IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වසර 6000 ට පෙර පණ පිටින් වැළළුණු යුවළක්

ග්‍රීසියේ භූගත ගුහාවකින් 2013 වරේෂයේ දී සොයාගත් ඇට සැකිළි දෙක වසර 6000ට පෙර එකට වෙළී මියගිය තරුණයකුගේ හා තරුණියකගේ යැයි පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන ඇත. ඔවුන් දෙදෙනා වයස අවුරුද 20ත් 25ත් අතර පසුවන්නේ යැයි පුරාවිද්‍යාඥයෝ ගණනය කැර ඇත.

ග්‍රීසියේ පැරණිතම අස්ථි කොටස් හමුවන ස්ථානයක් ලෙස මේ ඇලිපොට්‍රයිපා හෙවත් ෆොක්ස්හෝල් ගල් ගුහාව ප්‍රසිද්ධියක් උසුළයි. එය සොයා ගනු ලැබුවේ 1950 දීය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ නියොලිතික යුගයේ මානවයාගේ පටන් මේ තරුණ යුවල මියයන කාලය දක්වාම මේ ගුහාව මානවයාගේ වාසස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි. එහි තිබී සොයාගත් තඹ හා රිදී කැබලි එයට සාක්ෂි සපයයි.

මේ ගල්ගුහාවේ මානවයන් 100ට වැඩි පිරිසක් ජීවත් වන්නට ඇතැයි ද එහි පිවිසුම් දොරටුව කඩා වැටී අවහිර වීමෙන් ගුහාවත් සමග මානව පිරිස ද පණ පිටින් වැළලී යන්නට ඇතැයි ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ ගුහාවේ දොරටුව කැඩී යාමෙන් පසු මේ දෙදෙනා එකිකෙ වෙලී මියයන තුරු සිටින්නට ඇති බවයි.

25A45F4E00000578-2952186-image-a-16_1423826803777 25A4462D00000578-2952186-image-a-25_1423826908850



අදහස් (0)

වසර 6000 ට පෙර පණ පිටින් වැළළුණු යුවළක්

නලින් ගුරුගේ Friday, 20 February 2015 07:39 AM

දෙන්නම එකම තෙන ඉපදෙන්න තියෙන සම්බාවිතාව අඩුයි.ආදරය කළ දෙන්නෙක් කියලම කියන්න බැහැ එක පවුලේ වෙන්නත් පුළුවන්.මේවා ගැන සොයන එක නම් ඉතාම හොදයි.(හේ)

:       0       0

සුරංග මනෝජ් Sunday, 08 March 2015 10:53 AM

ආදර දෙපලක්ම වෙන්න ඕන. (ර)

:       0       0

එස්.එස්.කේ සුභසිංහ Friday, 27 February 2015 03:08 PM

මේක ඇත්තටම හරිම සංවේදීයි (නදී)

:       0       0

තිලක් Saturday, 21 February 2015 01:00 AM

මෙය තරුණ යුවලක් ආදරයෙන් සිටි අවස්ථාවක සිදු උන හදිසි අනතුරක් වෙන්න බැරිද? බුමිකම්පාවක් වගේ. ඔය විදිහට දෙන්නෙක් මැරෙන්න අනතුරක් සිදු විය යුතුයි. එසේත් නැතිනම් ඝාතනය කර එසේ වැළලිය යුතුයි. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 19 February 2015 08:08 PM

අනේ ආදරේ (නදී)

:       0       0

බන්ටි Wednesday, 18 February 2015 07:50 AM

එහෙම මැරෙන්න තියනවනම් හොදයි (දිල්)

:       0       0

විමුක්ති Monday, 02 March 2015 12:36 PM

ඉන්න විදිහට එකක් පැහැදිලියි (නදී)

:       0       0

ජීවා Wednesday, 18 February 2015 07:55 AM

මේ දෙන්නා මිය ගිහින් ඉන්න විදිය දැක්කම දුක හිතුණා (දිල්)

:       0       0

ඩෙන්සිල් Wednesday, 25 February 2015 09:47 AM

සමහරවිට එකම පවුලේ දෙන්නෙක් වෙන්නත් පුළුවන් .(හේ)

:       0       0

සොපියා Wednesday, 18 February 2015 08:04 AM

යට ජායරුපයේ ඉන්න පුරාවිද්‍යා ගවේෂක දෙපළ ඒ මියගිය ආදරවන්තයෝ දෙදෙනාගේ පුනර්ජීවය වෙන්න බැරිද ? (ර)

:       0       0

සොපියා Wednesday, 18 February 2015 08:04 AM

යට ජායරුපයේ ඉන්න පුරාවිද්‍යා ගවේෂක දෙපළ ඒ මියගිය ආදරවන්තයෝ දෙදෙනාගේ පුනර්ජීවය වෙන්න බැරිද ? (අ)

:       0       0

ඔෂාන් දිලංක Saturday, 21 February 2015 11:13 AM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ශෂී Friday, 20 February 2015 01:31 PM

ආදරේට වයස 6000 යි. (ර)

:       0       0

යසංග Saturday, 21 February 2015 02:38 PM

ආශ්චර්යජනක ප්‍රවෘත්තියක් (නි)

:       0       0

රෙක්ස් Thursday, 19 February 2015 04:01 PM

ආදරයේ තරම

:       0       0

අනිල් ඩයස් Thursday, 05 March 2015 03:35 PM

දෙමාපියන්ට විරුද්ධ වුනාම වෙන දේ අද කාලේ වගේමයි (බ)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 04:02 AM

මරණයට හේතුව ආදරයම වෙන්න පුළුවන් (නි)

:       0       0

සොපියා Monday, 16 February 2015 12:40 PM

ආදරය කරපු දෙන්නෙක්ට එකට මියයන්න ලැබුණානම් ඒක ලොකු වාසනාවක් .. (අ)

:       0       0

බන්දුල ධර්මකීර්ති Monday, 23 February 2015 02:06 AM

කවුද දන්නේ කොහොම මියගියාද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site