ජූලියා අල්වාරෙස් (Julia Alrarez) නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින්In time of Butterfies  කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


තිස් වැනි කොටස

 


අප නායකයාගේ මන්දිරයේ සාදයෙන් සමුගැනීමකින් තොරව පැමිණි බැවින් මගේ පියා නායකයාගේ උදහසට ලක්ව තිබිණි. මෙය අපගේ පවුලම බියෙන් ඇළලී ගිය සිදුවීමකි. අවසානයේ නිවසට පැමිණි හමුදා සෙබළුන් දෙදෙනකු දක්වා සිටියේ මාත් පියාත් වහාම ආණ්ඩුකාරවරයා බැහැ දැකිය යුතු බවයි.


ආණ්ඩුකාරවරයාගේ මාලිගයේ දී අපට එක එල්ලේම ඩොන් ඇන්ටෝකියෝ ඩිලා මාසා මුණ ගැසීමට හැකිවිය. කනගාටුවට පත් මුහුණින් යුතුව බලා සිටි ඔහු උස් කඩවසම් හාදයෙකි. තාත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අගනුවරට යැවීමට ඔහුට නියෝග ලැබී තිබුණි. මම ඒ දේ මෙහෙන්ම විසඳන්නයි උත්සාහ කෙරුවෙ නමුත් නියෝග ඇවිත් තියෙන්නෙ ඉහළින්මයි. 


තාත්තා නොවැටහුණ අයුරින් හිස සැලුවේය. ඔහු මෙපමණ බියට පත්ව සිටිනු මා කිසිවිට දැක නොතිබුණි. අපි විදුලි පණිඩයක් යැවුවා. ඔහු යනවා නම් මාත් යනවා. අම්මා නැවතත් ඇගේ ආධිපත්‍යය පෙන්වමින් සිටියාය. අවසානයේ ඇයට අප හා පැමිණීමට ඉඩදීමට සෙබළුන් දෙදෙනාට සිදුව තිබුණි. ඈ ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපසට වී සිටියාය. 


ඩොන් ඇන්ටෝකියෝ අම්මාගේ අතකින් ගෙන ඈ ඉවතට කළේය. අපි දිගටම නියෝග අනුව කටයුතු කළොත් යහපත් වෙයි. එහෙම නේද ඩොන් එරිකේ? 


තාත්තා ඕනෑම දෙයකට එකඟ වන බව පෙනිණි. ඔව්, ඔව්. ඇත්ත වශයෙන්ම. ඔබ මෙහි නතර වෙලා හැම දෙයක්ම බලා ගැනීම සුදුසුයි. ඔහු ඉකිබිඳිමින් සිටි අම්මා වැලඳ ගනිමින් කීවේය. ඈ වසර ගණනාවක් පුරා පසුපසට වී හිඳීම අවසානයේ නතර කළ බව පෙනිණ. 


මම පියා සිප ගතිමි. අපගේ සම්බන්ධයෙන් පසුව වැලඳ ගැනීමේ පුරුද්ද නැතිවී ගොස් තිබිණි. ඔයාගෙ අම්මා හොඳින් බලා ගන්න. ඔයාට තේරුණා නේද? ඔහු එසේ කොඳුරන අතරතුර තවත් යමක් එයට එක්කාසු කළේය. 
ඔබ සැන්ෆ්‍රැන්ස්කෝ ඉන්න ගනුදෙනුකාරයකුට මුදල් යැවීම කළ යුතුයි. ඔහු බලාපොරොත්තු සහගතව මදෙස බැලුවේය. 


මාසය මැදයි අගයි පෙසෝ පනහ බැගින්. මා නැවත එනතුරු. ඔහු අදහස් කරන ලද්දේ ඔහුගේ දරුවන් සහ දෙවැනි බිරිය බව මම දැන සිටියෙමි. 


ඔබට හිතන්නත් කලින් ආපහු එන්න ලැබේවි. ඩොන් එන්රිකේ...... යි ආණ්ඩුකාරයා තහවුරු කළේය. තාත්තාගේ මුදල් යැවීමේ කාරණය පිළිබඳව අම්මා තුළ සැකයක් ඇතිවී දැයි මම බැලුවෙමි. නමුත් දුක්බරව සිටි ඈ එයට අවධානය යොමු නොකළාය. 


