කාටත් හොරා රහසේම කිතුලක් මැදගෙන කිතුල් රා පානය කරන පුද්ගලයකුගේ කිතුලකට අනවසරයෙන් ගොඩවී බඩ කට පුරා කිතුල් රා පානය කළ තරුණයෙකු තමා පානය කළ කිතුල් රාවල ගාස්තුව වශයෙන් රුපියල් සියයක නෝට්ටුවක් රා මුට්ටියට තබා ගැට ගැසූ පුවතක් වියලුවේ ගම්මානයකින් වාර්තා වේ.
රා පානය කළ තරුණයාගෙන්ම දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
එය වියලුවේ හද්දා පිටිසර ගමකි. මේ ගමේ බොහෝ පිරිසක් පැණි හකුරු නිෂ්පාදනය සඳහා කිතුල් මැදීමේ යෙදුනද පොලිසියට ඇති බිය නිසා කිතුල් රා පෙරීමේ නිරත වූයේ එහෙමමත් අයෙකු පමණි.
ගමේ දිය කඳුරක් අතර පිහිටි සරුසාර කිතුලක් මදිමින් සිටි පුද්ගලයකු කාටත් හොරා එම ගසේම මුට්ටියක් තබාගෙන කිතුල් රා නිෂ්පාදනය කරගෙන ඔහු පමණක් එය පානය කරන බව ගමේ කිතුල් රාවලට ලොල් වූ තරුණ ගැටයෙකුගේද කන වැකුණේ ඔහුගේ මිතුරෙකු මාර්ගයෙනි.
කිතුල් මදින්නා මුණගැසුණු තරුණයා තමන්ටත් කිතුල් රා ටිකක් දෙන්නැයි කොතෙක් බැගෑපත් වුවද එය එකහෙළාම ප්රතික්ෂේප කළ කිතුල් මදින්නා කියා සිටියේ තමා කිතුල් පැණි හකුරු සඳහා තෙලිදිය හදනවා විනා කිසි දිනෙක රා පෙරීම සිදු නොකරන බවයි.
කෙසේ වෙතත් අවස්ථාවක් එනතෙක් බලා සිටි පෙරකී තරුණයා කිතුල් මදින්නාගේ අවසරයකින් තොරවම එම කිතුලට ගොඩවූවේ ඔහුගේ කතාවේ ඇත්ත නැත්ත දෑසින්ම දැක ගන්නටය.
ඔහුට දැක ගන්නට ලැබුණේ පෙන දමමින් පැහෙන රා මුට්ටියකි.
වට පිට බැලූ හෙතෙම කිතුල් රා මුට්ටියෙන් තුන් කාලක්ම එක හුස්මට ඇද දැම්මේ නියම බඩු ටික යැයි තමාටම කියා ගනිමිනි. අනතුරුව ඉතිරි ටිකද ඔහු රැගෙන ගිය බෝතලයට වත්කර ගත් ඔහු බිමට බැස්සේ තමා පානය කළ රාවල ගාස්තුව ලෙස රුපියල් සියයක නෝට්ටුවක් හිස් රා මුට්ටියේ ගැට ගසමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර මහත්තයෝ හරියට හරි , (හේ)
මොන පිස්සුද ? අසෝබන , අසංවර , ආත්මාර්ථකාමී , තක්කඩි හොරෙක් , රුපියල් සියට රා මුට්ටියක් ? (බ)
මේ හොරා රා ටික බිලා මදිවට කිතුල මදිමින් සිටි කෙනාට ලොකු උපහාසයකුත් කරලා.මොහුට මඩුවලිගෙන් තලන්න ඕන කරපු නොහොබිනා වැඩේට. පිටබැද්දර ජයා මහත්තයෝ ඔබ සුදානම් නේද ? (බ)
කොහොම වුණත් සාධාරණ හොරෙක්... (නි)
රා මුට්ටිය පිටබැද්දර ජයාගේද කොහෙද නැතිනම් ඔච්චර කේන්ති ගන්නේ.? (ර)
මේ තරුණයා කොංගෝ වනයේ ජීවත්වන පිග්මිවරයෙකුගේ නෑ කෙනෙක් වෙන්න ඇති (නි)