මිතුරන් සමඟ නව වසරට සව්දිය පිරීමට සිතා සිටි සැමියකුට බිරියකගෙන් ලැබුණු අපූරු පාඩමකි.
නව වසර සුබ වේවා යැයි නිදියහනේ සිටම සැමටම දුරකතනයෙන් පණිවිඩ යවමින් ඔහු දවස ආරම්භ කළේය.
බිරිය කුස්සියේ කිරිබතක් සූදානම් කිරීමට අවැසි කටයුතු සම්පාදනය කරමින් සිටී. දරුවන් තවම නින්දේය. සුබ පැතුම් කෙටි පණිවිඩ අතරේ සැමියාට සුබපතන්නන් ඇමතුම් මඟින් ද සුබ පතනා අයුරු ද බිරිය අසා සිටියේය.
“..ඔව් ඔව් ඒක හරි ඒක මම ෂේප් එකේ තියලා තියෙන්නේ... හොයන්න බෑ පැණි බෝතල් ගොඬේම තිබ්බා. දොළ පැත්තට ගිහිං සෙට් වෙමු. ම් ම් හරි හරි අපි හතරදෙනා විතරයි... ඕකේ ඕකේ හැපි නිව් ඉයර්ස්...” කිරිබතට අවැසි කිරි සපයා ගැනීම පිණිස හිරමනයත් සමඟ ඔට්ටුවෙන ගමන්ම බිරිය එක් කනකින් සැමියාගේ එම කතාබහ ද සියල්ල අසා සිටියේය.
අඩ හෝරාවකින් පමණ සැමියා අවදිව කුස්සිය පැත්තට ආවේය. මේසය මත තැබූ වතුර වීදුරුවෙන් කට සෝදාගෙන උදෑසන තේ කෝප්පය අතට ගත්තේය.
උගුරක් පානය කිරීමට මුවට ළං කරත්ම එකවරම තිගැස්සුණේය.. වහා තේ කෝප්පය පසෙකට කළේය. මේ... මේ... මොනවද. මේ මේවා කොහොමද තේ එකට ආවේ...ක් ක් කවුද මේවා ගෙනාවේ.....
සැමියා කලබලයෙන් ඇසූ දෙයට බිරිය සිනාසුනා පමණි... ඇය සිනාසෙමින්ම මෙසේ ඇසුවාය. ඇයි ඔයා ටිකකට කලින් කිව්වේ අපි හතර දෙනාටම විතරයි කියලා මම ඉතින් උදේම ඒක ලෑස්ති කළා අලුත් අවුරුද්දේ උදේම සව්දිය පුරන එක හොඳයිනේ මේ ඔයාගේ පංගුව අපේ ඒවා දවල්වෙලා අපි ගන්නම් ඔයා දැන් බොන්න.....
ආයේ මොකටද දොළවල් ඇළවල් ගානේ යන්නේ මෙච්චර ගෙවල් දොරවල් තියාගෙන....
සිනාසෙමින් බිරිය පැවසූ වදන් සියල්ල ඔහේ අසා සිටියා මිස සැමියා කිසිදු වචනයක්වත් මුවින් පිට කළේ නැත...
ඊට මද වේලාවකින් පසු පෙර ඇමතූ මිතුරන් වෙත දුරකතනයෙන් අමතා සිනාසෙමින් උදෑසන සිදුවීම කියා ශෝකය පළ කරන අයුරු අනෙක් කන යොමා බිරිය අසා සිටියාය.
(වලල්ලාවිට - විශ්ව ගැමුණු ප්‍රියංකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැමියාගේ හැන්දෑකරේ සාදයට බිරියගෙන් අපූරු පාඩමක්
අසෝකා Tuesday, 03 January 2017 05:54 PM
ගැහැණු මොළය හැදිමිටේ දිගට සමාන කරන අයට හොඳ පිළිතුරක්! (නි)
ජනහිත Tuesday, 03 January 2017 06:03 PM
අවුරුද්ද ආරම්භයේම එහෙම කළ එකනම් බිරිදක් වශයෙන් හොඳ මදි මම හිතන්නේ. මිනිහා ඉවසිලිවන්තයෙක් නිසා හොඳයි. නැත්නම් උදේම ගෙදර ආරවුල් ඇති කරගන්න තිබුනා. ඔය වැඩ නිසා තමයි ස්වාමියා රහසිගතව ඕවා කරන්නේ. බිරිඳ තම යුතුකම නිසි පරිදි ඉටු කරනවා නම් ස්වාමියා කවදාවත් පිට යන්නේ නැහැ. (නි)
ක්‍රිෂාන්ත Tuesday, 03 January 2017 06:11 PM
නමුත් හැන්දෑවට පොඩ්ඩක් යාළුවොත් එක්ක සෙට්වෙන්න ඉඩදෙන්න තිබුණා (නි)
අබේරත්න Tuesday, 03 January 2017 06:56 AM
අනෙකුත් ගෑණු වගේ ඔලුව කන්නේ නැතිව සිහි බුද්ධියෙන් යුතුව වැඩ කරන නුවණක්කාර බිරියක්...වාසනාවන්ත සැමියෙක්.....(බ)
මහේෂ් ඩුබායි Tuesday, 03 January 2017 07:27 AM
අම්මෝ මාර බිරිඳක්නේ... හැබැයි එක අතකින් හොදයි. බීමෙන් සැමියා බේරා ගන්න එකට. නුවණක්කාර බිරිදක්. (බ)
නිල්මිණි-ජපානය Tuesday, 03 January 2017 09:43 AM
අලුත් අවුරුද්දේ දෙන්නාම ඒක සිනහවෙන්ම බාරගෙන සිනහවෙන්ම අවුරුද්ද ගතකරන එක නම් වටිනවා. (නි)
ටෙනිසන් Tuesday, 03 January 2017 02:33 PM
සැමියා ඉවසීම ඇතුව වැඩකළ නිසා හොඳයි (නි)
රන්ජිත් Tuesday, 03 January 2017 02:48 PM
මොන නුවණක්කාර ගැහැණියක්ද? මෝඩ යක්ෂණියක්ද? අවුරුදක් වෙහෙස මහන්සි වී පවුල නඩත්තුකරලා එක දවසක් මිතුරන් එක්ක විනෝද වීම මනසටත් හොඳයි. ඒ මසුස්සයටත් විවේකයක් නිදහසක් තියෙන්න ඕනෑ. (නි)