(ගලහ - ඩබ්ලිව් .ඒ. අසේල)
භූමදානය කරන ලද මෘත දේහයක් මල් ශාලාවෙන් පැමිණ යළි ගොඩගෙන රැගෙන ගිය බවට පැතිරුණු කටකතාවක් නිසා ගමක් කුලප්පු වූ කතාවක් මහනුවර හේවාහැට ප්‍රදේශයෙන් වාර්තා විය.

අසනීප වී මාස දෙකක් පමණ රෝහල් ගත වී සිටි කාගෙත් හිත දිනාගත් තරුණයෙකු අකාලයේ මියයාම නිසා ගමක්ම ඉතාමත් කනස්සල්ලෙන් පසුවිය. එම මරණය පිළිබඳ සැකයක් ඇති බවට ද ගමේ කා අතරත් කසුකුසුවක් ඇතිවීම නිසා බොහෝ දෙනා මේ පිළිබඳව තරමක් අවධානයෙන් පසුවිය.
මෙම තරුණයාගේ අවමගුල් කටයුතු පසුගිය සතියේ දිනක සිදුවූ අතර ඉන් දින තුනකට පමණ පසු මෙම මෘත දේහය යළි ගොඩගෙන මල් ශාලාවට රැගෙන ගිය බවට ගම පුරා කට කතාවක් පැතිර ගියේය.
සිද්ධිය මෙසේය.
පසුගිය දිනයක එම ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් මල් ශාලාවෙන් රැගෙන විත් නිවසේ තබා අවමගුල් රථය නැවත යන අතර රියැදුරු හා සහායක විඩාව සංසිදුවා ගැනීමට කනත්ත අසල ගසක් යට නවතා ඇත. ඒ අවස්ථාවේ ගොවීන් පිරිසක්ද කනත්ත අසල ගසක් යට උදලු ද අතැතිව ගිමන් අරිමින් සිට ඇත.
මේ සිද්ධි දෙකම කනත්ත අසල මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගිය ගමේ පිරිසක් දැක ඇති අතර ගමට ගිය ඔවුන් “අන්න අර වළදාපු මිනිය මල් ශාලාවෙන් ඇවිත් ගොඩ ගෙන අරන් යනවා” පවසා ඇත.
“මිනිය ගොඩගන්න වළ හාරන්න ගිය පිරිස තවමත් උදලු_ තියාගෙන එතැන ඉන්නවා” යැයි ද ඔහු පවසා ඇත. සිද්ධියෙන් කුලප්පු වූ ගැමියන් වැල නොකැඩී කනත්ත අසලට පැමිණ ඇති අතර පැමිණි පසු කාටත් සිද්ධිය අබබෝධ වී ඇත.
පණිවුඩය දුන් පිරිස සොයාගෙන ගිය ගමේ කවුරුත් ලුනු ඇඹුල් ඇතිව කනේ ඇගිලි ගහගන්නට ඇති තරම් බැණ වැදී ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල් ශාලාවකින් ඇවිත් මළමිනියක් ගොඩ අරන්
gamage Saturday, 10 August 2019 08:40 AM
මෙවැනි තේරුමක් නැති අසූචි කතාවක්.. වැදගත් කාර්ය බහුල ජනතා අපගේ කාලය නාස්ති කරන එක විතරයි වෙන්නේ...