(රාසස්ගල සම්පත් ප‍්‍රියනන්දන)
මීට වසර 4000-6000 ක් අතර යුගයේදී මෙරට ජීවත් වූ පරිණත මානවයින් විසින් නිර්මාණය කරන ලද දඩයක්කාර තරු වළල්ලක් සහ ඔවුන් ආහාරයට ගත් බවට සැලකෙන පිළිස්සී ගිය ධාන්‍යය ඇට වර්ග 35 ක් බලංගොඩ පරිගහමඩිත්ත වවුල් ගුහාවෙන් සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම දේව මහකතා පැවසීය.

මහාචාර්යවරයා මෙසේ ප‍්‍රකාශ කළේ බලංගොඩ ඉලූක්කුඹුර (වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්) පරගහමඩිත්ත වවුල් ගුහාවේ මේ දිනවල සිදුකෙරෙන පුරාවිද්‍යා කැණීම්වල තොරතුරු සොයා බැලීම සඳහා (06) පෙරේදා අප එහි ගිය අවස්ථාවේදීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.
මෙරට අභ්‍යන්තරයේ ජීවත් වූ ආදි මානවයන්ගේ වර්ධනය පිළිබඳ අවුරුදු 9 කට ආසන්න කාලයක් බලංගොඩ හා අවට ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කර තිබෙනවා.
අප මේ දිනවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරන්නේ පරගහමඩිත්ත වවුල් ගුහාවේ.
මේ ගල්ලෙන පුරා විද්‍යා කැණීම් කරන්න හේතුව මීට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයින් ඉදිරියට ගමන් කරලා ඒ කොයි විදිහට වර්ධනය වුණේද යන්න සොයා බැලීම මෙහි අරමුණයි.

මේ පුරාවිද්‍යා කැණීම් සිදු කරන වවුල් ගුහාවේ කැණීම්වලින් මුදු ලෙස පහර දිය හැකි ගල් මෙවලමක් හමු වුණා.
මේ වනවිට ගල් මෙවලම් 10 කට ආසන්න ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. ඒ වගේම මීට අවුරුදු 4000- 6000 ක් අතර ජීවත් වූ මානවයින් ආහාරයට ගන්නා බවට සැලකෙන ධාන්‍ය ඇට වර්ග 35 ක් සොයාගෙන තිබෙනවා.
මේ සාධකවලින් පෙන්නුම් කෙරෙන්නේ ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගෙන තිබෙන බවත් ආදි මානවයින් දඩයමින් ඈත්වී කෘෂි කාර්මික යුගයකට ක‍්‍රමක‍්‍රමයෙන් පරිවර්ථනය වී තිබෙන බවයි.
අප මේ ප‍්‍රදේශයේ ලූණුගල්ගේ පුරා විද්‍යා කැණීම් කළා. එම කැණීම්වල ලැබුණු තොරතුරු අනුව වසර 6500 කට පෙර ජනාවාස වෙලා තිබෙන තොරතුරු තහවුරු වෙලා තිබෙනවා. මීට අමතරව මැද්දෙකන්ද ගුහාවෙත් කළු ගල්ගේ ගුහාවෙත් වසර 5000 කට පෙර ජනාවාසවෙලා තියෙනවා. මේ ගල් ගුහා අතර බෙදා හදා ගත් සංස්කෘතික පුරුදු තිබෙනවා.
තරු වලල්ලකට සමාන කරන සිදුරු කළ ගලක් අපට හමු වුණා. මේවා පිටරටවල්වළ දඩයක්කාර තරු වලල්ලක් ලෙයසි මෙවැනි සිදුරු කළ තරු වලල්ලක් තමයි අපට හමු වුණේ.


2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආදී මානවයන්ගේ නිර්මාණ ආහාර බලංගොඩ වවුල් ගුහාවෙන් සොයාගනී