IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලොක්කට හේත්තු වෙන්න ගිහින් මදි නොකියන්න මඩ නාගෙන

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
ආයතන ප්‍රධානියාට ළංවීමට ගොස් ආයතන ප්‍රධානියාට පමණක් නොව මුළු ආයතනයටම මුහුණ දීමට නොහැකිවූ පුද්ගලයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.


හේ මාන බල බල සිටියේ ආයතන ප්‍රධානියා තමාට කිට්ටු කර ගැනීමටය. එයට හේතු කිහිපයක්ම තිබිණ. එකක් ඔහු සමග ඇසුරු කිරීම ලොකු ගෞරවයක් ලෙස සිතීමය.


අනෙක ෂෝට් ලීව්, ෂේප් ලීව්, පොඩි පහේ අතිකාල පාරක් දමා ගැනීම වැනි සිල්ලර කාරණාය.


මේ සඳහා අවස්ථාව උදාවනුයේ ආයතන ප්‍රධානියා ඇතුළු පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ඔහු පදිංචි නගරය හරහා කොළඹ සිට කතරගම බලා යාමට යොදාගෙන තිබූ රාජකාරි ගමනය. මෙය ඇසූ සැනින් ඔහුගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය. බොස්ලා කතරගම යන අතරමග සිය නගරයේ ඉතාම සුන්දර තැනක පිහිටි නිවාඩු නිකේතනයක ඔහු පුංචි පහේ පාටියක් සූදානම් කරන්නේ ඒ අනුවය.


බොස් සමග ඔහු එකම මේසයේ දැන් සිටියේය. මෙය සිහිනයක් දැයි ඔහුට කිහිප අවස්ථාවකම සිහිවුවත් බොස් තමා සමග එකම මේසයේ සිටිනු සැබෑවක් බැව් දැනුණු විට ඔහුගේ සතුට නිම්හිම් නැතිවූවාක් සේ විය.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් තිබිණ. හදිසියේම ඔවුන් පාටිය දැමූ නිවාඩු නිකේතනය ඉදිරිපිට ත්‍රිරෝද රථයක් නතර කෙරිණ. එයින් බැසගත් කාන්තාවක් සාදය මැදට පැන්නාය.


‘හා තමුසේ අදත් මේ වැඩේනේ. ගෙදර දරුවන්ට කන්න මෙලෝ දෙයක් නැහැ. තමුසේ මෙතන පාටි දමනවා. අනේ හැබෑටම මෙහෙමත් මිනිහෙක්. මම අද කිව්වානේ බොන්න එපා. බොන තැන හොයාගෙන එනවා කියලා. එනවා දැන් ඉතිං ගෙදර යන්න...’ කියමින් ඔහුට කිසිම දෙයක් කතා කරන්නට ඉඩ නොදී ඇදගෙන ගොස් ත්‍රිරෝද රථයේ නංවාගෙන යන්න ගියාය.


සිදුව ඇති දේ තේරුම් ගැනීමට බොස් ඇතුළු පිරිසට වැඩි වේලාවක් ගත නොවීය.


මේ නිසාම ඔහු සූදානම් කළ සාදයේ බර පැන ගෙවන්න සිදුවුණේද බොස් ඇතුළු පිරිසටය.


ආයතන ප්‍රධානියාට කිට්ටු වෙන්න ගොස් භාර්යාව කළ මේ අවනම්බු සහගත වැඩය නිසා දැන් ඔහුට මුළු ආයතනයටම මුහුණ දී ගන්නට බැරිව වෙන සේවා ස්ථානයකට මාරුවීමක් ගැනීමට දිවා රෑ නොබලා මහන්සි වෙනවාලු.

 



අදහස් (0)

ලොක්කට හේත්තු වෙන්න ගිහින් මදි නොකියන්න මඩ නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site