තම කාර්යාලීය මිතුරකුගේ දියණියකගේ විවාහෝත්සවයකට සහභාගි වීම සඳහා තවත් මිතුරකුගෙන් ඉල්ලා ගත් සපත්තු ජෝඩුවෙන් එකක් අල්ලපු ගෙදර බල්ලා රැුගෙන ගොස් සපා දැමීම නිසා මහත් අලකලංචියක් සිදුවීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු මහනුවර නගරයට නුදුරු කුඩා නගරයක පෞද්ගලික ආයතනයක කාර්යාලයක සේවය කළේය. එම කාර්යාලයේම සේවය කළ මිතුරකුගේ දියණියගේ මංගලෝත්සවයක් සඳහා ඔහු ඇතුළු කාර්යාලයේ සියලූ දෙනාට ආරාධනා කර තිබිණ. කාර්යාලයේ සියලූ දෙනා විවාහෝත්සවයට යාමට සූදානම් වූහ. උත්සවය තිබුණේ නගරයේ ප‍්‍රධාන හෝටලයකය.
විවාහෝත්සවයට යාම සඳහා සියල්ල සූදානම් කළද තමාගේ සපත්තුව ගැන ඔහු එතරම් සෑහීමකට පත් වූයේ නැත. එය තරමක් ගෙවී ගොස් තිබිණ. බොහෝ වැදගත් පුද්ගලයන් එන උත්සවයකට යාම සඳහා නව සපත්තු ජෝඩුවක් සපයා ගැනීමට ඔහු කල්පනා කළේය. එක්වරම මිලදී ගත නොහැකි නිසා තම නිවස අසල පදිංචි ඔහුගේ තවත් මිතුරකුගෙන් සපත්තු ජෝඩුවක් අතමාරුවට ඉල්ලා ගත්තේය.
මිතුරාගෙන් ඉල්ලා ගත් සපත්තු දෙක නිවස ඉදිරිපිට කොරිඩෝවේ තබා ඔහු ඇතුළට ගියේ අලූත් ඇඳුම් ඇඳ ගෙන ඒමටය. ඒ අතරතුර අල්ලපු ගෙදර බල්ලා සපත්තුවේ ඉව වැටී ගේට්ටුවෙන් ඇතුළු වී එක් සපත්තුවක් රැුගෙන ගොස් සපා කීතු කීතු කර දැම්මේය. ඔහු අලූත් ඇඳුම් හැඳ පැමිණ සපත්තු දැමීමට උත්සාහ කළත් එක් සපත්තුවක් අඩු බව දැක සොයා බැලීමේදී වත්ත මායිමේ අල්ලපු ගෙදර බල්ලා එය සපා කනු දැක ගන්නට හැකි විය. කොතෙක් උත්සාහ කළද සියල්ල හමාර වී තිබිණ.
වැඩි ආටෝපයට ගොස් ඔහුට අවසානයේ විවාහෝත්සවයත් නැති වී මිතුරාට සපත්තු ජොඩුවකුත් අරන් දෙන්න සිදු විය.
COMMENTS
කොහොමත් මගුල් ගෙදරක් කිව්වම කවුරුත් ආසයිනේ ලස්සන්ට ඇදලා යන්න. පව්!(නදී)
තමන්ට නැති දෙයක් ඉල්ලන්න යන්නේ ඒ මට්ටමේ ඉන්න කෙනෙකුගෙන් මිස ලොකු අතුවලින් නෙමෙයි. මගුල් ගෙදරක යනකොට හොඳට ඇඳගන යන්න කව්රුත් කැමතියි. ඒක ''බොරු ආටෝපය ' කියලා සමච්චලයට දාන්න හොඳ නැහැ. ගෙනාපු දේ පරෙස්සම් කරලා වැඩේ පිරිමහගත්තා නම් ඔය දේ වෙන්නේ නැහැ. ආපහු අරන් දෙන එක එයාගේ යුතුකමක්. (නදී)
කුමාරිහාමි, ඉතින් ඔයා කිව්වේ නැහැනේ කතාවේ ඉතුරු හරිය. ඇයි අර බැල්ලි ඔයාගේ හැට්ටේ කෑවට පස්සේ මැරුණු කතාව.(නදී)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ කිව්වලු. පව් ඒත් තියෙන හැටියට තමන්ගේ දේ ඇඳගෙන යන්න මීට පසු පුරුදු වෙන්න.(නදී)
තමන්ගේ මට්ටන් තම්මැට්ටන් කියලා වැඩ කලා නම් හරිනේ.(නදී)
කුමාරිහාමිගෙ හවරිය පරම්පරාවෙන් එන එකක් වෙන්න ඇති. ඒ වගේ හවරි හරි ගඳයි. (නදී)
ඒ මනුස්සයාගේ වෙලාව.අනික පුදුම යාලුවෙක්නෙ එහෙමත් ගන්නවාද යාලුවෙක්ගෙන් ඒ වෙනුවට පව්.හැමදේම දැන් මුදල් මතනේ. (අ)
අනේ පව්! (නදී)
ඉතින් කුමාරිහාමි සල්ලි ගත්තාද වැඩේ නම් කැතයි (අ)
අපරාදේ කුමාරිහාමි අක්කගේ බෝරිච්චි අත් දාල මහපු හැට්ටය. අක්කේ ඒකේ කර වටේට මුතුත් අල්ලලද තිබුනේ.(නදී)
මගේ මිතුරියකටත් ඔය වගේ වැඩක් වුණා. මගුල් ගෙදරක යන්න තව කෙනෙකුගෙන් රත්රන් බඩු ඉල්ලගෙන ඇවිත් ගෙට හොරු පැනල ඒවා අරන් ගිහින්.අන්තිමේදී නය වෙලා අරන් දෙන්න සිද්ද වුණා.(අ)
බල්ලාගේ අයිතිකාරයගෙන් අලාභය ඉල්ලගන්න. දවසක් අල්ලපු ගෙදර බැල්ලි හෝදලා වේලෙන්න දාල තිබුන මගේ හැට්ටෙකුයි, හවරියකුයි හපලා විනාශ කළා. ඒ අහිංසක සතා දන්නේ නැහැනේ හැට්ටේ කාගේද, හවරිය කාගේද කියලා. ඌට ගහල වැඩක් නැහැනේ. බැල්ලිගෙ අයිතිකාරයන්ට කිව්වම මට අලුතෙන් හැට්ටයක් මහගන්නයි, හවරියක් ගන්නයි සල්ලි දුන්නා. (නදී)