(තිහගොඩ උපසේන ලියනගම)
මුදල් කටයුතුවලට සම්බන්ධ ආයතනයක ක්‍ෂේත‍්‍ර නිලධාරීන් දෙදෙනකු පසුගියදා දෙනියාය ප‍්‍රදේශයේ සිය අලූත් යතුරුපැදියෙන් ගමන් ගන්නා අතර එහි ඉන්ධන අවසන් වූ බව පෙනිණි.
අසල ඉන්ධන පිරවුම් හලක් ද නොවූයෙන් කුඩා කඩමණ්ඩියක සිටි අයකුගෙන් වැඩි මිලට හෝ පෙට්ට‍්‍රල් ගත හැකි තැනක් ගැන ඇසීය. තරමක් එහා වූ ස්ථානයක් පෙන් වූ ඔහු ‘‘පෙට්ට‍්‍රල් කියන්න එපා විකුණන්න මිනිස්සු බයයි. සයිකලේ පෙන්නලා බඩු තියේ දැයි අහන්න. ඒකයි ක‍්‍රමේ’’ කීවේය.
ඔහු පෙන්වූ ස්ථානයේ බඩු අවසන්ව ඇති බව කී ඒ කඬේ මුදලාලි තවත් එහා තැනක බඩු ඇති තැනක මං සලකුණු කීවේය. ඔවුන් යතුරුපැදිය තල්ලූ කරගෙන එහි ගිය අතර එක් අයකු පාරේම සිටිය දී අනිකා සයිකලය පෙන්වා. ‘‘බඩු තිබේ දැයි’’ ඇසුවේ රහසිනි එහි සිටි කොලූවකු ‘‘ඔව් සර්, ගල් ද පොල් ද,’’ ඇසූවෙන් ඔහුට තරු පෙණිනි. මෙතෙක් පාරේ යතුරුපැදිය නවතාගෙන සිටි යහළුවා ළඟට ගිය ඔහු ‘‘බඩුම තමයි, මේක හොර අරක්කු පොළක්’’ බං කීවෙන් යතුරුපැදියේ සිටි යහළුවාට දෙවියන් සිහිවුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ තමයි ඒකත් (නි)
දෙනෝදාහක් මැද්දේ මහා දවල් පෙතිගහලා මිනීමරන රටේ පෙට්‍රල් ටිකක් ඉල්ලන්න මේ තරම් බයද? (නි)
බඩුම තමා!!!(අ)
හරි ශෝක් නේද (අ)
මේක කියවලා මට හොඳටම හිනා (නි)