(වියලුව වාර්තාකරු)
ගම්බද ප්‍රදේශයක අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකුට නගරයේ ක්‍රමයට තේ පිළිගැන්වීමට ගොස් පස්ස බිම ඇනගත් ආපනශාලා හිමියකු පිළිබඳ පුවතකි.

සිද්ධිය මෙසේය.
ඔහු නගරයේ ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකි. කොරෝනා උවදුරත් සමඟ ආපනශාලාවට කණකොකා හැඬීම නිසා ඔහු යළි ගමට පැමිණියේ තමන්ගේම කියා කුඩා ව්‍යාපාරයක් හෝ පටන් ගන්නා අටියෙනි. ගමට පැමිණි හෙතෙම ප්‍රධාන මාර්ගයකට යාබදව ඉදිකර වසා දමා තිබූ කඩ කාමරයක් අඩු මුදලකට බදු ගත්තේ එහි ආපන ශාලාවක් පවත්වාගෙන යෑමේ අටියෙනි.
නගරයේ ආපන ශාලාවක කලක් සේවය කළ ඔහු තමුන් ආරම්භ කළ ආපනශාලාවට ද එහි අංග එක් කිරීමට තැත් කළේ ගම්මුන්ට මෙන්ම මහ මඟ යන එන්නන්ට තම ආපන ශාලාවෙන් ඉහළ ගුණාත්මක සේවයක් ලබාදී ව්‍යාපාරයට ජනප්‍රියත්වයක් ලබාදීමේ අදිටනිනි.
ඉතා පිරිසුදුව පවත්වාගෙන ගිය ආපනශාලාවේ ආහාර පිළිගැන්වීම තේ පිළිගැන්වීම ඇතුළු බොහොමයක් දේ සිදු කරනු ලැබුවේ ද නගරයේ දී තමුන් අත්දුටු ක්‍රමවලට තවත් අංගෝපාංගයන් ද එක් කරමිනි.
සතිපොළක වෙළෙඳාමට ගොස් දවස තිස්සේ වෙහෙස වූ වෙළෙන්දන් දෙදෙනකු පසුගිය දිනක එහි ගොඩ වූයේ කුමන හෝ කෙටි කෑමක් අනුභව කර තේ එකක් පානය කිරීමේ අටියෙනි.
‘මුදලාලි අපිට මොනව හරි කන්න ගේන්නකෝ. ප්ලේන්ටි දෙකකුත් ඕනෑ.’ යැයි කියමින් ඔවුන් හරි බරි ගැසී එහි වූ අසුන්වල වාඩි වූයේ නව ආපනශාලාවේ හතර අතට දෑස් යොමු කරවමිනි.
තම සේවාදායකයන්ට හොඳ සේවයක් සැපයීමේ අටියෙන් කටයුතු කළ හෙතෙම ආහාරය සඳහා කෙටි කෑම දීසියක් සමඟ තේ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය සීනි, තේකොළ සහ උණුවතුර වෙන් වෙන්ව තැබූ භාජන කීපයක් ද ඔවුන්ට පිළිගැන්වූයේ තම ආපනශාලාවේ සේවය පිළිබඳ හිතින් ආඩම්බර වෙමිනි. කිසි දිනක තමුන් අත් නොවිඳි මෙම සත්කාරයෙන් අන්දුන්කුන්දුන් වූ වෙළෙඳුන් දෙදෙනා ‘කෝ ප්ලේන්ටි දෙක’ යැයි ආපන ශාලාවේ හිමිකරුගෙන් විමසා සිටියේ තමුන් අබියස තිබූ උණුවතුර සීනි තේ කොළ බඳුන් එහා මෙහා කරමිනි.
‘ඔතන සීනි, තේ කොළ උණු වතුර වෙන වෙනම තියෙනවා මහත්තයලට ඕන්නං කිරිත් දෙන්නං. තේ එක හදා ගන්න’ යැයි ආපනශාලා හිමිකරු පවසා සිටියේ මුවගට මඳ සිනහවක් ද එක් කර ගනිමිනි.
‘මුදලාලි උදේ ඉඳන් මහන්සි වෙලා මෙතැනට ආවේ තේ එකක් හදාගෙන බීලා තමුසෙට රුපියල් 20 ගානෙ දෙන්න නෙවෙයි. මෙන්න මේව ගෙනිහින් අපිට තේ දෙකක් හදාගෙන ගේන්න යැයි වෙළෙඳුන් දෙදෙනා ආපනශාලා හිමිකරුට කියා සිටියේ තමුන්ට ඉක්මනින් යා යුතු බව ද පවසමිනි.
‘මුන්ට හරියන්නේ ගමේ කහට කෝප්පය ම තමා’ යැයි තමුන්ටම කියා ගත් ආපනශාලා හිමිකරු යළිත් තේ දෙකක් සකස් කර ඔවුන්ට පිළිගැන්වූයේ සිදුවූ වැරැද්ද පිළිබඳ ඔවුන්ගෙන් සමාව ද ඉල්ලමිනි.
2025 දෙසැම්බර් මස 04
583
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
501
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
426
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන