IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


ඡන්ද නිලධාරීන් මරා දැමූ දෙවැනි ජනපතිවරණයෙන්

 

ලංකා මැතිවරණ ඉතිහාසයේ භීෂණය මැද පැවැති මැතිවරණයක් ලෙස 1988 ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ තැනැත්තෙක් නැවත වරක් තෝරාපත්කර ගැන්මට සුදුස්සකු නොවන්නේ යැයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති නිසා ජේ. ආර්. ජයවර්ධන මහතාට මෙම මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බැවින් එ.ජා. පක්‍ෂයෙන් ඒ සඳහා ආර්. ප්‍රේමදාස මහතා තෝරා ඉදිරිපත් කරන ලදී. 


1983 දී දෙමළ ජනතාවට එරෙහිව නැගී ආ ජාතිවාදී ගිනිදැල් නිසා විශාල මිනිස් ජීවිත හා දේපල විනාශ වී ගොස් තිබූ අතර එම ගින්න ඇවිලවී යැයි ජනතා විමුක්ති පෙරමුණත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයත් නව සම සමාජ පක්‍ෂයත් රජය විසින් තහනමට ලක් කළේය. 1987 ජේ. ආර්. - රජිව් ගිවිසුමට විරෝධය පෑ මෙරට ජනතාව නිසා ද විශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් ඇති විය. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ “දේශප්‍රේමී ජනතා සන්නද්ධ බළකාය” බිහිවී ඒ තුළින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානය ඇතිවෙමින් එක් තුණ්ඩු කැබැල්ලකින් ශෝක දින පැවැත්වීමටත් කාර්යාල, ව්‍යාපාරික ස්ථාන වසා දැමීමටත් කඩ සාප්පු ප්‍රවාහන අංශ අඩපණ කරන්නටත් කටයුතු කළ අතර තමන් අනුමත නොකරන දේශපාලන කටයුතුවල නිරත වූවන් මරා දැමීමත් සිදුවිය. එසේ මරා දමනු ලැබූවන්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවා දක්වා නියෝග පැනවූහ. මේ තත්ත්වයට මුහුණ දීමට රජය සන්නද්ධ හමුදා යොදවා කටයුතු කරද්දී ඊට අමතරව ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු ආදී විවිධ සංවිධාන තුළින් මිනිස් ඝාතන රට පුරා සිදුවිය. 


1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී. මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දී ඒ අනුව ඇතැම් ස්ථානවල පුද්ගලයින් මරා දැමීම ද සිදුවිය. නිල ඡන්ද පත්‍රිකා බෙදීම අඩපණ කළ අතර ජවිපෙ ක්‍රියාධරයන් නිවෙස්වලට පැන හැඳුනුම්පත් කොල්ලකෑම ද සිදුවිය. මෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වෙද්දී 1988 නොවැම්බර් 10 වැනිදා ජනාධිපතිවරණයට පහත සඳහන් තිදෙනා නාමයෝජනා භාර දුන්හ. 


1. ආර්. ප්‍රේමදාස මහතා - එ.ජා.ප. 
2. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය - ශ්‍රීලනිප
3. ඔසී අබේගුණසේකර මහතා - ශ්‍රීලමප 


නාමයෝජනා භාර ගත්ත ද දිස්ත්‍රික්ක ගණනාවක සිවිල් පරිපාලනය අඩපණ විය. කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධාන විය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ භීෂණය ජනාධිපතිවරණය ආරම්භ වෙත්ම වෙනත් දාමරික හා නිලලත් මැරවර කණ්ඩායම් ජ.වි.පෙ. නමින් ක්‍රියාත්මක වීම ද දක්නට විය. මෙම භීෂණය වැඩි වශයෙන් එල්ල වූයේ ශ්‍රී.ල.නි. පාක්‍ෂිකයන් වෙතය. මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් ජනතා විමුක්ති පෙමුණේත්, වෙනත් කණ්ඩායම්වලත් භීෂණය නිසා පැවැත්වූයේ නැත. දිස්ත්‍රික් 13ක ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එකම පත්‍රිකාවක්වත් නොමැතිව ආපසු එවා තිබූ බවත්, ඉන් 79 ක්ම මාතර දිස්ත්‍රික්කයේ බවත් මැතිවරණ කොමසාරිස් වාර්තාකර තිබිණ. එතුමාගේ වාර්තාවට අනුව ඡන්ද මධ්‍යස්ථාන 50 වැඩි ස්ථානවල බෝම්බ පිපිරී තිබිණ. අනාරක්‍ෂිත භාවය නිසා ඡන්ද නිලධාරීන් වෙනත් ස්ථානවල නතර කිරීම්, ඡන්ද විමසීම ප්‍රමාදවීම්, ඡන්ද මධ්‍යස්ථාන වෙනත් තැන්වලට ගෙනයාම්, ගස් කපා පෙරලා දමා මාර්ග අවහිර කිරීම්, විදුලි කනු සහ දුරකථන කනු පාර හරහා පෙරලා දැමීම්, වෙඩි තැබීම් හා බෝම්බ පිපිරීම් ආදිය සිය ගණන් සෑම දිස්ත්‍රික්කයකම මෙන් සිදුවිය. 


