IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සල්ලි ඉස්සූ හොරා තව පන්දාහක් ඉල්ලා ඇමතුමක් දීලා

(දිල්රුක්ෂි ගේ‍්‍රරු)
කොළඹ අවට ආයතනයක සේවිකාවකගේ මුදල් පසුම්බියක් නැතිව තිබුණේ ඇය රාජකාරි ස්ථානයට පැමිණෙන අතරතුරදීය. කාර්යාලයට පැමිණ බොහෝ වෙලාවක් ගිය පසු සිය මුදල් පසුම්බිය නැති බව දැනගත් එම කාන්තාව සිය මිතුරියන්ට ද ඒ බව පවසා ආයතනයේ ප‍්‍රධානියාට ද දැන්වීය. මුදල් හා වටිනා ලියකියවිලි සියල්ලක්ම මුදල් පසුම්බියේ වූ නිසා මිතුරියන්ගේ උපදෙස් පරිදි පැමිණිල්ලක් කිරීමට පොලිසියට යෑමට සැරසුණා පමණි. ඇගේ ජංගම දුරකතනය නාද විය.


”හලෝ... මිස් මං කතා කරන්නේ පර්ස් එක අරගත්ත  හොරා. මට තව රුපියල් පන්දාහක්  ඕනෑවෙලා තියෙනවා. මිස්ගේ ඒටීඑම් කාඞ් එකේ අංකය කියන්න පුළුවන්ද?”


නාඳුනන අංකයකින් පැමිණි ඇමතුම ඇසුණු විට ඇයට තරු පෙණිනි. ඒ මොහොතේ කිසිවකුත් කර කියා ගත නොහැකි වූ ඇය සොරාට පැවසුයේ එය තමාගේ ඒටීඑම් කාඞ් පතක් නොවන බවයි.


එය ඇසූ සොරා කීවේ තමාට රුපියල් පන්දහසක් ලබා දෙනවා නම් පමණක් කාර්යාලයට මුදල් පසුම්බිය ලැබෙන්නට සලස්වන බවයි.


සිය කාර්යාලයේ මිතුරන් හා ප‍්‍රධානීන් හා එක්ව කුමක් කරන්නේ දැයි සාකච්ඡුා කර අනතුරුව නැවත හොරාගෙන් ලැබුණූ ඇමැතුමකට ඇය පිළිතුරු දුන්නේ සල්ලි ලබාදෙන බවත් මුදල් පසුම්බිය රැුගෙන කාර්යාලයේ ආරක්ෂක අංශයේ තබන ලෙසත්ය.


කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි පසු දින උදෑසන ඇයට ලැබුණු ඇමතුමින් කියැවුණේ මුදල් පසුම්බිය රැුගෙන හොරා කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටිනා බවයි. සොරා ඔහුගේ බිරිය සහ දරුවා සමග එහි පැමිණ සිටියේය.


සිය මිතුරන් ලවා සොරා සිය ආරක්ෂක අංශ වෙත කැඳවා තොරතුරු විමසීමේදී සොරා පවසා ඇත්තේ අසනීපයකට බෙහෙත් ලබා ගැනීමට ඇති බැවින් මුදල් අවශ්‍ය බවයි. මෙවැනි සොරකමක් කළත් පසුව සොරා ගැන අනුකම්පා සිතූ එම නිලධාරීන් ඔහුට වියදමට ද අතට මුදලක් දී ඔහුට අවවාද කර පිටත් කර හැරියාලූ.



අදහස් (0)

සල්ලි ඉස්සූ හොරා තව පන්දාහක් ඉල්ලා ඇමතුමක් දීලා

ටුආන් Monday, 29 December 2014 03:31 PM

මොනවා වුණත් නම්බුකාර මනුෂ්‍යයෙක් (නි)

:       0       0

සරත් Monday, 29 December 2014 03:50 PM

ඔහුට හොරකම හුරු නැහැ. (නදී)

:       0       0

නාලක හිමි Monday, 29 December 2014 06:27 AM

කියන්න වචන නැහැ (නදී)

:       0       0

ප්‍රශීන් Tuesday, 30 December 2014 03:48 PM

අනේ පව්.! අසරණකමට හොරකම් කරලා තියෙන්නේ. ඇත්තටම හොඳ දෙයක් කාර්යාලයේ සේවකයින් කරලා තියෙන්නේ. (ර)

:       0       0

රුවන් Monday, 29 December 2014 07:09 AM

හැම හොරාම මුලින්ම හොරකමට පෙලබෙන්නේ අසරණකමට. නැත්නම් කුඩු,ගංජා,හෝ කසිප්පු බොන්න. ඉන්පසුව මේක පුරුද්දට කරනවා.(නදී)

