(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.
ප්‍රදේශයේ පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරු එන්නට පෙරය. මේ දිනවල පවතින පොල් හිඟයත් මිල ඉහළ යාමත් නිසා ඔහු හොර පොල් කැඩීමේ නිරත වූයේය. ගස් දෙකක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරුට අසුවිය. ගස් දෙකෙන් කඩාගත් පොල් ගෙඩි කිහිපය පැත්තක තිබිණි.
කර කියාගත හැකි දෙයක් නොවූ සොරා බේරෙන මගක් සොයා ගනු පිණිස අයිතිකරු හමුවේ වැඳ වැටුණේ ය. ජීවත්වෙන්නට මඟක් නැති කමත් ලෙඩදුක් කරදර නිසාත් වැරැදි වැඬේ කළ බව ඔහු කීය. හොර පොල් කැඩූ අය සමාව ඉල්ලද්දී හිත උණූවූ ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙකක්ද දී යාමට ඉඩ දුන්නේ නැවත මෙවැනි වැරැදි නොකරන ලෙසට අවවාදයක්ද කරමිනි.
පොල් ගෙඩි දෙක අතට ගත් ඔහු ‘මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න’ බැරිදැයි විමසීය. අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියා වටපිට බලද්දී අතට ගත් පොල් ගෙඩි දෙකත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා
Thusha Monday, 12 March 2018 08:34 AM
බොහෝ අවස්ථාවල, සංවේදී, අනුකම්පා කරන්න ගියාම, එය දුර්වලකමක් කියලා හිතාගෙන, එයින් අයුතු ප්‍රයෝජන ගන්න හිතන පිරිසකුත් අප අතර ඉන්නවා. අත්දැකීමෙන් මම මෙය කියන්නේ...
තිලක් Tuesday, 13 March 2018 10:47 PM
ඇත්තනේ, කුලිය දෙන එක සාධාරණයි..