(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ නමක් දිනූ ප්‍රභූ පවුලකි. ආර්ථික පරිහානිය නිසා දැන් අමාරුවෙන් ජීවත් වුවද පැරණි සේවිකාව තවමත් එහි සිටී. වියපත් දෙමහල්ලන් හැරුණු විට පුතාගේ දියණියක්ද එහි සිට ප්‍රධාන නගරයක කාර්යාල සේවයට යයි. ඒත් ඇය ගෙදර ගැන කිසිදු සොයා බැලීමක් නැත.

නිවසේ වූ පැරණි ඇඳ පුටු ලී බඩු අබලන් නිසා ඉන් වැඩක් ගැනීමට සිතූ මව සේවිකාවට කීවේ ඒවා වෙන්දේසි කිරීමට හෝ අලුත්වැඩියා කොට විකිණීමට හෝ වෙනත් ප්‍රයෝජනවත් වැඩකට ගත යුතු බවය. හදිසියේ ඇය පුතාගේ නිවසට ගොස් දෙදිනකට පසු ආපසු එන විට පැරණි ලී පුටු කිසිවක් ගෙදර නොවීය. මුළුතැන් ගෙට ගිය ඇයට තරු පෙනුණේ ලී බඩු සියල්ල කෑලිවලට කඩා දරට ගෙන ඇති බව දැකීමෙනි.
මහත්තය නාවන්න වතුර උණුකරන්න මේව ගත්තේ විදුලි හීටරෙන් වතුර උණුකරන්න ගියානං ලොකු බිලක් යනවා. මේක ලාබයි නෝනා. ඇය කීවේ පුටු කකුලක් දර ළිපට ඔබන ගමන්ලු.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වතුර උණුකරන්න පැරණි ලීබඩු ළිපට දාලා