පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනව නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දිත් තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරල තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෑ ඕන දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීප දෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා.
බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුණා. මේ පරික්ෂණවලින් අවසානයේ හෙළිදරවු කර ගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා අජිත් කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා.
අජිත් කුමාර ගැන පරික්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. මේ සෝදිසි කිරීම්වලට මමත් ලක්වුණා. ඒකට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේදී අජිත් කුමාර මාත් එක්ක එකට ඉගෙන ගත්තා. අපි දෙන්නා කාලයක් කැලණිය කැම්පස් එකේ හොස්ටල් එකේ එකට හිටියා.
මේ ගැන ලැබුණු තොරතුරුවලට අනුව තමයි මගෙන් ප්‍රශ්න කිරීම් කළේ. මම අජිත් කුමාර ගැන දන්න තොරතුරු සී.අයි.ඩී. එකට කිව්වා. ඒත් විශ්වවිද්‍යාලයෙන් “අවුට් වුණා” ට පස්සේ මම අජිත් කුමාර ගැන කිසිම තොරතුරක් දැනගෙන හිටියේ නෑ. විශ්වවිද්‍යාලයෙදිත් අජිත් ජවිපෙ දේශපාලන වැඩ කළා. පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳල අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා.
මේ භීෂණකාරි තත්ත්වය තුළ වුණත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ.
තව කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරකයා තිස්සගේ “හොස්ටල්” එකේ