IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෙදි සාප්පුවට ආ අලූත් කළමනාකරුට අපූරු පරීක්‍ෂණයක්

නව මාදිලියේ කාන්තා ඇඳුම් අලෙවි සලකි. එය ඉදිරිපිට ”කළමනාකරුවකු සඳහා ඇබෑර්තුවක්” ඇත. යනුවෙන් දුරකතන අංකය සහිත දැන්වීම් පුවරුවක් එල්ලා තිබුනි. තරුණයෝ කීපදෙනෙක්ම චරිත සහතික අධ්‍යාපන සහතික පලපුරුදුකම් පිළිබඳ ලිපි යනාදිය රැුගෙන ආයතනයේ හිමිකරු හමුවූහ. එක් තරුණයෙකු දෙස අවධානය යොමුකළ අලෙවි සල් හිමියා ඔයා හෙට ඉදලම වැඩට එන්න කීවේය. ස්තුතියි මෙන්න මගේ සහතික තරුණයා අනාගත  හාම්පුතා වෙත ලිපි ගොනුවක් පෑවේය. ආ..... සහතික බලමු. පස්සේ ඉස්සරවෙලා බලමු වැඩ හිමිකරු කිවේ සිනාසෙමින් අතට අතදී සුභපතමිනි. තරුණයා සමුගත්තේ  මරු බඩුවක් යනුවෙන් සිතා හෙට උදේම එනවා  යනුවෙන් තීරණය කරමිනි. තරුණයා වැඩට ආවේය. කැෂියර් මේසය ඔහුට බාරදී හිමිකරු සමුගත්තේ හරියට කෙරුවොත් වරදින්නේ නෑ මම හොඳ වැටුපක් ගෙවනවා කියමිනි. අලූත්  මැනේජර් ගේ තෙවෙනි රාජකාරි දින උදෑසන හැඩකාර දඟකාර එමෙන්ම කටකාර තරුණියක් පැමිණියාය. ”ගුඞ් මෝනින්” මම අලූත් ස්ටයිල් ඇඳුමක් බලන්න ආවා. මැනේජර් ඉදිරියේ සුරතල් වෙමින් ඇය කීවාය. බලන්න නංගී  අපි ගාව නිව් මොඩල් බඩු තියනවා අපේ රටට තවම යුස් නොකළ ස්ටයිල් තියනවා. ඔහු කිවේය. අඩහෝරාවකින් පමණ ඇඳුමක් තෝරාගන ඇය ඔහු වෙත ආවේ අඟර දඟර පාමින් ආදරය ඉල්ලන සිනා රැල්ලකින් මුව සරසාගෙනයි. ඔහු ඇඳුමේ මිල කීවේය.”ප්ලීස් අනේ ටිකක් ගාන අඩුකරන්නකෝ... මේ වාගේ ඇඳුම් වලට කොමිස් නැද්ද? කොළඹ නම් ටෙන් ප‍්‍රසන්ට් වත් දෙනවා. උකුළු මුකුළු සිනා පාමින් ඇය ඇසුවාය. බලමු යයි පැවසූ ඔහු ඇය දුන් රුපියල් දෙදාහේ නෝට්ටුව  අතට ගෙන ඇඳුම් පාර්සලය සමග නැවත එම දෙදහම ඇයට දුන්නේ ස්තුතියි නැවත එන්න යනුවෙන් පවසමිනි. ඇය ඔහුගෙන් සමුගත්තේ ඔහුගේ දුරකතන අංකය ඇගේ ජංගම දුරකතනයේ  ගබඩා කර ගනිමිනි. පසුදින උදේ මුදලාලි කඬේට ආවේය. පුතා ඔයා  ඉතා හොඳයි. ඒත් පුතා ඔයාට කෙල්ලන් එක්ක ”බිස්නස්” කරන්න බෑ උන් දැක්කම කරන දේත් අමතක වෙනවා. මගේ පරීක්‍ෂණයෙන් ඔයා අසමත් ඊයේ මෙහාට රෙදිගන්න ආවේ මගේ දුව. කීප දෙනෙක් පේල් වුණේ ඔය පරීක්‍ෂණයෙන් තමයි හෙට ඉඳල ඔයා වැඩට එන්න එපා. බැන්ඳාම එන්න. එන්න මම රස්සාව දෙන්නම් මුදලාලි ඔහු රැකියාවෙන් අස්කළේ මුදලක්ද අතට දෙමිනි.



අදහස් (0)

රෙදි සාප්පුවට ආ අලූත් කළමනාකරුට අපූරු පරීක්‍ෂණයක්

කේ.ජී.කේ පාලිත Saturday, 03 December 2011 01:00 PM

රාජ බොරුවක් ඇත්ත වගේ ලියල තියෙනවා. අමකත කරන්න එපා මේක ලංකාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site