අන්තිම දෙය” යි තාත්තා  ආණ්ඩුකාරවරයාගෙන් ඇසුවේය. ඇයි ඔබ මගෙ දුවත් කැඳෙව්වේ? 


කනගාටු වෙන්න දෙයක් නැහැ. ඩොන් එන්රිකෝ මට උවමනා ඇය එක්ක සුළු කතා බහක් කරන්න විතරයි. එහෙම නම් මට ඔබ ගැන විශ්වාසයෙන් ඇය භාරකළ හැකිද? තාත්තා විමසුවේ ආණ්ඩුකාරවරයාගේ ඇස් දෙස එක එල්ලේ බලමිනි. මිනිසෙකුගේ වචන වචනය විය යුතුය.


නිසැකවම මා වගකීම ගන්නවා ඩොන් ඇන්ටෝකියෝ සෙබළුන් දෙස බලා හිස සැලීය. සාකච්ඡාව එතැනින් හමාරය. තාත්තා කාමරයෙන් ඉවතට ගෙන යනු ලැබිණ. ඔවුන් පිටත වර්ෂාවේ හඩ තුළ ගිලී යාමට පෙරාතුව කොරිඩෝවේ ඇදෙන ඔවුනගේ පියවර හඬට අපි කන්දී සිටියෙමු. වැස්ස තව දුරටත් ඇද හැලෙමින් තිබුණි. 


අම්මා ඩොන් ඇන්ටෝනියෝ දෙස බලා සිටියේ තම සැමියාට තර්ජනය කිරීමට පැමිණියහොත් පහරදීමට සූදානමින් සිටි සතෙකු දෙස බලන අයුරිනි. ආණ්ඩුකාරවරයා ඔහුගේ මේසයේ කෙළවරක වාඩිවී මදෙස මිත්‍රශීලී බැල්මක් යොමු  කළේය. අවසාන සාද කිහිපයේදීම අප හමුවී තිබිණි. 


සිඤ්ඤොරීතා මිනර්වා යි ඔහු කතාව ඇරඹුවේ අම්මාටත් මටත් පුටු දෙකක් දක්වමිනි. මම විශ්වාස කරන හැටියට ඔබේ පියාට උදවු කළ හැකි  මගක් ඔබට තියෙනවා. 


“දීස්ග්‍රේෂියාදෝ !” (අවමන් සහගතයි) අම්මාගේ මුවින් පිටවුණි. මෙවැනි වචන ඇගේ මුවින් පිටවනු මා ඉන් පෙර අසා නොතිබුණි. 


ඔහු ගෞරවනීය තැනැත්තෙක් වශයෙන් තමා හඳුන්වා ගන්නවා. 


මම ඇය සංසුන් කිරීමට වෑයම් කළෙමි. නමුත් මෙම නිර්භීතකම ඈ තුළින් දැකීමට මා කැමතිය.


අපි මහ වැස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය වටා සැරිසැරුවේ තාත්තා නිදහස් කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කිරීමට අගනුවර යාමට පෙරාතුව අන්තිම මොහොතේ කළ යුතු නොයෙක් දෑ වෙනුවෙන්ය. තාත්තාට උවමනා බෙහෙත් ගැනීම සඳහා අම්මා ඔසුසලට හැරවූ මම බැරියෝ වෙත පිටත්වීමි. 


නමුත් සුදු පාටින් තීරු යෙදු මරකත කොළ නිවස පුරුදු තැන නොවීය. මා වටේට කරකැවෙමින් බලාපොරොත්තු සුන්ව සිටියදී ඒ පවුලේ වැඩිමහල් දියණිය පාම් කොළයක් ඉහළාගෙන  පාරේ මඩ කඩිති අතරින් පනිමින් යන අන්දම මගේ නෙත ගැටුණි. 


ඈ තෙත බරිත වූ වැරැහැලි ඇඳුමකින් සිටිනු දැක මගේ හදවත බිඳී යනු දැනිණ. දුප්පත් කෙල්ලන්ගේ පසුම්බිය වූ ගැටගැසූ රෙදි කැබැල්ලක් අතින් ගෙන ඈ යම් කිසිවක් ගෙන ඒමට යමින් සිටියා විය යුතුය. මා නළාව තද කරන විට ඈ නතර වූයේ බියපත් වෙමිනි. සමහර විට මා පියාගේ රියේ නැගී නළාව නාද කරමින් ඔවුන්ගේ ගෙවත්ත පොඩි කරමින් ඇති කළ කලබැගැනිය ඇයට සිහිපත් වන්නට ඇත.


