IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෝටලයකින් ජයට සප්පායම්වෙලා අන්තිමේ වමාරන්න වෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ දෙකකටත් වැඩි වටිනාකමකින් යුතු කැමරාව සහිත බෑගය කන්ද උඩරට හෝටලයක අමතකවීමෙන් තබා දුම්රියේ නැගී ගම්පහ ප්‍රදේශයේ නිවසට ආ කැමරා ශිල්පියෙකු ඒ බව සිහිපත්වීමෙන් පසු  එය ගෙන එන්නට ත්‍රිරෝද රියකින් කන්ද උඩරට බලා ගිය පුවතක් පසුගියදා වාර්තා විය.


ගම්පහ ප්‍රදේශයේ වීඩියෝ කැමරා ශිල්පියෙකි. ඔහුගේ කැමරාව අලුත්වැඩියාවක් කරන්නට සිදුවිය. ඒ ගැන ප්‍රවීණයකු සොයා උඩරට බලා ගියේ එය නියමිත පරිදි සකසා ගත යුතු නිසාය. හිමිදිරියේම දුම්රියෙන් ගමන පිටත්වී නියමිත ස්ථානයට ගිය ඔහු සිය කැමරාව අලුත්වැඩියාවට බාර දුන්නේය.


පස්වරු දෙක පමණ වන විට අලුත්වැඩියාව අවසන්විය. මුදල් ගෙවූ කැමරා ශිල්පියා ආපසු ගමනට සූදානම් වුවත් දැඩි කුසගින්නකින් පෙලෙමින් සිටියේය. හෝටල් දෙක තුනකට ගිය ඔහු ඒවායින් සෑහීමකට පත්වූයේ නැත. අන්තිමේ හොඳ හෝටලයකට ගොඩවී කැමරාව සහිත බෑගය මේසය යටින් තබා බඩ කට පුරා හොඳින් සප්පායම් විය. 


කා බී අහවර වෙද්දී දුම්රිය පිටත් වන වේලාව ආසන්න බව දැනුනි. ඉක්මන් ගමනින් එළියට ආ හෙතෙම ගමන් කළේ දුම්රිය ස්ථානයටය. ගමනට සැරසී සිටි ඔහු දුම්රියට නැගුණු වහාම පිටත්විය.

ගමනාන්තයට ළංවී බසින්නට සැරසී බලද්දී කැමරාව නැත. ඔහුට හීන් දාඩිය දැම්මේය. කැමරාව හෝටලයේ මේසය යට බව සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය. හෝටලයේ කෑම කා ලද බිල්පත බලා දුරකතන ඇමතුමක් දී එය තවමත් තිබෙන බව තහවුරු කරගත් කැමරා ශිල්පියා දුම්රියෙන් බට වහාම දන්නා හඳුනන ත්‍රිරෝද රියකට ගොඩවී යළි උඩරට බලා ගමන් ගත්තේය. මැදියම් රැයට ආසන්න වෙද්දී යළි ගමට ආ හෙතෙම ත්‍රීරෝද රථයේ ගාස්තුව ගෙවා දැම්මේ තමන්ටම හිතින් දොස් පවරා ගනිමිනි.

 



අදහස් (1)

හෝටලයකින් ජයට සප්පායම්වෙලා අන්තිමේ වමාරන්න වෙලා

sam Friday, 04 January 2019 08:39 AM

මේකට හිනා වෙන්න ඕනැද, අඬන්න ඕනැද කියන එකත් මේ සමගම පල කලානම් කාටත් පහසුයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site