IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යකා යකින්නිය දෙන්නම ගේ ඇතුළේ

දකුණු පළාතේ උපනගරයක් ආසන්නයේ වූ නිවසකි. මුදල් ගැටලුවක් නිසා උදේ පාන්දර අඹුසැමියන් අතර ගැටුම උත්සන්න වී උණුසුම් වචන හුවමාරු වන විට එතැන සිටි පොඩි දුව රැගෙන සීයා මිදුලට බැස්සේ නරක වචන ඇයටත් ඇසේ දැයි බියෙනි. දුවගේ අවධානය වෙනතකට යැවීමට සිතූ සීයා ඇයට මෝඩ ගමරාළ හා යකාගේ කතාව කියා දුන්නේය.

මොහොතකින් ගෙතුළින් ආ උණුසුම් වචන අඩුවිය. සියා මදක් ඉවතට ගිය අතර දුව මව සොයා කුස්සියට දිවගොස් යකා කියන්නේ මොකාටදැයි ඇසූ කළ යකාද යකා ඔන්න ඉස්සරහ කාමරේ ඉන්නවා කීවේ කෝපයෙනි. ඇය ඉස්සරහ කාමරයට දිව ගොස් යකා මෙතැන ඉන්නවා දැයි පියාගෙන් ඇසූ විට යකා නං මෙතැන නෑ ඒත් යකින්නියක් නං අන්න කුස්සියේ ඉන්නවා කීය. යළි කුස්සියට දිව ගිය ඇය මවගෙන් යකින්නි කියන්නේ කාටදැයි ඇසුවාය. කෝපයට පත්වූ මව කරුණු තේරුම්ගෙන යනව යන්න මෙතැනින් කීවේ කෝපයෙනි.


මොහොතකින් සීයා සොයා ගිය දැරිය සීයේ යකින්නි කියන්නේ කාටදැයි නැවත ඇසුවාය. යකින්නි කියන්නෙ යකාගෙ ගෑනු සතාට. සියා කියත්ම මදක් කල්පනා කළ දැරිය හරි මේ ගෙදර ඒ දෙන්නම ඉන්නවා කීවේ තරමක උස් හඬිනි. මෙය ඇසෙන මානයේ සිටි මවට පියාට මෙන්ම සියාටත් දෙවියන් සිහි උනාලු.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

යකා යකින්නිය දෙන්නම ගේ ඇතුළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site