ශ්‍රී ලංකාවේ මැතිවරණයක දී තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා මැතිවරණ නිලධාරීන්ට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සිදුවූ එකම මැතිවරණය මෙය විය. මොනරාගල දිස්ත්‍රික්කයට කොළඹින් යවන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ සහකාර රබර් පාලක එස්. එස්. අබේසුන්දර මහතා තමාට නියමිත බල ප්‍රදේශයේ එක් ඡන්ද පොළක නිලධාරීන් නොමැති බව දැන ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලෙස කටයුතු කිරීම සඳහා ආරක්‍ෂක නිලධාරීන් ද සමග බුදුරුවගල මාර්ගයේ ඡන්ද පොළට යමින් සිටිය දී වෙඩි වැදීමෙන් ඔහු මියගිය අතර අනෙක් අය තුවාල ලැබූහ. බදුල්ලේ කච්චේරියට ඡන්ද පෙට්ටි රැගෙන යමින් සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයකු වූ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලුණුගල ප්‍රාදේශීය නිලධාරී ඇම්. ඒ. ගුණවර්ධන මහතා සහ රියැදුරු ජී. ජයරත්න මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියහ.


මේ ආකාරයෙන් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතරම් භීෂණයට ලක්වූ ඡන්ද විමසීමක් මෙතෙක් පවත්වා නැත. 1947 න් පසු මැතිවරණ ඉතිහාසයේ මැතිවරණයක දී දෙන ලද ඡන්ද ප්‍රතිශතය අඩුම මැතිවරණය 1988 මෙම ජනාධිපතිවරණය විය. එය 55.32% ක තරම් අඩු මට්ටමකට පත් වූයේ ඉහත සඳහන් කළ භීෂණය නිසාමය. නමුත් ආර්. ප්‍රේමදාස මහතාට දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා වැඩි ඡන්ද 279,331 ලබා ගැනීමට සමත්වීමෙන් මැතිවරණ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ කොමසාරිස් විසින් ඔහු නම් කළේය. 
දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය යන දිස්ත්‍රික්ක 06 ආර්. ප්‍රේමදාස මහතා පරාජය වී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජයගත් අතර ඉතිරි දිස්ත්‍රික්ක 16 ම ආර්. ප්‍රේමදාස මහතා ජයගෙන තිබිණි. කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනෙහි ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ලබාගත් ඡන්ද එකතු කළහොත් ආර්. ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි වේ. යාපනය දිස්ත්‍රික්කය එ.ජා.පක්‍ෂය ලබා ගත් ඡන්ද 33,650 ට වඩා ශ්‍රී.ල.නි.ප. යේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඡන්ද 44,197 ලබාගැනීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ 1970 - 77 එතුමියගේ පාලන කාලයේ යාපනය කෘෂි ආර්ථිකය දියුණුවට පත්ව එම ප්‍රදේශයේ ගොවීන්ගේ අතමිට සරුවීම විය හැකිය. 


කෙසේ නමුත් 1989 දෙසැම්බර් 19 දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් වලංගුභාවයට අභියෝග කරමින් 1989 ජනවාරි 09 දින ශ්‍රී.ල.නි. පක්‍ෂයේ අපේක්‍ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරානායක මැතිනිය ඡන්ද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහි පළමු වගඋත්තරකරු ලෙස ආර්. ප්‍රේමදාස මහතා නම්කර තිබූ අතර දෙවන වගඋත්තරකරු ලෙස මැතිවරණ කොමසාරිස් ඡන්දානන්ද ද සිල්වා නම්කොට තිබුණි. වගඋත්තරකරුවන් දෙදෙනා මෙම පෙත්සමට මූලික විරෝධතා ඉදිරිපත් කළත් 1989 මැයි 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. 


පෙත්සම් විභාගයේ දී බණ්ඩාරනායක මැතිණිය වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 546 සාක්කි ලබාදුන් අතර පළමු වගඋත්තරකාර ආර්. ප්‍රේමදාස මහතා සාක්‍ෂිකරුවන් 399ක් ද දෙවැනි වගඋත්තරකාර මැතිවරණ කොමසාරිස්වරයා සාක්‍ෂිකරුවන් 32 ක් ද ඉදිරිපත් කරන ලදී. නමුත් වසර 02 මාස 08 දින 22 තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව 1991 ඔක්තෝබර් 01 ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරමින් ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නීත්‍යානුකූල බව ප්‍රකාශ විය.

 

බණ්ඩාරගම 
සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 

 



අදහස් (0)

ඡන්ද නිලධාරීන් මරා දැමූ දෙවැනි ජනපතිවරණයෙන්

ඔබේ අදහස් එවන්න

 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12437 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6914 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14622 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15071 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2890 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 481 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site