IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
අලු‍ත්වැඩියා කරගැනීමට තරුණයකු ගෙනා ජංගම දුරකතනයෙන් සිය බිරියගේ අනියම් පෙම මාට්ටු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.


මේ තරුණයා නගරයේ ජංගම දුරකතන අලු‍ත්වැඩියා කරන මධ්‍යස්ථානයකට සිය ජංගම දුරකතනය රැගෙන ගියේ, එහි ඇතිවූ වීඩියෝ දුරකථන ඇමතුමේ අවුලක් ලිහා ගැනීමටය. ඒ තමාට වෙනදා මෙන් ළඟක සිට සිය ජංගම දුරකතනයට වීඩීයෝ කෝල් නොඑන නිසාය. 


ජංගම දුරකතන අලු‍ත්වැඩියා කරන කාර්මිකයා තරුණයාගේ ජංගම දුරකතනයේ තිබූ දෝෂය සොයාගෙන එම දුරකතනයට යළි වීඩියෝ කෝල් එන විදිහට සාදාදී වීඩියෝ ඇමතුමක් ගන්නා ලෙස තරුණයාට ජංගම දුරකතන කාර්මිකයා කීවේය. ඒ අනුව එම කාර්මිකයා ඉදිරියේම තරුණයා කාන්තාවක් සමග වීඩියෝ කෝල් එකට සම්බන්ධ විය. තමාට හොඳින් දැක පුරුදු රූපයක් හෙයින් ජංගම දුරකතන කාර්මිකයාද එම ඇමතුම පිළිබඳව විමසිලිමත් විය. එවිටම ඔහුට උන්හිටි තැන් අමතක විය. තරුණයාගෙන් ජංගම දුරකතනය උදුරා ගත්තේ මංකොල්ලකරුවකු ලෙසය. ‘කවුද ඒ ගෑනු කෙනා’ යැයි කාර්මිකයා තරුණයාගෙන් ඇසූවිට ඔහු කිසිදු කලබලයක් නොමැතිව පැවසුවේ තමාගේ පෙම්වතිය බවය.


‘ඇයි අයියේ මොකද්ද ප්‍රශ්නය?’ යැයි තරුණයා ඔහුගෙන් ඇසූවිට ඒ මගේ බිරිය යැයි කාර්මිකයා යටිගිරියෙන් කෑගැසුවේ තරුණයාට උතුර දකුණ අමතක වන ලෙසය. එයින් බියට පත්වූ තරුණයා තමා මගහැරුණු ඇමතුමකින් පෙමින් වෙලී ඇත්තේ විවාහක කාන්තාවක් සමග බව වැටහී රුපියල් විසිදහසක් වන සිය ජංගම දුරකතනය ද දමා එතනින් දිවගියේ තව එහි සිටියහොත් ඒකාන්තයෙන්ම ගුටි පූජාවකට මුහුණ දීමට සිදුවන නිසාය.



අදහස් (1)

වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා

sumudu nilanka Monday, 15 March 2021 10:07 AM

නියමයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site