තම සැමියාට රහසේ නිවෙසින් බැහැරට ගොස් හොර සැමියෙකු සමඟ පෙම් බස් දෙඩු කාන්තාවකගේ හොර පෙම් කෙළිය අතට හසුවූ විට එය ප්‍රචාරය වීම වැළැක්වීමට එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකුට අදාළ කාන්තාව රුපියල් තුන්දහසක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය පිරවූ මල්ලක් තෑගි කළ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය දුටු පුද්ගලයාම කියූ අයුරින් සිද්ධිය මෙසේය.
මෙම පුද්ගලයා මාඔය අද්දර පිහිටි පුවක් ගසකට නැගුණේ විට කෑමට පුවක් කඩා ගැනීමේ අදහසිනි. වළල්ලක් අඹරා එහි ආධාරයෙන් අඩි 60ක් පමණ උසැති පුවක් ගසකට නැගුණු ඔහු පුවක් ඉත්ත ගෙඩි නොවැටෙන ලෙස ගලවාගෙන එක අතකින් ගෙන එක අතක වාරුවෙන් සීරුමාරුවට සෙමෙන් ගසෙන් බිමට බසිමින් සිටියදී පුවක් ගස මුල ඇසුණු ශබ්දයෙන් විමසිලිමත්ව බලද්දී පෙම්බස් දොඩමින් එකිනෙකා සිප වැළඳගනිමින් පසුවන පුද්ගලයකු හා කාන්තාව දුටු ඔහු ඊට බාධා වෙතැයි සිතා පුවක්ගසින් බැසීම නතර කර ගසේ මැදට වී වළල්ලේ වාරුවෙන් ගස බදාගෙන ගසෙහි රැදී සිටියේ ඔවුනොවුන් පෙම්බස් දෙඩීම නවතා පුවක් ගස මුලින් ඉවත් වෙතැයි සිතමිනි.
ඔහු සිතූ අයුරින් එසේ නොවී එය තවදුරටත් ඇදී යන්නට වූයෙන් ඔහුට ද තවදුරටත් පුවක් ගසේ රැඳී සිටීමට නොහැකි වූයෙන් පෙමින් වෙළුණු දෙදෙනාට ගස මැද සිට මෙසේ පවසන්නට විය.
මට නම් මීට වැඩි වෙලාවක් පුවක් ගසට වෙලා ඉන්න බෑ. වෙන දවසක ඔය වැඬේ කරගන්න. දැන් ගහ මුලින් අයින් වෙන්න මට ගහෙන් බිමට බහින්න ඕනෑ යැයි පවසත්ම හොර සැමියා කුළු මීමෙකු මෙන් කැලෑව අතරින් දිව ගිය අතර එම කාන්තාව පුවක් ගසට නැගි පුද්ගලයාට දෑත් එක් කරමින් බැගෑපත්ව තිබේ. අනේ මගේ මනුස්සයාට නම් මේ වගේ වගක් කියන්න එපා. මේක කාටවත් ආරංචි වෙන්න කියන්නත් එපා යැයි කියමින් සුහදව ඔහු සමඟ කතා බස් කරමින් පුවක් ගස මුලින් ඉවත්ව ගොස් තිබේ.
සිද්ධියෙන් දින කිහිපයකට පසු එම කාන්තාවගෙන් ඔහු හට කිරිපිටි පැකැට්ටුවේ සිට කුස්සියට අවශ්‍ය අඩුම කුඩුම ඇතුළත් රුපියල් තුන්දහසක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය මල්ලක් නිවෙසට ලැබෙන්නේ එම රහස තවදුරටත් ආරක්ෂා කර ගැනීම තහවුරු කර ගැනීමටය.
(අලව්ව - ජයන්ත කුමාර දිසානායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ජෝන් බාස්ට ගිහින්නේ, තමාගේ ස්වාමියට නොවෙයි දැන් ලෝකෙටම ගිහින්. ජංජාලයයි. පත්තරේ දැමමයින් රුපියල් තුන්දාහත් වතුරේ නේද. මීටපස්සේ පුවක් නොවෙයි මොන ගහක් යට වුණත් පෙම් කරනකොට වටපිටාව විතරක් නොවෙයි අර කේවට්ටයා වගේ ගස උඩත් බැලිය යුතුයි. (නි)
දැන් රහස තවදුරටත් ආරක්ෂාවෙයි පත්තරෙත් පළවෙලා නිසා (නි)
දැන් ඉතින් පුවක් කඩන්න ගහට නගින්න අවශ්‍ය නැහැ. නෝනගේ ගෙදර ඉස්සරහට ගිහන් පුවක් කඩනවා පොල් කඩනවා කියන්න. තව බඩු මල්ලක් ලැබෙයි (නි)
සාමාන්‍යයෙන් පුවක් ගහෙත් දෙබලක් කිවුවට මේ මනුස්සයට නම් බඩු මල්ලක්ම ලැබිලා තියෙන්නේ. අනේ වාසනාවන්! (නි)