IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරේ වෑන් රියැදුරා ‘සාක්කිකාරයෙක්’ පාරේ දමා පැන ගිහින්

(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
තම මෝටර් රථයේ හප්පා පලාගිය වෑන් රථ රියදුරු එම වෑන් රියේ සිටි බව කියන පුද්ගලයකුගේ දෙඩවිල්ල නිසා අතේ මාට්ටු වීමේ සිදුවීමක් මාවතගමින් අසන්නට ලැබේ.


මාවතගම සිට කුරුණෑගල දක්වා යුවළක් ගමන් කරමින්  සිටි තම මෝටර් රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් හප්පා අලාභ සිදුකරනු දුටුවේය.


වෑන්රථයෙන් පැමිණි රියදුරු ඇතුළු සියලු දෙනාම බීමතින් සිටින බව මෙම යුවළට දැකගන්නට ලැබිණි.            


තම වාහනයට හානි සිදුකළ වෑන් රථයෙන් අලාභය ඉල්ලා  සිටියේ කළ හැකි දෙයක් නැති තැනය. බීමතින් සිටි  රියදුරු ඇතුළු පිරිස    එය තරයේ ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ වෑන්රථය හරවාගෙන පලා ගියේ විදුලි වේගයෙනි.


පලාගිය වෑන් රථයේ සිටි එක් අයකු වෙරිමරගාතේ වමනය කිරීමට බැස සිටියදී වෑන්රථය පලායාම නිසා අතරමංව සිටිනු දකින්නට ලැබිණි.


යුවළ වෙරිමරගාතේ සිටි පුද්ගලයා තම වාහනයට නංවාගෙන ⁣   කුරුණෑගල  පොලිසිය වෙත ගෙනයනු ලැබිණි. බීමතින් රිය පදවා තම  මෝටර් රථයේ හප්පා පලාගිය රියැදුරුගේ සියලු තතු වෙරිමතින් සිටි   පුද්ගලයා විසින් වමාරනු ලැබිණි. 


වහා ක්‍රියාත්මක වූ පොලිසිය වෑන්රථ රියැදුරුට විරුද්ධව බීමතින් රිය පැදවීමත් වෙනත් වාහනයක හප්පා හානි කිරීමත් පිළිබඳ කටයුතු කළේය.



අදහස් (0)

රිය අනතුරේ වෑන් රියැදුරා ‘සාක්කිකාරයෙක්’ පාරේ දමා පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site