‍රහලෝකයේ අනෙක් ප්‍රදේශ වල දක්නට නොමැති බවද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සොයාගැනීමක් (නි)
සුසන්ත, මේ අය හොඳ සොයාගැනීමක් නම් තමයි කළේ. හැබැයි මේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපටම පරික්ෂා කරලත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් නම් එතකොට වඩාත් හොඳයි නේද? (නි)
දිනෙන් දිනම නව සොයාගැනීම් සිදුවෙනවා (නි)