 මම ඇය රියට කැඳවීමි, මම ඔයාගෙ අම්මා සොයන්න වෑයම් කරමින් සිටියා. ඈ රියට නැගුණ විට මම කීවෙමි. ඈ මදෙස නෙත් අයා සිටියේ පැය කිහිපයකට පෙරාතුව තාත්තා බියපත්ව බලා සිටි අයුරිනි. 


‘කොයි පැත්තට ද?’ මා විමසුවේ රිය හරවමිනි. 


‘මේ පැත්තට යි’ ඈ අතින් දැක්වූවාය. 


‘දකුණටද?’ 


ඈ මා දෙස බලා සිටියේ අවබෝධ කරගත නොහැකි වු අයුරිනි. එසේ නම් ඈ දිශාවන් දැන සිටියේ නැත. ඇයට අකුරු කියවීමට හැකිදැයි මම කල්පනා කළෙමි. ඔයාගෙ නමේ අකුරු දන්නවද මාගරීතා? යි මම ඇසුවෙමි. ඈ දෙවුර හැකිළුවාය. 


ආපසු පැමිණි විගස මෙම දැරියන් පාසල් යැවීම සඳහා කටයුතු සූදානම් කළ යුතු බව මම තීරණය කළෙමි. 


වංගු කිහිපයකින් හැරීමෙන් පසුව අපි කුඩා මරකත කොළ නිවස ඉදිරිපිට සිටියෙමු. මව ඉස්තෝප්පුවට දිව ආවේ ඇතුළට කඩා වදින වැස්සෙන් ගැලවීමට මෙන් කොළරය තද කරගෙන. ඩොන් එන්රිකේ හොඳින් නේද?

තමා තවදුරටත් මෙම ගැහැනිය හා සබඳකම් නොපවත්වන බවට පියා පැවසුවේ සත්‍යයක්දැයි යන සැකය මා තුළට ඇතුළු විය. ඇගේ දෑසෙහි වූ සෙනෙහස හුදු මතකයක් පමණක් නොවීය. 


ඔහු හදිසි ව්‍යාපාරික වැඩකට ගියා. මා ඇයට පැවසුවේ අදහස් කළාට වැඩි සැඩ ස්වරයෙනි. 


අනතුරුව මෘදු වෙන්නට සිතූ මම ලියුම් කවරය ඈ අත තැබුවෙමි. මම ඔබේ මාසෙ වියදම ගෙනාවා. 


අපි ගැන හිතන්න තරමට ඔබ කාරුණිකයි. මට ඔබෙන් යම් දෙයක් ගැන කැමැත්ත උවමනා කරනවා. මේ මොහොතේ මා පැවසුවේ නොසිතූ දෙයකි. 


ඈ යටිතොල සපා ගත්තේ මා කියන්නට යන දෙය දැනගත් අයුරිනි. ඇගේ දියණිය හිස ඔසවා බැලුවේ කුතුහලයෙනි. ඇයට හුරු පුරුදු මවගේ සැඬපරුෂ හඬ වන්නට ඇත. 


මේ ළමයි ඉස්කෝලෙ යවන්නෙ නැද්ද?. ඈ හිස සැලුවාය මම ඊළඟ වතාවෙ ආවම මෙයාල යවන්න සූදානම් කරන්නම්.


ඇගේ වතෙහි සැනසුම් සහගත බවක් ඇඳුණි. මං වගේම ඔබත් දන්නවා ඇති පාසල් නොගියොත් ගැහැනුන් වන අපිට වැඩිපුර තෝරා ගන්න දේවල් නොලැබෙන බව. 


ඔබ නිවැරදියි. සිඤ්ඤොරීතා. මා දිහා බලන්න. මට කවදාවත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඈ ඇගේ හිස් දෑත පෑවාය. අනතුරුව තම වැඩිමහල් දියණිය දෙස බලා මෙසේ කීවාය. “මගේ කෙල්ලන්ට වඩා හොඳ අවස්ථාවක්  ලැබෙනවා නම් මම කැමතියි.” 


මම ඇගේ අත අල්ලා ගතිමි. අනතුරුව හය මසක් පුරා තාත්තාට නුදුන් වැලඳ ගැනීම ඇයට ලබා දුනිමි.

 

 

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර