IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මල්වතුඔයේ වතුර වැඩිවන තුරු ඔලිම්පික් ඔට්ටුව කල් දමලා

මිතුරෙකුගේ උපන් දිනය දා කිහිප දෙනෙක් මධුවිත තොලගාමින් සිටියහ. ක‍්‍රීඩාවට ඇල්මක් දැක්වූ මෙම තරුණයන් ඒ වේලාවේ නරඹමින් සිටියේ ඔලිම්පික් තරගයයි. තරග අතරතුරදී මිතුරන් පිරිසක් පැවසුවේ මෙවර ද රන් පදක්කම් වැඩි ප‍්‍රමාණයක් ලබා ගන්නේ ”චීනය” බවය. අනෙක් මිතුරන් පැවසුවේ චීනය නොව ඇමෙරිකාව බවය. අවසානයේදී මොවුහු අපූරු ඔට්ටුවක් ඇල්ලූහ. ඒ තමන් ජයග‍්‍රහණය කරනු ලබන බව පවසන රට පරාජය වුවහොත් ඒ අය මධ්‍යම රාත‍්‍රි දොළහේ සිට අලූයම තුන දක්වා මල්වතු ඔයට උපන් ඇඳුමෙන් බැස ස්නානය කළ යුතු බවය. බොහෝ කලකින් මල්වතු ඔයේ ස්නානය කර නොතිබූ නිසා සියල්ලෝම එයට එකඟ වූහ. බමන මතින් සිටියද දෙපිරිසේම අදහස වූයේ ඔට්ටුව සාදයට පැමිණි මිතුරන් හැර අන් අය දැන නොගත යුතුය යන්නය. දින කිහිපයකට පසු ඔලිම්පික් ක‍්‍රීඩා උත්සවය නිමා වූ අතර, ජයග‍්‍රහණය කළේ ඇමරිකාවය. ඔට්ටුවෙන් පරාජයට පත්වූ අය දිනූ අය සමග පසුගිය දිනෙක කාටත් හොරා රාත‍්‍රි 11.45ට පමණ මල්වතු ඔය වෙත පිය නගන්නට වූහ. පාරේ කිසිවකුත් නොවූහ. ඔට්ටුව පරාජය වූ තරුණයෝ ඇඳුම් සියල්ල උනා තබා මල්වතු ඔයට බටහ. මාස කිහිපයකින් අනුරාධපුරයට වර්ෂාව නොලැබුණු නිසා මල්වතු ඔයේ වතුර තිබුණේ ස්වල්පයකි. එම වතුරේ ද දුර්ගන්ධයක් පැවතුණි. තරුණයෙක් පැවසුවේ ”මේ වතුර නෑවා නම් කොළරාව තමයි” යනුවෙනි. ඔට්ටුව ජයග‍්‍රහණය කළ තරුණයෝ ද පැමිණ ජලය පිරික්සූහ. ඔවුන්ගේ අදහස වූයේ වරුසාව ලැබී මල්වතු ඔය පිරුණාට පසු ඔට්ටුව ඉටු කිරීම සාධාරණ බවය. නැවත ඇඳුම් ඇඳගත් ඔට්ටුව පරාජය වූ කණ්ඩායම මිතුරන් සමග නිවෙස් බලා පිටත් විය.



අදහස් (0)

මල්වතුඔයේ වතුර වැඩිවන තුරු ඔලිම්පික් ඔට්ටුව කල් දමලා

මධුර Thursday, 23 August 2012 06:32 PM

හොද වෙලාවට වැස්සෙ නැත්තෙ...(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 23 August 2012 01:57 PM

ඕකට ඉතිං රෑටම යන්න ඕනයැ දවල්ටත් කරන්න තිබුණනේ..!!(නු)

:       0       0

ප්‍රීතා Thursday, 23 August 2012 03:00 PM

මල්වතු ඔයේ කිඹුල්ලු ඉන්නවා .පොඩ්ඩක් අනාගතේ ගැන හිතුවොත් නරකද . ඔය ඔට්ටුව අතහැරලා දාන්න.(ස)

:       0       0

Niran Thursday, 23 August 2012 09:53 AM

අයියෝ මෙහෙම දේවල් (දී)

:       0       0

වරුණ Thursday, 23 August 2012 09:58 AM

ඉතින් මොකටද දෙයියෝ සාක්කි ??? (ස)

:       0       0

චන්දුසිරි Thursday, 23 August 2012 03:53 PM

බොරු...(ස)

:       0       0

කුෂාන් Saturday, 25 August 2012 01:08 PM

බාලගිරි දෝසෙද වැස්සට...(ස)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 23 August 2012 10:51 PM

මල්වතු ඔයේනෙ බැරි උනේ අස්ගිරි ඔයේ නාන්න පුළුවංනේ.. දෙකම එකයි..!!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 24 August 2012 01:32 PM

අනුරාධපුරේට හෙට අනිද්ද වහිනවලු (ස)

:       0       0

සජී Thursday, 23 August 2012 12:12 PM

පරදින්නෙ දිනන්නෙ කවුරුවත් කටු කන්නේ අපේ අය..!!(නු)

:       0       0

වික්‍රම Thursday, 23 August 2012 12:16 PM

දැන් මොකක්ද මේකෙන් ගන්න තියෙන්නේ? (නි)

:       0       0

නාලක Friday, 24 August 2012 02:35 AM

මොනවද මින් බලාපොරොත්තු වන්නේ? (නි)

:       0       0

සජීර් Sunday, 26 August 2012 06:38 PM

හූ හූ හූ.... (නි)

:       0       0

සජීර් Sunday, 26 August 2012 06:41 PM

මෙහෙමත් පිස්සු වැඩ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 23 August 2012 12:46 PM

ඕක නම් මොකද්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30526 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site