IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැඩියෙන් ගානක් කපන්න ගිහින් අන්තිමට හිරෙත් යන්න වෙලා

(ගලිගමුව විශේෂ රොහාන් කුමාර  දිසානායක )

 

වාහන අලෙවිකරණ ස්ථානයෙන් මසකට ලැබෙන ලක්ෂ පහ මදිවී වැඩියෙන් හම්බ කිරීමට ගොස් අවසානයේ කිසිවක් නැතිව සිරගතවීමට සිදුවූ පුවතක් ගලිගමුව පිංදෙණිය පොලිසියෙන් වාර්තා විය.

ඔහු මවුපියන්ගෙන් ලැබුණු වාහන අලෙවිකරණ ස්ථානයක් අගනුවරට ආසන්න ප්‍රදේශයක පවත්වාගෙන ගිය අතර ආයතනයේ වැඩකටයුතු කිරීමට සේවකයෝ කීපදෙනෙක් සිටියහ. මේ ලෙස වාහන අලෙවි කරමින් සේවක පඩි ගෙවා මසකට ලක්ෂ පහක ආදායමක් ඉපයීමට ඔහුට හැකිවිය. මේ ලෙස සිටියදී හිතවතකු ගේ කීමට “කැසිනෝ”_ සූදුව කරන ස්ථානයකට ගොස් ලක්ෂ විස්සක් දිනා ඇති අතර ඔහුට තම වාහන සේල් එකෙන් මසකට ලැබෙන මුදලට වඩා මෙයින් වැඩිපුර මුදලක් උපයාගත හැකි බැවින් තම ආයතනය පසෙක තබා සූදුවෙන් වැඩිපුර හම්බකිරීමට යොමුවිය.

දිනපතා කැසිනෝ සුදුවට යන්නට පටන්ගත් ඔහු මුදල් පරාදවුවත් දේපළද උකසට තැබුවත් කිසිදු ලාබයක් නොවීය. විවාහකයකු වූ මොහු යහමගට ගැනීමට ඥාතීන් සමග බිරිඳ උත්සාහ ගත්තද ඉන් පළක් නොවීම නිසා ඔහුගේ බිරිඳ දරුවා සමග ඇයගේ මව්පියන්ගේ නිවසට ගොස් ඇත. තමා සන්තක සියල්ල නැති වූ පසුව තමන් භාවිතා කළ මෝටර් රථය ද උකස් කර එම මුදල් ද පරාදවූ පසු උකස් කිරීමට දෙයක් නොවීය. වැඩි තණ්හාවට ගිය ඔහුට තිබුණු දේත් ඉපයූ දේත් තම පවුලත් නැති විය.



අදහස් (4)

වැඩියෙන් ගානක් කපන්න ගිහින් අන්තිමට හිරෙත් යන්න වෙලා

චන්දා Saturday, 13 April 2019 02:53 AM

අමතක කරන්න එපා රටේ වැඩි ජන කැමැත්තෙනුයි මේ ඇමතිලා රට යහපාලේනෙට පත් කරගත්තේ.

:       1       5

himal Saturday, 13 April 2019 06:10 PM

අනික වැඩි තණ්හාව නොවේ මෙතන සූදුවට ගිය එකයි වැ‍රැද්ද.

:       0       4

UpulMonday, 15 April 2019 10:03 PM

තණ්හාය ජායතී සෝකෝ. තණ්හාව දුකට මුලයි.

:       0       12

nimal perera Tuesday, 16 April 2019 05:29 AM

ඇබ්බැහි වීම . නරක කාලයක් උදාවෙලා තේරුම් අරගෙන යලි හොද පැත්තට ඒවා ප්‍රාර්ථනා කරනවා . යහපතක් වේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 909 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site