(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
තමාගේ කනක් තුළට කෘමි සතකු රිංගුවායැයි කියමින් මහ රෑ දෙගොඩහරි ජාමේ එක්වරම නින්දෙන් නැගිට කෑ ගැසූ සිය දියණියට ජල ප්‍රතිකාරයක් සිදුකළ මව්පිය යුවළකට එම අවස්ථාවේදී මුහුණදීමට සිදුවූ බව කියන හාස්‍ය ජනක සිදුවීමක් පිළිබඳ පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයෙන් වාර්තාවිය.
මව, පියා, දියණිය සහ පුතු එම පවුලේ සාමාජිකයන් වන අතර මෙදින රාත්‍රියේ ඔවුන්ගේ නිවසේ එක් කාමරයක මව සහ දියණියත් ඊට යාබද කාමරයක පියපුතු දෙපළත් නිදාගෙන සිටියදී දියණිය කනට සතකු රිංගුවායැයි කෑ ගසා ඇත. එම ශබ්දයෙන් අවදිව කලබලයට පත් පියා සිය දියණිය නිදා සිටි ඇඳ අසලට ගොස් කෘමියකු රිංගුවැයි කී ඇගේ කන පෙදෙස බිරියගේද සහායෙන් විමර්ශනයට ලක්කර ඇතත් එහිදී ඔවුන්ට කෘමියකු දක්නට ලැබී නැත.
එසේ වුවද ඒ වනවිටත් කනක් අල්ලාගෙන ‘‘අනේ අම්මේයි’’ කියමින් හඬා වැළපෙමින් සිටි දියණියට කළ යුතු ක්ෂණික ප්‍රතිකාරයක් හැටියට අදාළ කනට ජලය ස්වල්පයක් වක්කර බැලීමට තීරණය කළ පියා ඒ ආසන්නයේ තිබූ ජල බෝතලයක් අතට ගෙන බිරියගේ සහායද ඇතිව බෝතල් කටින්ම දියණියගේ කනට ජල ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇත.
එමගින් දියණියගේ කනෙන් කෘමියකු පිටතට ගිය බවක් නොපෙනුණු නමුත් ඒ වනවිටත් තෙතබරිතව සිටි දියණිය එම අවස්ථාවේදී මව්පියන්ට කී දෙයින් ඔවුන් දෙදෙනාට ඇති වූ සිනහව බොහෝ වේලාවක් පැවැති බවද එම වාර්තාවෙන් කියැවිණි.
අම්මෙ මම ඒ හීනයක් දැක්කේ. හීනෙන් තමයි මගෙ කනට සතෙක් රිංගුවේ වතුර ඇඟට වදිනකොට තමයි මට ඇහැරුණේ යි ඇය එහිදී මව්පියන්ට පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හීනෙන් නාගෙන