දහතුන් වැනි ව්‍යවස්ථාව ගෙන ආ දිනයෙහි සිදුවූ දෑ මගේ මතකයේ විශේෂයෙන් සටහන්ව ඇත.  එසේ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වූද පසුව රජයේ උසස්ම නිලතල දෙක දරන දෙදෙනකු පෙරටු කරගෙන ගිවිසුම් අත්සන් කිරීමට විරුද්ධව උද්ඝෝෂකයින් ඛාන් ඔරලෝසු කණුවෙන් පහළට පැමිණ රජගෙදරට ගල් ගඩොල් ආදියෙන් දමා ගසනු මගේ ඇස් දෙකෙන්ම දුටු නිසාය.

දහතුන් වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට ඡුන්දය ලබා ගැනීමේ අරමුණින් මන්තී‍්‍රවරු තැනින් තැන රහසිගතව රඳවා තබා ගන්නා ලදී. ජනතා විමුක්ති පෙරමුණ මෙම සංශෝධනය සම්මත කරගැනීමට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්තී‍්‍රවරුන් මරා දමන බවට තර්ජනය කර තිබුණි. මෙම මන්තී‍්‍රවරුන් ආරක්ෂිතව ඔවුන් රඳවා සිටි තරුපහේ හෝටල්වල සිට පාර්ලිමේන්තුවට රැුගෙන යාමේ භාර¥ර මෙන්ම එදා පැවැති ජීවිත තර්ජනයද නොතකා ඉටුකිරීමේ වගකීම ආරක්ෂක ඇමැතිතුමා භාර කළේ මටය.

අද මෙන් ෆෝන් කැමරා, ඩිජිටල් කැමරා, ක්‍ක්‍ඔඪ කැමරා නොතිබූ හෙයින් එම දර්ශන රූපගත කිරීමට නොහැකි විය. රජයේ මාධ්‍යය හැර වෙනත් කිසිම මාධ්‍යයකට කොටුවේ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලදී. එබැවින් මෙම සිද්ධියේ දර්ශන කිසිම මාධ්‍යයකින් ප‍්‍රසිද්ධියට පත් නොවීය. මෙහිදී මා සඳහන් කරන සිද්ධිය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැමරා කාචවල පමණක් සටහන්ව  තිබෙන්න ඇත.


එදවස මගේ නවාතැන වූයේ කොටුවේ තරුණ බෞද්ධ ශාලා ගොඩනැගිල්ලෙහි නේවාසිකාගාරයේ කාමරයකි. මා සමඟ එකට කාමරවල නැවතී සිටි අයවලූන් අතර නූතන ඛනිජ තෙල් ඇමැති හා ඔහුගේ පියාද රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධුරය දැරූ හුළුගල්ලේ මහතාගේ පියා ද පසුව මහාධිකරණ විනිසුරුවන් වූ නම්බුවසම් හා කීර්තිසිංහ මහතුන් දෙදෙනා ද වූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වීමට පෙර ගාමිණී නිමල් අමරතුංග මහතා ද අප සමඟ සිටියේය. මහනුවර දිසාපතිවරයෙකු වූ ඇම්. බී. වර්සකෝන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පති නිසාම් යන මහත්වරුන් ද තවත් පුද්ගලික අංශයේ  සේවය කරන අයවලූන් ද වූහ.


