IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩෙංගු මදුරුවා නසන්න මදුරුවන් මිලියන 20 ක් මුදාහරී

(ගයාන් සූරියආරච්චි)

මධ්‍යම කැලිෆොර්නියාවේ ෆෙස්නෝ නගරයට ‘වොල්බැකියා පිපියන්ටිස්’ බැක්ටීරියාව ආසාදනය කර  වඳ කරන ලද ඊඩිස් ඊජිප්ටි මදුරුවන් මිලියන 20 ක් මුදා හැරීමට නියමිත බව සඳහන්වේ.

ඊඞීස් ඊජිප්ටි මදුරුවා ඩෙංගු, සීකා සහ චිකුන්ගුන්යා රෝගකාරකයකු ලෙස හඳුන්වන අතර පරිසරයට මුදාහරින පිරිමි මදුරුවන් මිනිසුන්ට දෂ්ට නොකරන බව විද්‍යාඥයෝ සඳහන් කරති. 

ගැහැණු මදුරුවන් බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු මිනිසුන්ට දෂ්ට කළද ඒ වනවිට රෝග කාරක බෝ කිරීමේ හැකියාවක් ඔවුනට නොමැත.

ගූගල්හි සහෝදර සමාගමක් වන වේරලි සමාගම සහ ඩීබග් ෆෙස්නෝ මදුරු මර්දන වැඩසටහන එක්ව මෙය ක්‍රියාත්මක කරන අතර එක් සතියකට මිලියනය බැගින් සති 20 ක් ඇතුළත මදුරුවන් මිලියන 20 ක් පරිසරයට මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ. 

විද්‍යාඥයන් විසින් පරිසරයට මුදාහැරීමට නියමිත පිරිමි මදුරුවන් වොල්බැකියා පිපියන්ටිස් බැක්ටීරියාව ආසාදිත වඳ භාවයෙන් යුක්ත වන අතර පරිසරයේ සිටින ගැහැණු මදුරුවන් සමඟ සංසේචනයේ යෙදුණු පසු පිරිමි මදුරුවන්ගෙන් අදාළ බැක්ටීරියාව ගැහැණු මදුරුවාට සම්පේ‍්‍රෂණය වේ.

මගින් ගැහැණූ මදුරුවාට බිත්තර දැමීමට නොහැකිවේ. මෙම ව්‍යාපෘතියෙන් මදුරුවන් බෝවීම ද පාලනය වන අතර ක‍්‍රමයෙන් වඳවී යයි. මෙම මදුරුවන් ජාන වෙනස්කර නිර්මාණය කළ මදුරුවන් නොවන බවත් මදුරුවන්ගේ ආයු කාලය ඉතා අඩු බැවින් ඩෙංගු, චිකුන්ගුන්‍යා සහ සීකා ලෝකයෙන් තුරන් කිරීමට හැකි බවත් විද්‍යාඥයෝ පවසති.

මෙම ලින්ක් එකට පිවිසෙන්න - https://www.youtube.com/watch?v=vVozrgEwi_Q



අදහස් (6)

ඩෙංගු මදුරුවා නසන්න මදුරුවන් මිලියන 20 ක් මුදාහරී

Nuwan Tuesday, 18 July 2017 05:21 AM

සුපිරි නිෂ්පාදනයක්... අපිට සිහිනයක් ...

:       3       66

pradeep Tuesday, 18 July 2017 08:45 AM

ඔය ව්‍යාපෘතිය අපේ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා රාගම වෛද්‍ය පීටයේ සිදුකරනවා. එ්ක සිහිනයක් නෙමෙයි.

:       2       168

NuwanTuesday, 18 July 2017 11:35 AM

ප්‍රදීප් ඔබට ස්තුති දැනුවත් කලාට, මම ඒ වගක් මාධ්‍ය වල දැක්කේ නැහැ . එහෙනම් අපට මේ ක්‍රමවේදය රට පුර ව්‍යාප්ත කල හැකි වේවි. රාජ්‍ය අනුග්‍රහය ලැබුනොත් සහ මාධ්‍ය මගින් දැනුවත්කලොත්, සුබ පැතුම්

:       1       115

Lakshitha Saturday, 22 July 2017 06:56 AM

මෙමගින් මිනිසාට ඇතිවිය හැකි අතුරු අබාධ (side effects) අධ්‍යනයක් සිදු කර තිබෙනවද? මෙවැනි පර්යේෂණ මගින් මුළු මහත් මිනිස් සංහිතියක් පවා අවධානමකට ලක් කල හැකියි

:       1       1

කොළඹගේ Sunday, 23 July 2017 04:43 AM

ලංකාවේ නම් මදුරුවෝ වඳ කරනවා කියන්නේ සිහිනයක්.. මදුරු කොයිල් නිෂ්පාදක සමාගම් වලට රටේම ජනතාව විකුණලා ඉවරයි ලංකාව..

:       0       2

dilip Tuesday, 25 July 2017 08:55 AM

ලෝකයේ කොච්චර දියුණු දේවල් තියෙනවද එත් හොඳ දේවල් අපේ අය ගන්නේ නැ. ඩෙංගු නෙවෙයි නිකන් මදුරුවෝ නිසාත් මිනිස්සු කොච්චර දුක් විදිනවද. ඒත් කවදාවත් ඒවාට විසදුම් හොයල තියෙනවද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site