ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ  දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1936 මාර්තු මාසයේදී පැවැත්වුණි. ලංකාව ඡන්ද කොට්ඨාස 50කට බෙදා පැවැති අතර ඒ සඳහා සර්වජන ඡන්ද බලය යටතේ මන්ත්‍රීන් තෝරා ගැනීම සිදුවිය. මෙම මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 07 දෙනෙක් නිතරඟයෙන් පත්වූ අතර හිටපු මන්ත්‍රීවරු 18 දෙනෙක් පරාජයට පත්වූහ. නිතරඟයෙන් පත්වූ හයදෙනා නම්.


1. ඩී. එස්. සේනානායක - මිනුවන්ගොඩ
2. සර් ඩී. බී. ජයතිලක - කැලණිය
3. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක - වේයන්ගොඩ
4. ඩබ්ලිව්. දොරේසාමි - කයිට්ස්
5. ජේ. එල්. කොතලාවල - කුරුණෑගල
6. ජී. සී. එස්. කොරයා - හලාවත
7. එච්. ආර්. ප්‍රීමන් - අනුරාධපුර


දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසුව අතුරුමැතිවරණ 24ක් පවත්වා ඇත. මෙසේ වීමට එක හේතුවක් වූයේ 1941දී කාලය අවසන් විය යුතු වූ නමුත් දෙවැනි ලෝක යුද්ධය නිසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලකාලය 1947 ජූලි දක්වා දීර්ඝ කිරීමයි.


1936 දී උතුරු කොළඹ ආසනය සඳහා ඉදිරිපත්වූ නේසම් සරවන මුත්තු මහත්මිය වැඩි ඡන්ද 4943කින් ජයගෙන තිබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ප්‍රථම සහ එකම ද්‍රවිඩ මන්ත්‍රීවරිය වූයේ ඇයය. පක්‍ෂ දේශපාලනයක් නොවූ බැවින් පුද්ගලයන් තනි තනිව තරග කලත් යටින් විවිධ බලවේග ක්‍රියාත්මක විය.


නේසම් සරවන මුත්තු - ඡන්ද-9752
ජෝශප් ද සිල්වා - 4809
ඇස්. සී. පෝල්- 2858
ඇස්. ඇෆ්. ආර්. රුද්‍රිගෝ - 2424
වැඩි ඡන්ද - 4943


නේසම් සරවන මුත්තු මහත්මිය 1941 දී මියගිය අතර ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්විණි. දේශපාලන වශයෙන් එදා ජනප්‍රියව පැවැති ලංකා ජාතික සංගමයේත් කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේත් බලය උරගා බැලීමේ සටනක් වූ මේ සඳහා ජාතික සංගමයේ අපේක්‍ෂකයා ලෙස ඒ වනවිට කොළඹ නගරාධිපති වූ දොස්තර සරවන මුත්තු මහතා ඉදිරිපත් කෙරිනි. කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා තම මස්සිනා වන එම්. ජේ. ද සිල්වා මහතා තරගයට ඉදිරිපත් කළේය. එදා දේශපාලන පොර පිටියේ ප්‍රබලයන් වූ ඩී. එස්. සේනානායක, සර්ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ඩඞ්ලි සේනානායක වැන්නවුන් දොස්තර සරවනමුත්තු මහතා වෙනුවෙන් සහයෝගය දැක්වූ නමුත් ජයගනු ලැබුවේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මස්සිනා වූ ඇම්. ජේ. ද සිල්වා මහතාය. ජයග්‍රහණය සමගම ඊට විරුද්ධ තවත් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. ඇම්. ජේ. ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මැතිවරණ දූෂණවල යෙදුණු බවට ඉන් චෝදනා කෙරිණි. 1941 දෙසැම්බර් 22 වැනි දින මැතිවරණ පෙත්සම පිළිබඳ තීන්දුවක් ලබා දුන් ඇම්. ටී. අක්බාර් විනිශ්චයකාරතුමා ජයග්‍රාහී අපේක්‍ෂක ඇම්. ජේ. ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මැතිවරණ දූෂණවල යෙදී ඇති බව ඔප්පු වන බැවින් උතුරු කොළඹ මන්ත්‍රී ධුරය අහිමි කරන ලදි.

තම මස්සිනාට උතුරු කොළඹ ආසනය දිනවා දීමට තැත් කිරීමට ගොස් තාවකාලිකව තමාගේ දේශපාලන කටයුතු ද අත්හිටුවා ගැන්මට ඔහුට සිදුවිය. උතුරු කොළඹ වෙනුවෙන් ඊළඟ අතුරු මැතිවරණය පවත්වන විට දෙවන ලෝක සංග්‍රාමය ද ආරම්භ වී පැවැති බැවින් යුද බිය කොළඹට ද දැනී තිබුණි. ඒ නිසා කොළඹ ජනතාව පිට ප්‍රදේශවලට සංක්‍රමණය වීමද සිදුවිය. එවක කොළඹ උපනගරාධිපති වූ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා ජාතික සංගමයෙන් ද නන්දාවතී ද සිල්වා මහත්මිය කම්කරු පක්‍ෂයෙන් ද ඉදිරිපත් වූ අතර මුළු ඡන්ද 1908 ක් ලැබූ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා ඉන් ජයග්‍රහණය කළේය.


දූෂණ කටයුතුවල යෙදීමට ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයකු ලෙස ඒ. ඊ. ගුණසිංහ මහතා වැරදිකරුවකු කරනු ලැබූවෙන් මැදකොළඹ වැඩි ඡන්ද 2934 ජයගෙන තිබූ මන්ත්‍රී ධුරය ඒ. ඊ. ගුණසිංහ මහතාට අහිමි විය. 


ඒ. ඊ. ගුණසිංහ - ඡන්ද 16,011
ටී. බී. ජයා -13,077
වැඩි ඡන්ද - 2934


මන්ත්‍රී ධුරය අහිමි වූවා පමණක් නොව අවුරුදු 07කට සිවිල් අයිතිවාසිකම් ද ඒ. ඊ. ගුණසිංහ මහතාට අහිමි විය.


මෙසේ තම මස්සිනාට උතුරු කොළඹ ආසනය දිනවා දීමට තැත් කිරීමට ගොස් තාවකාලිකව තමාගේ දේශපාලන කටයුතු ද අත්හිටුවා ගැන්මට ඔහුට සිදුවිය. උතුරු කොළඹ වෙනුවෙන් ඊළඟ අතුරු මැතිවරණය පවත්වන විට දෙවන ලෝක සංග්‍රාමය ද ආරම්භ වී පැවැති බැවින් යුද බිය කොළඹට ද දැනී තිබුණි. ඒ නිසා කොළඹ ජනතාව පිට ප්‍රදේශවලට සංක්‍රමණය වීමද සිදුවිය. එවක කොළඹ උපනගරාධිපති වූ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා ජාතික සංගමයෙන් ද නන්දාවතී ද සිල්වා මහත්මිය කම්කරු පක්‍ෂයෙන් ද ඉදිරිපත් වූ අතර මුළු ඡන්ද 1908 ක් ලැබූ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා ඉන් ජයග්‍රහණය කළේය.


මෙසේ එක ඡන්ද පෙත්සමකින් ආසන 2ක මන්ත්‍රීවරුන් දෙදෙකුගේ මන්ත්‍රී ධුර අහිමිවූ එකම අවස්ථාව මෙය විය.

 

 

 

 

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