(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමගම දකුණේ තැන් තැන්වල පාර අයිනේ තිබූ අයිතිකරුවකු නොසිටි තාවකාලික කෙසෙල් කැන් කඩයක් දුටු කොලු රැලක් ජය සැමරුම් පොළක් යැයි සිතා කෙසෙල් ගෙඩි ඇති පදම් කඩාගෙන ගිල දමා අමාරුවේ වැටුණු පුවතක් දකුණේ දොඩම්වලට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පාර අයිනේ තිබූ පොල් අතු සෙවිලි කළ කුඩා ස්ථානයක ඉදිරිපස එක පෙළට ඉදුණු කෙසෙල් කැන් කිහිපයක් එල්ලා තිබුණි. කඩය හිමි කාන්තාවගේ නිවස තිබුණේ ද මේ ආසන්නයේය.
හදිසි ශාරීරික අවශ්‍යතාවක් නිසා ඇය නිවසට ගියාය. ඒ අතරේ සප්පායම් වූ පිරිසක් බයිසිකල්වලින් ගොස් තැන තැන තිබූ කිරිබත් හා වෙනත් ද්‍රව්‍ය කමින් ජයග්‍රහණය සමරා අතරමගදී පාළු තැනක එල්ලා තිබූ කෙසෙල් කැන් දැක සතුට සමරන්නට එල්ලා තිබූ ඒවා යැයි සිතා වහා ඒ තුළට පැන තරගයට මෙන් කෙසෙල් ගෙඩි කන්නට වූයේ හුරේ දමමිනි.
ශබ්දය ඇසී කඩය හිමි කාන්තාව දිවවිත් ඔලු අත තබා ගත්තේ මේ දන්සලක් නොව කඩයක් යයි පවසමිනි. ඒ වනවිටත් කැන්වල තිබූ කෙසෙල් සෑහෙන ප්‍රමාණයක් ගිල දමා තිබුණි. කෙසේ වුවද කාන්තාව පැවසුවේ මුදල් ගෙවන ලෙසයි. එහෙත් කන ලද ප්‍රමාණය හෝ කිසිවකු දැන නොසිටි අතර ඇය පැවසුවේ කෙසෙල් ලෙලි ටික දෙස බලන විට කිලෝ දෙකකටත් වඩා ගිල දමා ඇති බවයි. කෙසේ වුවද මෙම පිරිස රුපියල් දෙසීයක් ගෙවා දමා එතනින් පිටවූයේ ඔයින් ගියා මදැයි කියමිනි.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණ ජය සමරා කෙසෙල් කැන් කඩයකටත් රිංගලා