දහතුන්වැනි සංශෝධනය ගෙන ආ දිනයෙහි එවකට ක‍්‍රියාත්මක වූ මහජන ආරක්ෂක පනතේ විධිවිධානයන්ට අමතරව ඇඳිරි නීතිය ද පනවා තිබුණි. කොළඹ නගරයෙහි හදවත බඳු වූ කොටුවෙහි ජනාධිපති මන්දිරය, ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශය, ති‍්‍රවිධ හමුදා හා පොලිස් මූලස්ථානය, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය ආදී සියලූම මර්මස්ථාන  පිහිටුවා තිබුණි.  ප‍්‍රදේශයට ඇතුළු වීමට මෙන්ම පිටවීමටද කිසිවෙකුට අවස්ථාව නොදෙන ලදී. රජිව් ගාන්ධි ඉන්දීය අගමැතිතුමා දහතුන් වැනි සංශෝධනය අප වෙත බලෙන්  පැටෙව්වේ මේ එවැනි වාතාවරණයක් රටේ තිබියදීය. නාවුක හමුදා භටයෙකු රජීව් ගාන්ධිගේ හිසට රයිෆල් බඳෙන් ප‍්‍රහාරයක් එල්ල කළේ එහිදී පැවැති ආචාර පෙළපාළියේදීය. ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මෙහිදී ඇති විය. කටකතා රට පුරාම පැතිරෙන්නට විය. පේ‍්‍රමදාස අගමැතිතුමා මෙම ගිවිසුම ගැන දැනුවත්ව නොසිටි හෙයින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට කට කතා රට පුරාම ප‍්‍රචාරය විය. මා ආරක්ෂක අමාත්‍යාංශයේ මගේ කාමරය තුළම රැුඳී සිටියත් ඊට ඉදිරියෙන් වූ ජනාධිපති මන්දිරය තුළ යමක් සිදුවන්නේ දැයි දැන සිටියේ නැත. මා සිදු වූ සියල්ල දැන ගත්තේ සවස මගේ නවාතැනට ආ පසුවය.


දහතුන් වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට ඡුන්දය ලබා ගැනීමේ අරමුණින් මන්තී‍්‍රවරු තැනින් තැන රහසිගතව රඳවා තබා ගන්නා ලදී. ජනතා විමුක්ති පෙරමුණ මෙම සංශෝධනය සම්මත කරගැනීමට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්තී‍්‍රවරුන් මරා දමන බවට තර්ජනය කර තිබුණි. මෙම මන්තී‍්‍රවරුන් ආරක්ෂිතව ඔවුන් රඳවා සිටි තරුපහේ හෝටල්වල සිට පාර්ලිමේන්තුවට රැුගෙන යාමේ භාර¥ර මෙන්ම එදා පැවැති ජීවිත තර්ජනයද නොතකා ඉටුකිරීමේ වගකීම ආරක්ෂක ඇමැතිතුමා භාර කළේ මටය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් මෙන්ම ආරක්ෂක විධිවිධාන ද සපයා තිබුණි. පළමුවෙන්ම ළඟින්ම මන්ත‍්‍රීවරුන් රඳවා සිටියේ ටැප්‍රොබේන් හෝටලේය (ජී. ඕ.එච්* කාමරය  තිබූ තට්ටුවට ගොස් දොරේ සීනුව නාද කළෙමි. කිසිදු ශබ්දයක් නැත. සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඬය. මම හොඳින් දැන සිටි මන්ත‍්‍රීවරයෙකු ගේ නම හඬගා ඇමතීමි. මගේ කට හඬ  හඳුනාගත් ඒ මන්තී‍්‍රතුමාම දොර විවෘත කොට මට ඇතුළට එන ලෙස ඉල්ලීය. අනතුරක් නොවන බව හඳුනාගත් සමහර මන්තී‍්‍රවරුන් ඔවුන් සැඟවී සිටි ඇඳන් යට සිට එළියට ඇදුනහ. ආරක්ෂාව තහවුරු වූ පසුව සෑම දෙනාම පාහේ එළියට විත් මා සමග සුහදව කතා බස් කළෝය. එතැන මන්තී‍්‍රහූ දහ පහළොවක් පමණ වූහ. වෙනදා නම් මේ මන්ත‍්‍රීවරුන්ට නැවතීමට වෙන වෙනම වායු සමීකරණ කරන ලද කාමර මිසක මෙසේ එක පොදියට ගුළි වී නවාතැන් ගන්නේ නැත. මෙහිදී මුල් තැන ලැබුණේ පණ බේරා ගැනීමට මිසක සැප පහසුකම් බුක්ති විඳගැනීමට නොවේ. ඔවුන් නැවතී සිටි හෝටල්වලින් එළියට ගෙන යාමට නියමිතව තිබූ කුඩා බස්වල දමා පාර්ලිමේන්තුව වෙත යැවීමි. එම කාලය තුළ පාර්ලිමේන්තුවේ ද බෝම්බ පුපුරවා තිබුණි. බොහෝ මැති ඇමැතිවරු සංශෝධනය ගෙන ඒමට විරුද්ධව ඉල්ලා අස්වන බවට කටකතා පතුරුවා තිබුණත් එදා අස් වූයේ එවකට සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ ගාමිණී ජයසූරිය මහතා පමණය.


දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටට පළාත් සභා නම් නව පරිපාලන ව්‍යූහයක් හඳුන්වා දෙන ලද්දේ රජීව් ගාන්ධි රජයේ උවමනාව මතය. පළාත් සභා සඳහා පැවැති පළමුවන මැතිවරණයේදී තරග කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් විය. එදා ”පලා බබා” නමින් හැඳින් වූ මෙම මන්තී‍්‍රවරු සඳහා අපේක්ෂකයින් පොළඹවා ගැනීමට  ජයවර්ධන රජය ලබාදුන් විශේෂ වරප‍්‍රසාද වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ගෙවූ  වැටුපෙන් භාගයක් ද ජීප් රථයක් ද කාර්ය මණ්ඩලයක් ද ලබා දීම ආදියයි. පළමු පළාත් සභා ඡුන්දයට ඉදිරිපත් වන ලෙස මටද යෝජනා කළ නමුත් මා එය ප‍්‍රතික්ෂේප කළේ මම ලංකාවේ  පළාත් සභා ආණ්ඩු ක‍්‍රමයට අද මෙන්ම එදත් විරුද්ධ වූ බැවිනි. ඉන්දියාව වැනි විශාල රටකට  ගැළපෙන මෙම ක‍්‍රමය අප රට වැනි කුඩා රටකට කිසිසේත් නොගැළපෙන මහජනතාවගේ මුදල් කාබාසිනියා කර දමන, විනාශකාරී පරිපාලනය අර්බුදකාරී කරවන ක‍්‍රමයක් බව මගේ විශ්වාසයයි. ඉන්දියාවේ ප‍්‍රාන්ත අප රට මෙන් දෙගුණයකට වඩා විශාල වන අතර ඒවායේ ගමනාගමනය, සන්නිවේදනය, පරිපාලනය ආදියෙහි දුෂ්කරතාවන් ඇති බැවින් මෙවැනි බලය පැවරීමේ පාලන ක‍්‍රමයක් විශාල රටකට අවශ්‍ය වේ. පළාත්  සභා ක‍්‍රමයකට විරුද්ධ වූ දේශපාලන පක්ෂ ද අද පළාත් සභා නියෝජනය කරමින් සියලූම වරප‍්‍රසාද භූක්ති විඳියි. මෙම ක‍්‍රමය නිසා අප රටේ සිදුව ඇත්තේ මධ්‍යම රජයේ දේශපාලන නායකයින්ගේ ඥාති පරම්පරාවට පළාත් මට්ටමේ සිටම මුදල් හම්බ කිරීමට හා බලය ගොඩනගා ගැනීමට අවස්ථාව උදාකර දීමය.


