IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ. 

The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති  මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කර තිබේ.

ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගතකර තිබෙන මෙම චන්ද්‍රිකාව  ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කර ඇත.

එම ගවේෂණ යානය මගින් ඉදිරි වසර දෙකක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට හැකිවනු ඇත.

එම යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළ කරයි.

එසේම එහිදී පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වනු ඇතැයි ද  නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සඳහා මෙම නව චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙතැයි කියැවේ.

-209

 http://www.dailymail.co.uk/sciencetech/article-5629597/Planet-hunting-TESS-spacecraft-map-85-sky.html   



අදහස් (4)

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

jerami Tuesday, 24 April 2018 09:31 AM

අනේ දෙවියනේ කොහෙන් හරි එකක් හම්බ වෙන්න මටත් පැනගන්න.

:       153       64

wije Thursday, 03 May 2018 04:16 PM

අනේ දෙවියනේ බඩට හරියට කෑම වේලක් නැතුව මැරෙන මිනිස්සු කොච්චරනම් මේ ලෝකේ ඉන්නවාද ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටවල මිනිස්සු කන්න නැතුව මොනතරම් දුක් විදිනවද. ඩොලර් මිලියන ගණන් වියදම් කරලා ග්‍රහලෝක හොයන්න යනවා අපේ ලෝකේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා අනේ මෙහෙමත් ලෝකයක්.

:       165       405

namalMonday, 14 May 2018 04:24 PM

ඒ මිනිස්සුන්ට කන්න නැති එක ඒ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්, එහෙම කියලා දියුණු රටවල් එයාලගේ පර්යේෂණ නවත්තන්නේ මොකටද? මෝඩ වෙන්න එපා !

:       154       165

kalani Wednesday, 23 May 2018 05:04 AM

පෘතුවියට සමාන ග්‍රහලෝක ඕනෑතරම් මේ අනන්ත විශ්වයේ තිබෙන්නට පිළිවන්. මිනිසාගේ දැනුම පිපාසයට ඒවා එකතුකරගන්න . නමුත් අපිට සමබර ආහාර වේලක් නොලැබෙන්නේ දෙව්දත් දේශපාලකයින්ගේ බඩජාරි තණ්හාවයි අපේ ගොන්කමයි, කම්මැලිකම නිසයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site