IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වන්දනා බසය වැරැදී වෙනත් බසයකට නැඟලා

 

වන්දනා ගමනක් යාමට සූදානම් වූ පිරිසක් තමන් වන්දනාවේ යන බසය පැමිණියා යැයි සිතා කලබලවී පාරේ ගමන් කරන වෙනත් බසයකට රැවටී වන්දනාවේ රැගෙන යාමට ගෙනා බඩු බාහිරාදියද එම බසයට පටවාගෙන මඳ දුරක් එහි ගමන් ගත් සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. මෙම පවුලට තමන්ගේ ඥාතීන් පිරිසක් වන්දනා ගමනක් යාමට යෝජනාවක් කළහ. ඒ අනුව එම යෝජනාවට මේ පවුලේ අය එකඟ වී වන්දනා ගමන සූදානම් වූහ.

දින කිහිපයකට පසු යොදාගත් වන්දනා ගමන යන දිනය උදාවිය. ඥාතීන් පිරිස සමඟ මෙම පවුලේ දරුවෝ සිවුදෙනෙක් මව පියා සමඟ මෙම ගමනට එක්ව සිටියහ. ඔවුහු වෙනදාට වඩා උදෙන් අවදි වී වන්දනා ගමනට රැගෙන යාමට අවශ්‍ය බඩු බාහිරාදිය ද ලෑස්ති කරගෙන ඥාතීන් පිරිස බස් රථයෙන් තමන්ගේ නිවස අසලට එනතුරු මාර්ගය අසලට වී බලා සිටියහ.

සුපුරුදු පරිදි බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ල දක්වා දිවෙන පාන්දර බස් රථය මේ මොහොතේ ගමන් වාරය ආරම්භ කළේය. එම බස් රථය මෙම පිරිසගේ නිවස අසලට ළඟා වෙමින් තිබුණි. ඒ බස් එකේ හඬ ඇසී වන්දනාවේ යාමට සූදානම්ව සිටි පිරිස මාර්ගයට දුවගෙන ඇවිත් එම බසය නතර කළහ. පසුව ඔවුහු එකින් එක තමන් වන්දනාවේ රැගෙන යාමට සූදානම් කර ගත් බෑග්, වතුර කෑන් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දෑ බසයට පටවා වාඩි වූහ. මේ සියලු බඩු ටික පැටවීමෙන් පසු රියදුරු මහතා ගමන ආරම්භ කළේය.

පිරිස බස් එකට නැග කිලෝමීටරයක් පමණ ගිය පසු බසයේ කොන්දොස්තර මහතා ටිකට් ගැනීමට පිරිස වෙතට ගියේය. “ඔයාලා කොහොමද මේ ටිකට් ගන්නේ” යැයි ඇසීය. අපි ටිකට් ගන්නේ ඇයි අහවල් වන්දනාවේ අපි යන්නෙ යැයි පිරිස කීහ. කොන්දොස්තර මහතා අපි මේ උදේ කෑගලු යන බස්එක ඔයාලට වැරදිලා වෙන්නැති මේකට ගොඩ වුණේ යැයි කීය.

(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර) 



අදහස් (0)

වන්දනා බසය වැරැදී වෙනත් බසයකට නැඟලා

වික්‍රම Thursday, 01 September 2016 05:25 AM

එතකොට බස් එකේ තමන් සමඟ වන්දනාවේ යන්න සූදානම් වූ ඥාතීන් නැති බව කිලෝමීටරක් යනතුරුම දැක්කේ නැද්ද? (නි)

:       0       0

අරුණ Thursday, 01 September 2016 11:14 AM

ඔච්චර සිහිය නැතිවුණාම ඇති (නි)

:       0       0

සමන් ප්‍රියන්ත Thursday, 01 September 2016 11:15 AM

ඕක මොකද්ද. මම කටුනායකදී දිල්ලි යන යානාව මාරුවෙලා කරච්චි යන එකට නැග්ගේ.

:       0       0

අබය Tuesday, 30 August 2016 09:54 PM

මේක නම් ඇත්තටම හිනායන වැඩක්...... (නි)

:       0       0

රූපවති Wednesday, 31 August 2016 09:11 AM

අනේ ඔය බස් එකට අපේ. පිටබැද්දර ජය මහත්තයත් ගොඩවෙලාද කියල බලන්න. (ර)

:       0       0

චතුරි Wednesday, 31 August 2016 01:34 AM

පුදුම කොන්දොස්තර කෙනෙක්නේ, මෙපමණ බඩු පටවනකම් බලාහිටියේ. ඊටත් වැඩිය පුදුමේ වන්දනාවේ යන කට්ටිය. (නි)

:       0       0

අනුර Friday, 02 September 2016 12:12 PM

අර අපේ දේශපාලකතුමෙකුට වුණ වැඩේම තමා මේ කට්ටියට වෙලා තියෙන්නේ (නි)

:       0       0

ෂශී Thursday, 01 September 2016 07:36 AM

චතුරි ඔයා බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට යන බස් එකක ගිහින් බලන්න . ඔයාට පිළිතුර ලැබේවි . බඩු පටවනකම් නෙවි මුණ කට හෝදගෙන බත් කාල එනකම් බස් එක පාඩුවේ ඉදිවී (බ)

:       0       0

නන්දි - ඩුබායි Wednesday, 31 August 2016 09:58 AM

නුතන ශ්‍රී ලංකික ජනතාව ගැන කදිම උදාහරණයක්. යන්නේ කොහෙද? මොනවද කරන්නේ? කිසිම විචාරයක් නැහැ. අපි වගේ අවසිහියෙන් වැඩ කරන රටක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති .(ම)

:       0       0

අනුරාධ Saturday, 03 September 2016 03:34 AM

සමන් ප්‍රියන්ත,නියමයි.\"බොම්බේ කමින් කලකට ගොයින්\"(රේ)

:       0       0

අබය Wednesday, 31 August 2016 10:24 PM

නන්දිගේ කතාව ප්‍රතික්ෂේප කරන්න වගේම නැහැ කියන්නත් අමාරුයි..... (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 02 September 2016 03:57 PM

කරුවලේ ජරමරේ! (නි)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 31 August 2016 11:53 AM

අනේ මන්ද අපේ මේ රුපවති නෝනා. පිටබැද්දර ජයාත් එක්ක එල්ලෙන එකමයි වැඩේ . නයයි මුගටියයි වගේනේ....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site