මා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන කාල සීමාවෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය උග‍්‍ර සටන්කාමීන් සියයකින් පමණ සමන්විත වූහ. යාපනේ බැංකුවක් කොල්ල කෑමෙන් හා නගරාධිපතිව සිටි ඇල්ෆ‍්‍රඞ් දොරේ අප්පා ඝාතනය කිරීමෙන් ඔවුහූ ප‍්‍රචණ්ඩත්වය ආරම්භ කළහ. යම්කිසි කි‍්‍රයාවකට සම්බන්ධ යැයි තොරතුරු ලැබී එම සංවිධානයේ  කිසිවෙකු පොලිස් අත්අඩංගුවට පත් වුවහොත්  ඔහු නිදහස් කරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට දුරකථන මගින් කතා කළේ එවකට විපක්ෂ නායකව සිටි අප්පා පිල්ලේ අමිර්තලිංගම් හෝ ඔහුගේ භාර්යාවය. ඔවුන් මෙම ත‍්‍රස්තවාදීන් හැඳින්වූයේ අපේ ළමයි :ධමර ඊදහි* යනුවෙනි. එවකට යාපනය දිස්ති‍්‍රක්කයේ අවසාන සිංහල පොලිස් අධිකාරිවරයා වූ ඩබ්ලිව්. ඞී. රාජගුරු මහතා ආරක්ෂක මණ්ඩල රැුස්වීමට සහභාගි වූ පසුව මෙන්ම කොළඹට රාජකාරි සඳහා පැමිණි සෑම අවස්ථාවකම වේරපිටිය ඇමැතිතුමා පුද්ගලිකව හමුවීමට පැමිණියේය. එසේ හමුවන අවස්ථාවල උතුරේ පවතින තත්ත්වය හා බිම් මට්ටමින් පවත්නා ආරක්ෂක තත්ත්වයද ඒවා වැඩිවීමට පෙර මැඩපවත්වාලීමට පොලිසියට ඇති හැකියාව මෙන්ම ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනද ඇමැතිවරයා සමග අදහස් හුවමාරු කරගත්තේය. රාජගුරු මහතා මගේ කාමරයට ද පැමිණ තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ඉදිරිපත් කළ කරුණු  වෙත අමාත්‍යතුමාගේ අවධානය යොමුකරවන මෙන් ද ඉල්ලීය. 


මේ කාලය වන විට වවුනියා දිස්ති‍්‍රක්කය භාරව සිටි පොලිස් අධිකාරි එඞ්වඞ් හේරත් මහතා ඔහුගේ කාර්යාලයේදී ම බෝම්බයක් පුපුරවා මරා දැමීය. නමුත් ආරක්ෂක ඇමැතිවරයාට පවා ඔහුගේ රාජකාරිය ඔහු සිතූ පරිදි ඉටු කරන්නට නොහැකි වූයේ අද පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඇමැතිවරුන් පඹයන් බවට පත්කර ඇති බැවිනි. මෙම තත්ත්වය කවර රජයක් බලයට  පැමිණිය ද වලංගු බව අපි අත්දැකීම්වලින් අවබෝධ කර ගත්තෙමු. එදා අමිර්තලිංගම් කෙළින්ම කටයුතු කළේ ජනාධිපතිවරයා සමගය. පසුව ආරක්ෂක ඇමැති පදවියට පත්වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ද මෙම තත්ත්වයට මුහුණ දුන්නේය. මගේ මතකයේ හැටියට එදා දේශපාලන පක්ෂයක නායකයා වූ විජය කුමාරතුංග මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග, ඔසී අබේගුණසේකර ඇතුළු පිරිසක් උතුරට ගොස් ප‍්‍රභාකරන් හමුව සාකච්ඡුා කර බෙදුම් වාදයට විසඳුමක් සෙවීමට සූදානම් වූහ. එල්.ටී.ටී.ඊ. යද එවැනි සාකච්ඡුාවකට එකඟත්වය පළකර සිංහල කණ්ඩායමකට ආරාධනා කළෝය. ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාත් එවැනි සාකච්ඡුාවකට යාමට පූර්ණ අනුග‍්‍රහය ලබා දුන්නත් එයට ඉහළම තලයේ අනුමැතිය මුලදී නොලද හෙයින් සාකච්ඡුාවකට සහභාගි වීම සඳහා උතුරට යාම පමා විය. කෙසේ වෙතත් බෙදුම්වාදයේ බීජය දලූ දමා ලියලා මහා වෘක්ෂයක්ව පසුව බෙදුම්වාදීන් සමග නොයෙක් ආකාරයේ සාම සාකච්ඡුා  විවිධ රටවල විවිධ පුද්ගලයන් සහභාගි කරවාගෙන සිදුකිරීමට ජයවර්ධන රජයට සිදුවිය. ඒ වන විට බෙදුම්වාදී සංකල්පය මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයටද ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමකටද  ලක්ව තිබුණි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සොයුරු රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුා වට කීපයක් පවත්වන ලදී. සර්වපාක්ෂික සාකච්ඡුා, තිම්පු සාකච්ඡුා, තායිලන්ත, නෝර්වේ, ජපන් ආදී රටවල පැවැති සාකච්ඡුා ද  විශාල වශයෙන් මහජන මුදල් හා කාලය නාස්ති කිරීම මෙන්ම නිෂ්ඵල ද විය.

