සිය මවගේ සැත්කමකට කියමින් බස් රථයක ගීත ගායනා කර සම්මාදමේ යෙදී සිටි තරුණයකුට කාන්තාවකගේ කතාවෙන් දවල් තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වන බස් රථයකි. බස් රථය එක් ප්‍රධාන නගරයකින් පිටත් වනවිටම බස් රථයේ සෙනග පිරී සිටියහ.
බස් රිය ටික දුරක් ගමන් ගන්නා විට එක් තරුණයකු ගිටාරයක් ද රැගෙන බස් රථයට ගොඩවිය. බස් රථයට ගොඩ වූ ඔහු කිසිදු කතාවක් නැතිවම ජනප්‍රිය ගීතයක් ගායනා කළේය. ඒ ආකාරයට ගීත කීපයක්ම ගායනා කළ ඔහුගේ ගී හඬට බස් රියේ බොහෝ දෙනෙක් වශී වී සිටියහ.
ටික වේලාවකින් ගී ගැයීම අවසන් කළ ඔහු කතා කරන්නට පටන් ගත්තේය. නෝනාවරුනි, මහත්වරුනි, මා මේ ගී කියන්නේ බොරු කියලා මුදල් හම්බ කරන්න නෙවෙයි. මගේ අම්මාට ඉතා ඉක්මනින් සැත්කමක් කරන්න ඕන. ඒකට අවශ්‍ය මුදල් හොයා ගන්නයි මේ විදිහට ගීත ගායනා කරන්නේ. පුළුවන් නම් කීයක් හරි දෙන්න පින්සිද්ධ වෙයි. ආදී වශයෙන් කියන්නට පටන් ගත්තේය. ඒත් සමඟ බස් රථයේ සිටි ඇතැමෙක් තමන්ට හැකි පමණින් ඔහුට ආධාර කළහ.
මෙම තරුණයා බස් රථයේ මැද කොටසට යන විටම එක් මැදිවියේ කාන්තාවක් නැගී සිට ඇයි ළමයෝ ඔය ළමයට ලැජ්ජාවක් නැද්ද මැරුණ අම්මා විකුණගෙන කන්න. ඔය ළමයගේ අම්ම මමත් හොඳින් අඳුනනවා. එයා මැරිලා දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලනේ කියනවාත් සමඟම තරුණයා අන්දමන්ද විය. ‘නෝනට වැරදිලා ඒ මම නෙවෙයි’ ආදී තවත් බොහෝ දෑ ඔහු කීය. මේ සද්දෙට බස් රථයේ වේගය අඩු කර රියැදුරු මහතා ද ඒ මොකක් දැයි බැලීමට උත්සාහ කිරීමේදී ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු එක්වරම බස් රථයෙන් බැස නොපෙනී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා... (නි)
මීට වසර තිහකට පමණ පෙර මා සේවය කල ආයතනයේ සේවකයෙකුගේ මවගේ මල ගෙදරට මම සහභාගී වුුනා . මල ගෙදරට කොළඹ වරායෙන් විශාල සහයෝගයක් , සහභාගිත්වයක් තියන බව පෙනුනා .අවමංගල්‍ය උත්සවයේදී වරායේ සේවය කරන මියගිය කාන්තාවගේ පුතා වෙනුවෙන් කතාවක් පවා පැවැත්වුවා . පසුව ආරංචි වුනේ මියගිය තැනැත්තියේගේ වැඩිමල් සොහොයුරියගේ (ඇය මියගොස් වසර ගණනාවක් වෙනවා ) පුතා වරායේ සේවය කරන බවත් , තම පුංචි අම්මාගේ මරණය ඔහු තම මවගේ මරණය ලෙස දක්වා ආධාර උපකාර ලබා ගෙන ඇති බවයි (අ)
අම්ම ජිවත් වෙලා ඉන්න කාලේ හැඩි , දැඩි කළා මදිවාටද ? මියගිය මවට මෙහෙම කරන්නේ අසංවර පුතෙක්. (ර)
අනේ මෙහෙමත් මෘග පුත්තු! (නි)
හිටපු රාජකීයන් මේ දිනවල විකුණන බව කියන කිසිවක් නිතර අසන්නට ඇත. ඒ වගේම මහා පරිමාණ රාජ්‍ය දේපළ වංචාවන් ගැනද අසන්නට ඇත.මේවා සිදුවන්නේ ඔවුන්ට සමාජය විසින් උරුම කළ දුප්පත් කම නිසාවත් නුගත් කම නිසාවත් නොවේ.මේ පුද්ගලයා වැන්නෙක් මුදල් පසුම්බියක් සොරකම් කළොත්, නැති නම් ආහාර වේලක් සඳහා මව විකිණීමක් කළොත් සමාජයට ඔහු නරුමයකි. මේ පුද්ගලයා පිළිකුල් කිරීමටත්, ඉහත ඇත්තන් මේ යුගයේ දෙවිවරු වශයෙන් සැළකීමත් කරන අපේ සමාජය ගැන තේරුම් ගත නොහැකිය. (බ)
ලංකාවේ ගොඩක් මිනිසුන්ට පෙනෙන්නේ හාල්මැස්සෝ කූනිස්සෝ විතරයි. තෝරු මෝරු පෙනෙන්නේ නැහැ. (නි)
බස්රියේ සින්දුවක් කියලා මගීන්ගෙන් කීයක්හරි ඉල්ලගන්න තිබුනනේ. එය ලැජ්ජාවෙන්න දෙයක් නොවෙයි. මොකද බොරු කියලා, හොරකම් කරලා බඩවියත රැකගන්නවාට වඩා ඒ දෙය කොතරම් හොඳද? (නි)
පිට මිනිසුන්ට එහෙම හිතුනට පුතාට අම්මා මැරුනේ නැහැ කියලා හිතෙනවා ඇති (නි)