IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා

ඔහු ප‍්‍රකට හිටිවන කවියෙකි. කථිකයෙකි. මගුලකදී අවමගුලකදී පමණක් නොව වෙනත්  ඕනෑම උත්සවයකදී ඔහුට කතාවක් පැවරෙන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් මඟුල් හෝ අවමඟුල් උළෙලකදී ඔහුගෙන් කවියක් දෙකක් අසා සතුටුවීමට කවුරුත් පි‍්‍රය කළෝය. පසුගියදාක  ඔහු අවමඟුල් උත්සවයකට ගියේ උදේ වරුවේ මංගල උත්සවයකට  සහභාගිවීමෙන් පසුවයි. ඔහු එහි ළඟාවනවිට අවමගුලේ ආගමික වතාවත් අනුශාසනා සියලූ දේ නිමවී ගිහි ගුණකතන වාරය එළැඹියේය. මංගල උත්සවයේදී  මධුවිතෙන් සප්පායම් වූ ඔහු මළගෙදරට එනවිට අඩක් බමන මතින්  සිටියේය.  ඈතින් ඔහු එනවා දුටු අවමඟුල් උළෙලේ නිවේදකයා කරමින් සිටි කතාව නිමවීමත් සමග ඔහුටද ගුණකතනයකට ආරාධනය කළේය. මයික‍්‍රපෝනය අතට ගත්තේය. අද දින සුබ මොහොතින් යුග දිවියට සම්ප‍්‍රාප්ත වූ අපේ රසවතාගේ  හිතවතාගේ ඥාතියාගේ මංගල සාදයට පැමිණි අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, දුවේ, පුතේ. ඔහුට කීමට ලැබුණේ එපමණකි. පුංචි පුතෙක් ඔහු ඉදිරියට විත්  මාමේ මාමේ මේක මළ ගෙයක් කීවේය. උපත, යුගදිවිය, මව්පිය පදවි, ආච්චි සීයා ජීවන වේදිකාවේ විවිධ චරිත රඟපාන අපි කාටත් මේ යුග පුරුෂයාට වාගේ ජීවිත නාඩගම මරණයෙන් නිමකරන්න සිදුවෙනවා. මොන කෙළි කෙළියත් මළකෙළි කෙලින්නම වෙනවා. ඔහු ජාම් බේරාගත්තේ එසේය.



අදහස් (0)

මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා

උකුස්සා Thursday, 05 April 2012 11:58 AM

තව පොඩ්ඩෙන් මෙයාගේ මළගේ තමයි.

:       0       0

සමන්ත Thursday, 05 April 2012 12:57 PM

මගුල් ගෙවල්වල කවි අහලා සතුටු වෙන්නේ කවුද ?

:       0       0

අලිබබා Thursday, 05 April 2012 02:20 PM

අද හැම වින්නැහියටම හේතව මත්පැන්. එචිචරයි මට කියන්න තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site