(පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි )
ලක්ෂ ගණනාවක් වටිනා නිවෙසක් ඇතුළු දේපළක් විකිණීම සඳහා පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව එම දේපළ හිමිකරුට දුර කතනයෙන් ඇමතූ පුද්ගලයෙකු නිධානයකින් හමුවූ රන් කාසි තොගයකට එම දේපළ මාරු කිරීමට කළ ඉල්ලීමක් දේපළ හිමිකරු විසින් ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ලක්ෂ 150ක් පමණ වටිනා දේපළ විකිණීම සඳහා ඉරිදා පුවත්පතක මෙම දැන්වීම පළ කර ඇති අතර ඒ අනුව දුරකථන ඇමතුම් රාශියක් ලැබී ඇත.
ඒ අතරින් කතා කළ එක් පුද්ගලයකු පවසා ඇත්තේ “මහත්තයා, මම මේ කතා කරන්නෙ මැදවච්චිය පැත්තෙන්, අපේ තාත්තා ගල් වළක් කරන කෙනෙක්. තාත්තට පහුගිය දවසක ඒ වළේ තිබිල කාසි මුට්ටියක් හම්බ වුණා. ඒකෙ රන්කාසි කිලෝ හතක් තිබුණා. අපි ඒ කාසියක් ටවුමෙ රත්තරන් බඩු කඩේකට ගෙනිහිල්ල පරීක්ෂා කරල බැලුවා. එක කාසියක් රුපියල් දහතුන් දාහක් විතර වටිනවා කිව්වා.”
බොහොම බය පක්ෂපාතී හඬකින් එසේ කතාව කියාගෙන එන විට දේපළ හිමිකරුට අවබෝධවී ඇත්තේ මේ පුද්ගලයා තමාව ඇන්දවීමට සැරසෙන බවයි.
‘‘මේ...., ඔය වගේ රන් කාසි ගනුදෙනුවලට අහුවෙලා අමාරුවෙ වැටුණු අය ගැන අපි මාධ්‍යවලින් ඕන තරම් දැකල තියෙනව, කෝටි කීයක් වටිනව වුණත් මට නම් ඔය රන් කාසි එපා.” කියමින් ඔහු දුරකථනය විසන්ධි කර ඇත.
2025 නොවැම්බර් මස 21
15
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
134
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
981
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රන්කාසි මුට්ටියට ගෙයක් හුවමාරු කරගන්න ගිහින්