IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


හොරෙන් ‘එන්ජෝයි’ කරන්න ගිහින් යතුරුපැදියේ රෝදයක් හොරු අරන්

පසුගියදා ඉංගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශය හමුවේ දිග හැරුණේ අපූරු පැමිණිල්ලකි. පැමිණිලිකරු අවුරුදු 24 ක අවිවාහක තරුණයෙකි. ඔහුගේ පැමිණිල්ලට අනුව කියවුණේ ඉංගිරිය නාච්චිමලේ දිය ඇල්ලේ නෑමට ගොස් සිටියදී ඔහුගේ යතුරුපැදියේ ඉදිරිපස රෝදය අතුරුදන් වූ බවයි. ‘‘තනියෙන්ද නාන්න ගියේ’’ පැමිණිලි අංශයේ නිලධාරියාගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට තරුණයා කළේ දෙපසට ඇඹරීමයි. ‘‘කියනවා කියනවා ඉක්මනට’’ පොලිස් නිලධාරියා සැර දැමීය. ‘‘නෑ සර්... මේ... මේ ගැහැණු ළමයකු එක්ක’’ ‘‘ඒ කියන්නේ ඔහේගේ ගැහැණු ළමයා...’’ ‘‘නෑ සර් මගේ ගැහැණු ළමයා නෙවෙයි. දන්නෙ නැද්ද ඉතිං’’ තරුණයා අදි මදි කරමින් පවසද්දී සියල්ලන්ටම කාරණය වැටහුණි. ඒ අනුව මෙම යූවළ සැමට හොරා නාච්චිමලේ ඇල්ල වෙත දිය නෑමට ගියේ මදක් විනෝද වී පේ‍්‍රමයේ රස පහස විඳ ගැනීමටය. මගදී හමුවූ දෙදෙනෙකුගෙන් ඔවුන් සුදුසු තැනක් ගැන විමසුවේ ඒ පළාත ගැන එතරම් දැනුමක් නොතිබූ නිසාවෙනි. ‘‘අයියා පොඞ්ඩක් එන්ජෝයි කරන්න හොඳ තැනක් අපිට තියනවද?’’ ‘‘ආ... මල්ලි, ඔතනින් පහළට බහින්න. හොඳ ෂෝක් තැනක් තියෙයි’’ ඒ අනුව ඔවුන් කී පාර ඔස්සේ ගොස් යුවළ නැවත පැමිනෙන විට අයියලා දෙන්නා අතුරුදන්ව තිබුණේ නවතා ගිය බයිසිකලයේ ඉදිරිපස රෝදයද සමගිනි. ලැබුණු හෝඩුවාවක් ඔස්සේ සැකකරුවන් පසුපස පොලිසිය ලූහු බඳිද්දී ඔවුන් පැනගියේ ඔවුන්ගේ යතුරුපැදියද අතරමඟ දමාය. බයිසිකලයේ රෝදය ගරාජයක තිබී පසුව සොයා ගත්තේය.



අදහස් (0)

හොරෙන් ‘එන්ජෝයි’ කරන්න ගිහින් යතුරුපැදියේ රෝදයක් හොරු අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site