IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ

(හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක)  තම නිවසේ අසනීපව සිටින මවට උපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයට මවගේ කාමරයේ සැමියා සිටින අතරවාරයේ  සිය නිදියහනට සොර සැමියකු ගෙන්වාගත් බිරිඳ සැමියාට අසුවීමේ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවේ.


රෝගාතුරව එක්තැන් වී සිටින සිය මවට ඇපඋපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයේ මවගේ කාමරයේ සිටියදී නිවසේ අල්ලපු කාමරයේ සිටි ඔහුගේ එක්දරු බිරිය සොර සැමියකු ගෙන්වාගෙන අනග රැඟුම් පෑමට පුරුදුව සිට ඇති බව පැවසේ.


මෙම සිද්ධිය ගැන සැකයක් මතුවූ ස්වාමිපුරුෂයා අවස්ථාවක් එනතෙක් බලා ඉඳ පසුගිය දිනෙක අලුයම් කාලයේ සිය මවගේ ඇපඋපස්ථාන කටයුතු කරමින් සිට එක වරම සිය බිරිඳගේ කාමරයට කඩා පැන්න විට බිරිඳ සොර සැමියා සමඟ සිටියදී අතටම අසුවී තිබේ.


සිය එක්දරු බිරිය ගැන කලකිරීමට පත්වූ සැමියා ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට අවශ්‍ය බව පවසා මේ පිළිබඳව අරණායක පොලීසියට පැමිණිලිකර ඇත. සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්. සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි නියොජ්‍ය ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.බී. දහම්පත් මහතා අදාල අඹුසැමි යුවළ ගෙන්වා ඔහුන්ට කරුණු පහදා දී මවුපියන් වශයෙන් මින් ඉදිරියට මෙවැනි දෑ සිදුවීමට ඉඩ නොතබන ලෙසට තරයේ අවවාද කර දෙදෙනා  පිටත්කර හැරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.



අදහස් (0)

සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site