IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මල් කලඹ දැකලා දවල් තරු පෙනිලා

(දිල්රුක්ෂි ග්‍රේරු)
තමා සේවය කරන ආයතනයේ ප්‍රධානියාගේ උපන්දින සාදය වෙනුවෙන් ගෙනා මල් කළඹ එය මිලට ගත් ආයතනයේ නම හේතුවෙන් ආපසු රැගෙන ඒමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු කාර්යාලයකින් වාර්තා විය.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


රටපුරා පිරිවරා ගත් කාර්යාල පද්ධතියක් හිමි ආයතනයකි. එහි ප්‍රධානියාගේ උපන්දිනය  පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට රටපුරා විසිරි ඇති කාර්යාලවල සේවකයෝ කටයුතු සංවිධානය කළහ.


 කොළඹ නගරාසන්නයේ පිහිටි එක්තරා කාර්යාලයක සේවක සේවිකාවෝ පිරිසක්ද පාටියට සුදානම් වූහ. පාටියද ලහි ලහියේ සංවිධානය කෙරිණි. රටපුරා ව්‍යාප්තව ඇති සියලුම කාර්යාලවල පිරිස් ආයතනයේ ප්‍රධානියාට මල් කළඹක් දී සුභ පැතීමට තකිකා කර ගත්හ. ඒ අනුව කොළඹ නගරාසන්න ආයතනයේ සේවකයන් කාර්යාල සහයකයාට මුදල් දී ඉතා වටිනාකමින් යුතු මල් කළඹක් රැගෙන එන්නැයි පිටත් කැර හැරියේය. එම මල් කළඹට බිලක්ද සුභ පැතුම් කාඩ් පතක්ද සකස්කරගෙන එන්නැයි කාර්යාල ප්‍රධානීහුද කාර්යාල සේවකයනට උපදෙස් දුන්හ. 


ඒ අනුව කාර්යාල සහායකයා ලංකාවේ මල් වැඩවලට ප්‍රසිද්ධ ආයතනයකට ගොස් මල් කළඹක් ගෙන බිල්පතද සුභපැතුම් කාඩ් පතද සකසාගෙන ගෙනැවිත් දුන්නේය.


 පාටිය ආරම්භ වෙන වේලාවට කලින් පිරිස උජාරුවෙන් එම ස්ථානයට පැමිණියහ. පාටිය ආරම්භ විණි. ඉතා අලංකාර ලෙස  සකසා තිබූ මල් කළඹ අතට ගත් සියුමැලි දෑතක් එය ඔතා තිබූ කොලය ඉවත් කළාය. පිරිසගේ ඇස්  උඩ ගියහ. අම්මෝ මේකනම් දෙන්න බෑ. අපි අර මළගෙදර යන්න මල්වඩමක්  ගත්තෙත් මෙතැනින්නේ. මේක දක්කොත් බොස් අප්සට් යයි. ඒ නිසා අප මේ මල් කළඹ නොදී හෙමින් සැරේ  අනෙක් මල් ගොඩ තියා එමු යැයි  කතිකා කර ගත්හ. ඒ අනුව අතට අත දී සුභ පතා මල් කළඹ සඟවා ඔව්හු ආපසු කාර්යාලයට පැමිණියහ. 

 



අදහස් (0)

මල් කලඹ දැකලා දවල් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site