:       0       0

සුජාන් Wednesday, 31 December 2014 10:28 AM

ඇහැට පෙනී පෙනී හොරකම් කරනවා. (ර)

:       0       0

සුන්දරලිංගම් Monday, 29 December 2014 07:25 AM

නාලක හිමියනි භික්ෂූන්ට අන්තර්ජාල පරිහරනය කැපද අකැපද?(නදී)

:       0       0

ශිරෝ Tuesday, 30 December 2014 08:04 AM

හොරෙක් උනත් ඔහු අසරණයෙක්. කපටියෙක් නෙමේ. හරි පුදුමයි මේක කියවනකොට. බෙහෙත් ටිකක් ගන්න සල්ලි හොයාගන්න බැරි කි දාහක් මෙරටේ ඉන්නවද? ඉස්පිරිතාලෙන් හැම බෙහෙතක්ම දෙන්නේ නැනේ. කොහොම උනත් කාර්යාලයේ ඉදල තියෙන්නේ මනුස්සුකම දන්නා මිනිස්සු ටිකක්. නැත්නම් පොලිසියට අල්ලද දුන්නනම් කල වරදට දඩුවම් විදින්න සිදුවෙනවා. (ර)

:       0       0

නිරාන් Monday, 29 December 2014 08:14 AM

මේක තමයි ආසියාවේ ආශ්චර්ය. කොච්චර හොද මනුස්සයෙක් වුණත් අසරණ වුණාම වැරැදි මඟට අකමැත්තෙන් හරි යොමු වෙනවා.(හේ)

:       0       0

ලීල් සිරිවර්ධන Monday, 29 December 2014 08:40 AM

ජීවිතේ හැටි ! (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 December 2014 09:13 AM

ලෝකයේ දියුණුයි කියන හැම රටකම හොරකම සිද්ද වෙනවා , මේ අහංසකයා හොරකම් කරලා තියෙන්නේ කරන්නම දෙයක් නැති තැන (නදී)

:       0       0

අරුණ Monday, 29 December 2014 09:53 AM

මීට අවුරුදු කීපයකටම පෙර සිට ම. සිරිසේන ජනපති වුනානම් අද මේ රට සුරපුරක්. මෙවැනි දේවල් අහන්න නෑ. (නදී)

:       0       0

අරුණ Monday, 29 December 2014 09:59 AM

සොරකමට නව අර්ත දැක්වීමක්. පොලිසියට බාරදෙන්න තිබුනේ. මටත් බොහොම ප්‍රශ්න තියෙන කෙනෙක්, අමාරුවෙන් ජීවත් වුනත් මෙවැනි දේ කරන්නේ නෑ.(නදී)

:       0       0

කසුනි Monday, 29 December 2014 11:50 PM

මේක නම් නියමයි (නි)

:       0       0

පුෂ්ප කුමාර Monday, 29 December 2014 11:17 AM

හිනා යනවා මේවා දැක්කම.(හේ)

:       0       0

ජයනි Tuesday, 30 December 2014 02:01 AM

හොරාගේ නෝනාට කාන්තාවක් විදියට ලැජ්ජාවක් තිබුනේ නැද්ද කියල මම කල්පනා කරන්නේ. බෙහෙත් ගත්ත වුනත් ඇඟට අල්ලාවිද මෙහෙම තව කෙනෙකුට ගිනි ගෙඩි දීල සොයා ගත්ත මුදලින්. (නදී)

:       0       0

අමිල Tuesday, 30 December 2014 02:16 AM

මේ විදියට තමයි හොරු මිනිස්සු අන්දවන්නේ. (නි)

:       0       0

ඩෙස්මන් Tuesday, 30 December 2014 02:21 AM

මේක තමයි ලංකාවේ සැබෑ තත්ත්වය (නි)

:       0       0

නන්දන Tuesday, 30 December 2014 02:47 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

කටුගස්තෙට Monday, 29 December 2014 02:51 AM

මේ පුවත සම්බන්ධයෙන් ලියන්න දෙයක් නොතිබුනත් ගොඩක් ප්‍රතිචර ලැබෙයි (නදී)

:       0       0

ශාන්ති Monday, 29 December 2014 02:48 PM

හිනා වෙන්න එපා මේක තමයි ඇත්ත තත්ත්වය ,ඔහු අසරණ හොරෙක් වෙන්න ඇති.(හේ)

:       0       0

කුමාරි Monday, 29 December 2014 04:12 AM

පුදුම හොරෙක්නේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 185 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 698 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 135 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site