රට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි සැමියකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව පොලීසියෙන් දැනගැනීමට ලැබෙයි.
මැදිවිය ඉක්ම වූ මේ පුද්ගලයා විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් මහතා (48368) වෙතට යොමු කෙරිණි.
“ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල?”අජිත් රාලහාමි විමසීය. “මට ගෑණිත් එක්ක ඉන්න බෑ” ඔහු පිළිතුරු දුන්නේය.
“ඒකට හේතුව” රාලහාමි යළි ඇසීය. “ගෑනි මගෙත් එක්ක රණ්ඩු කරනවා” ඔහු කීය.
‘ඒකට හේතුවක් ඇති නේ’ රාලහාමි ඇසීය.
“හේතුව මේකයි ගෑනි රට ගිහිල්ලා ආවා. මං ගෑනි ළඟට යනකොට ඒකි නරක කතාවක් කියනවා. මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා. මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. ගෑනි මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. හප්පේ මං දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ” යි කියමින් ඔහු ඇඹරෙන්නට විය.
“මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” රාලහාමි පොලිස් ප්‍රයෝගයක් අනුගමනය කෙළේය.
“ඒක මහ අමුතු සෙල්ලමක්” කී මැදවියේ පුද්ගලයා රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය.
“ම් ... ඒකත් එහෙමද?. ගෑනිට වයස අවුරුදු හතළිස් දෙකක් විතර වෙනවා කීවා නේද? මං නිකමට වාගේ යෝජනාවක් කරන්නම්. තමන් අරක්කු භාගයක් බීලා ගිහින් ගෑනිගෙ ආශාව ඉෂ්ට කරනවා” රාලහාමි විහිළුවට මෙන් කීය.
“භාගයක් නෙමෙයි කල්දේරමක් බීලත් මට ඕක කරන්ඩ බෑ. එව්ව ඕන නෑ. මට ඒකිගෙන් වෙන් වෙන්ඩ අවස්ථාව හදලා දෙනවා නම් ඒ ඇති.” මැදිවියේ පුද්ගලයා ඉල්ලා සිටියේය.
“හා...හා... කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමන්ගේ බිරිඳට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔය නරක පුරුදු අයින් කර ගනීවි” යි කියා රාලහාමි කියන විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතුවුණේය.
(ගල්ගමුව නිහාල් ජයවීර)
වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.
අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක්
පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි.
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන්
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
රට ගිහින් එද්දී ඉගෙනගෙන ආ ‘අමුතු සෙල්ලමෙන්’ මිනිහට ගෑනි එපාවෙලා