IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විවාහක කතට පෙම් කරන්න ගිය තරුණයාට රස්සාවත් එපාවෙලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා) 
විවාහක ඇඟලුම් කම්හල් සේවිකාවක සමග පෙම් සබඳතාවක් ඇති  කර ගැනීමට ඇයට දුරකථන අංකයක් දීමට ගිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වෙයි. 


සිද්ධිය මෙසේය. 


ඇඟලුම් සේවිකාවක රැකියාවට යාමට පැමිණෙන මංසන්දියේ බස් මගී ආවරණය ආසන්නයේ සේවා ස්ථානයක රැකියාව  කළ තරුණ ආරක්ෂක නිලධාරියාට විවාහක ඇඟලුම් සේවිකාවක පිළිබඳව සිතක් පහළවන්නේ නොසිතූ ලෙසිනි.


ඇයට මේ බව කියන්නට උපායක් කල්පනා කළ ඔහු දිනක් තම දුරකථන අංකය ලියූ කොළ කැබැල්ලක් ඇඟලුම් සේවිකාව අත තැබුවාය. එයට අකමැත්ත පළ කරමින් ඇය එම කොළ කැබැල්ලද විසිකර දමා බසයක නැගී සේවයට ගියාය. 


ආරක්ෂක නිලධාරියා එයින් දුකට පත් වුවත් තම උත්සාහය අත්නොහැරීමට ඉටා ගත්තේ කෙසේ හෝ ඇය සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. 


මෙදිනද ඇඟලුම් සේවිකාව බස් රථයක්  එනතුරු මගී  ආවරණයේ රැඳී සිටියේ සුපුරුදු ලෙස රැකියාවට  යාම සඳහාය. ඇයට නොදැනෙන ලෙස පිටුපසින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇගේ පිටුපසට වී සමීපව රැඳී සිටියේ මහත් ආශාවෙනි. 


එක්වරම පිටුපස බැලූ ඇඟලුම් සේවිකාව නොසිතූ ලෙස බියට පත්ව ක්ලාන්තය වී ඇද වැටෙන්නේ ආරක්ෂක නිලධාරියා නොසිතූ ලෙසිනි. රැකියාවට ගියද ඇතිවූ බිය නිසා ඇඟලුම් සේවිකාව වරින් ක්ලාන්තය වීමෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාරද ලබාදෙන්නට සිදුවිය. 


සිදුවූ දෙයින් දුකට පත් ආරක්ෂක නිලධාරියා පසු දිනද ඇඟලුම් සේවිකාව එතැයි අපේක්ෂාවෙන් මග බලා සිටියේය. තවත් ටික වේලාවක් යද්දී  මාර්ගය අද්දර යතුරුපැදිය නැවැත් වූ ඇඟලුම් සේවිකාවගේ සැමියා තඩි පොල්ලක් ද රැගෙන තමා දෙසට එනු දුටු ආරක්ෂක නිලධාරියා පණ එපා කියා දිවගියේය. ඉන් පසු ඔහු එම ස්ථානයේ රැකියාවටද නොපැමිණියේ ලු.



අදහස් (0)

විවාහක කතට පෙම් කරන්න ගිය තරුණයාට රස්සාවත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site