පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
මෙම යතුරුපැදිය ධාවන පථයක් වටා වේගවත්ව ධාවනය කිරීම, තිරිංග භාවිතය හා නවතා තැබීම සිදුවන්නේ කිසිවෙකුගේ මැදිහත්වීමෙන් තොරව මෘදු කාංගයක් මඟිනි.
පදවන්නෙකු රහිතව ස්වයංක්‍රීයව මෙය පණගැන්විය හැකි අතර කැමති ඕනෑම දිශාවකට හරවා උපරිම වේගයකින් ධාවනය කර හැක.
පර්යේෂකයන් මේ වන විටත් තාක්ෂණික නිපැයුම සඳහා පැය සිය ගණනක් වැය කර ඇත.
මේ සඳහා භාවිතා කරන තාක්ෂණික මෙවලම් පිළිබඳ අනාවරණය කර නොමැති නමුත් චලන සංවේදී කැමරා, ඒඅයි තාක්ෂණය යොදා ගනු ඇත.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම නිෂ්පාදනය ඉදිරියේදී වඩා ආරක්ෂිත යතුරුපැදියක් ලෙස පාරිභෝගිකයාට ලබා දීමට බී එම් ඩබ්ලිව් ආයතනයේ අපේක්ෂාවයි.
ඩේලි මේල් අනුග්‍රහයෙනි
වීඩයෝව සඳහා පහත සම්බන්ධතාවයට පිවිසෙන්න
-209

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදවන්නෙකු නැති ත්‍රීවීලර් එකක් තමයි මෙරටට ඉතාම අවශ්‍ය
ඔන්න අටගහන්න මහන්සි නොවී බලපත්‍රය ගන්න කාලේ එනවා. ඒ බයිසිකලේ ඉබේම අට ගහනවා.
අයියෝ මෙහෙ ඉන්න යතුරු පැදි කාරයෝනම් හුඟකට ඔලුව නැහැ කඳ විතරයි හැබැයි මෙයාල හුඟ දෙනෙක් යතුරු පැදි යෙන් ගමන ගිහින් ගෙදරේ එන්නේ හර්ස් එකෙන් !