බිංගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලක් ඉදිරිපිට යතුරුපැදියකින් සම්පූර්ණයෙන් මුහුණ වැසෙන පරිදි ආරක්‍ෂිත හිස්වැසුමක් පැළඳි පුද්ගලයකු ටික වේලාවක් තිස්සේ නැවතී සිටිනු දුටු වෙළෙඳසල හිමිකාරිය ”මහත්තයා මොනව හරි ගන්නද ඉන්නේ.”යනුවෙන් විමසීමක් කළාය.
‘ ...ආ... ඔව් නෝනා... මේ ලොකුම සයිස් එකේ වතුර ටැංකියක් බලන්නයි ආවේ...’ ඔහු ප්ලාස්ටික් වතුර ටැංකි පෙන්වා පැවසීය.
‘එහෙනම් ඇවිත් බලන්න’
‘නෑ නෝනා දැන් මේක පටවාගෙන යන්න ලොරියකට කතා කරලයි තියෙන්නේ. ලොරිය වෙන කඬේකට යයි කියලයි බලා ඉන්නෙ. ලොරිය ආවාම ගනුදෙනු බලමු.
හොඳයි එහෙනම් කතා කරන්නකො’ පවසමින් කඩහිමි කාන්තාව පිටුපස ගේ දෙසට ගියාය. පැය කාලක් පමණ ගත වුවත් ලොරියක් පැමිණි හෝඩුවාවක් නොවීය.
ඇය අවශ්‍යතාවකට පිටුපසට ගියාය. යළි කඩයට ආවාය. මුදල් ලාච්චුව බිම දමා තිබිණි. එහි ඉතිරිව තිබුණේ මාරු කාසි කීපයක් පමණි.
හෙල්මට් කාරයා ද අතුරුදන්වී සිටියේය.
COMMENTS
අලුත්ම තාලයේ හොරකමක්.(නදී)
ගම් පළාත් වල ඉන්නේ අහිංසක අය. ඒ නිසා මේවට අහුවෙනවා.(නදී)
මේ වගේ මෝඩ ගැහැනු හොඳ වෙලාවට මම තනිකඩ.(නදී)
එක නම් තමන්ගේ නොසැලකිල්ල. අද කාලේ හෙල්මට් කාරයෝ ලගින් ගියත් බයානකයි. (දී)
පුදුමයි මෙච්චර කල්වත් ඔහොම කඩේ කළා (දී)
ඇයට ටිකක් සෙවිල්ලෙන් ඉන්නනෙ තිබුනේ.., ඉල්ලන් කාලද මන්දා ....?(දී)
එම කාන්තාවට තිබුනේ මෙයිට වැඩිය කල්පනාවෙන් ඉන්ඩ නේද ? (නදී)
ඉල්ලන් කන්න දක්ෂ අය ඉල්ලන් කනවා ගොඩ ලොකුකරගන්න ගිහින් කියල හිතෙනවා.(නදී)
සමහර විට ඕක වෙන්න ඇත්තේ අපේ මාමණ්ඩියගේ ගම පළාතේ. ඒ දවස් වල නහයෙන් අඩ අඩා හිටියා එල්සිනාගේ කඩේ කැඩුවා කිය කියා.(නදී)