IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


උපදින්නට පෙර දරුවා මව අතට

අලෝක කිරණ භාවිතයෙන් මවන ත්‍රිමාණ රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ රූපකාය දරුවා උපදින්නට පෙර මවට, පියාට හා වෛද්‍යවරයාට දැකගත හැකිවේයැයි පර්යේෂකයෝ කියති. මේ නව ක්‍රමය නිෂ්පාදනය කැර ඇත්තේ රියල් වීව් නම් ඊශ්‍රායල් සංමගමක් විසිනි. මෙයට තාක්ෂණික හවුලාකාරීත්වය ලබාදෙන්නේ පිලිප්ස් සමාගම විසිනි.

ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ඉදිරියේ දී එමගින් දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් දැකගත හැකි ආකාරයට එය වැඩිදියුණු කිරීමයි. මෙය මෑතක දී හදවත් සැත්කම් සඳහා ප්‍රායෝගිකව අත්හදා බැලූ බව ද ඔවුහු කියති.

පිලිප්ස් ආයතනය පවසන්නේ මේ සඳහා අභ්‍යන්තර එක්ස් කිරණ හා හෘද කන්තුක අතිධ්වනි පද්ධති භාවිතා කළ බවයි. මෙතෙක් ද්විමාන තිරයක දැකගත් රෝගියාගේ හදවත සවිස්තරව ත්‍රිමාණ පිළිබිඹුවක් සේ දැකගන්නට වෛද්‍යවරුන්ට හැකිවීම විශ්මිත දෙයක් වූ බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී ඇත.

පර්යේෂකයන් පවසන්නේ මෙය අනාගතයේ ශල්‍යකර්ම සඳහා නැතිවම බැරි උපකරණයක් වනු ඇති බවයි.

 



අදහස් (0)

උපදින්නට පෙර දරුවා මව අතට

ක්‍රිෂාන්ත Friday, 13 February 2015 07:37 PM

අංගවිකල නොවේ අපි ඉන්නේ ලෝකෙ කොතනද කියා බලන්න. (ස)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 06:47 AM

එතකොට අංග විකල දරුවන්ගේ ඉරණම (නදී)

:       0       0

ඔෂාන් දිලංක Saturday, 21 February 2015 11:15 AM

ඒක නම් සුපිරිම වැඩක් .... (නි)

:       0       0

නාරද Sunday, 22 February 2015 05:20 PM

මෙම ක්‍රමයම තවත් දියුණු කළවිට ත්‍රිමාණ රූපය (ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර දැනටමත් ඇත) මත සැත්කම නිවැරදිව කළ පසු එම දත්ත පරිගණක ගතකොට දත්ත ආධාරයෙන් කුඩා රෝබෝ සැත්කම් යන්ත්‍රයක් මඟින් සැත්කම සාර්ථකව නිමකළ හැකි වේවි. අංගවිකල දරුවන්ගේ විකලාංග නිවැරදිව සකස් කිරීමටත් මෙම ක්‍රමය අනාගතයේදී උපකාරී වේවි. (නි)

:       0       0

සමාධි Sunday, 15 February 2015 06:32 PM

මොනවා කරන්නද දුමින්ද? දරුවා නිසා හිත හදාගන්න වෙනවා (නි)

:       0       0

සොපියා Monday, 16 February 2015 12:42 PM

ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකටද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2268 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2141 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6055 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7105 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3509 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4202 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 150 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 221 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 248 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site