 

එදා අමිර්තලිංගම් කෙළින්ම කටයුතු කළේ ජනාධිපතිවරයා සමගය. පසුව ආරක්ෂක ඇමැති පදවියට පත්වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ද මෙම තත්ත්වයට මුහුණ දුන්නේය. මගේ මතකයේ හැටියට එදා දේශපාලන පක්ෂයක නායකයා වූ විජය කුමාරතුංග මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග, ඔසී අබේගුණසේකර ඇතුළු පිරිසක් උතුරට ගොස් ප‍්‍රභාකරන් හමුව සාකච්ඡුා කර බෙදුම් වාදයට විසඳුමක් සෙවීමට සූදානම් වූහ. එල්.ටී.ටී.ඊ. යද එවැනි සාකච්ඡුාවකට එකඟත්වය පළකර සිංහල කණ්ඩායමකට ආරාධනා කළෝය.

මේ සියල්ල මෙසේ සිදුවන අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි ආයුධ මිලයට ගෙන රැුස් කිිරීමෙන් ඔවුන්ගේ කණ්ඩායමට පිටරට අවි පුහුණුව ලබා දීමෙන්  සන්නද්ධ මරාගෙන මැරෙන සටන්කාමීන් පුහුණු කිරීමෙන් මුදල් රැුස් කිරීමෙන් ආදී විවිධ කි‍්‍රයා මාර්ග ගැනීමෙන් ඔවුන්ගේ බෙදුම්වාදී මතවාදය ජාත්‍යන්තරයට ද ව්‍යාප්ත කළෝය. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපේ රටට විරුද්ධව නැගී සිටීමට තරම් විදේශ ජාතීන් හැඟීමෙන් හා දැනීමෙන් සන්නද්ධ කළේ ද අප රටේ දේශපාලන තලයේ උසස් නිලතල හෙබ වූ සහ හොබවන බලලෝභී දේශපාලන නායකයින්ම මිස ඔවුන් විටින් විට බලයට පත් කරවන ඡුන්ද දායකයින් නොවේ. 


ආරම්භක අවස්ථාවලදී බෙදුම්වාදී ත‍්‍රස්තයිනට විරුද්ධව ති‍්‍රවිධ හමුදාව, පොලිසිය  ඇතුළු ආරක්ෂක අංශ ත‍්‍රස්ත ක‍්‍රියා මැඩලීමට කි‍්‍රයා කළ සෑම අවස්ථාවකදීම එම කි‍්‍රයාදාමයන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට  ගතුකීවෝ අපේ රටේ දේශපාලන නායකයින්මය. ජිනීවා හිදී පැවැති එක් සාකච්ඡුාවකදී ඇන්ටන් බාලසිංහම් මෙසේ කීවේය.  ”කරුණාකර මා පාවිච්චි කරන වචනවලට අවධානය යොමු කරන්න. අපි විප්ලවවාදීන් කණ්ඩායමක්. ඔබේ රාජ්‍යයේ බලය අපට බලපාන්නේ නෑ.” මෙම සාකච්ඡුාවලදී මගේ හදවත වඩාත් සසල කළ සිද්ධිය වූයේ සාකච්ඡුා මේසයේ වාඩි වූ ලංකා රජයේ නියෝජිතයින් වාඩි වූයේ ඊළාම් ධජය ඔසවා තිබූ වට මේසයකය. මෙහිදී ශ්‍රී ලංකා රජයේ කොඩිය නොවීය. මෙවැනි උද්දච්ඡු බෙදුම්වාදී මිනීමරුවන් පැරද වූ අපේ හමුදාවන්ට විරුද්ධව ජීනිවා මානව හිමිකම් කොමිසමට උදව් දෙන්නවුන්ට ජාතිදෝහීන්ට පමුණුවන දඬුවම් පැමිණවිය යුතුය..

එස්. බී. කරලියද්ද