ගංජාවලට ඇබ්බැහි වූ තෙල්දෙණිය ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් යතුරුපැදිවල නැගී ගොස් තෙල්දෙණිය රඹුක්වැල්ල ග්‍රාම පෙදෙසේ ‘වික්ටෝරියා ජලාශ රක්‍ෂිතයේ ගංජා උරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් එම ගංජා මත්ලෝලී තරුණයන්ට එළවා එළවා පහරදුන් පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා විය.
ගංජා සඳහා ඇබ්බැහි වූ තරුණයන් නිතර නිතර රඹුක්වැල්ල ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශ රක්‍ෂිත පෙදෙසට පැමිණෙන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන්ට ප්‍රදේශවාසීන් වරින් වර විරෝධය පළකර එම තරුණයන්ට ගංජා දුම්පානය සඳහා රඹුක්වැල්ල ප්‍රදේශයට නොපැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
එහෙත් ගම්වාසීන්ගේ බසට අවනත නොවූ උඩවෙල ප්‍රදේශයේ ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයන් කීපදෙනෙක් යතුරුපැදිවලින් පැමිණ ගංජා මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී කෝපයට පත්වූ රඹුක්වැල්ල ගම්වැසියන් පිරිසක් ඔවුනට පහරදී පන්නා දැමූ බව ප්‍රදේශවාසියකු පැවසීය. නැවතත් යළිත් මෙම ප්‍රදේශයට පැමිණ ගංජා මත්දුම් උරන්නේ නම් එම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ යතුරුපැදි ද සමග ඔවුන් අල්ලා තෙල්දෙණිය පොලිසියට බාර දෙන බව රඹුක්වැල්ල ගම්වාසීහු පැවසූහ. පාසල් හැරගිය වයස අවුරුදු 20-25 පසුවන සහ අමතර පන්තිවලට යන තරුණ සිසුන් මෙන්ම පාසල් සිසුන්ද යතුරුපැදිවල පැමිණි වික්ටෝරියා ජලාශ රක්‍ෂිත පෙදෙස්වල ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බව තෙල්දෙණිය සහ රඹුක්වැල්ල ප්‍රදේශවාසීහු පවසති.
(ජේ.ඒ.එල්. ජයසිංහ)
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටෝරියාව උඩ ජොලිය අම්බානකට කා නවතී