(කලවාන - උපේන්ද්ර ප්රියංකර ජාතුංගම)
එකිනෙකාට හොරෙන් පොල් කැඞීමට ගොස් සිදු වූ ඇබැද්දියක් කෙලින්කන්ද ප්රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. ඔහුත් ගජ මිතුරන් තිදෙනෙකි. දිනපතා මත්පැන් පානයට හුරු වූ නිසා අසල ඇති නිවෙසක පොල් කැඞීමට තීරණය කළේ ඊළඟ දිනයේ මත් වතුර පානය කිරීමටය. ඔහුත් තනිව මුදල් ගැනීමට සිතා එකිනෙකා හොරෙන් රාත්රි කාලයේ දී පොල් ගසට නැග ඇත.
එක් අයකු පොල් ගස මුදුණේ සිටි අතර අනෙකා පොල් ගස මැදය. තුන්වැන්නා පොල් ගස මුලය. සිද්ධිය මාට්ටු වූ බව දැන තිදෙනාම කතා කර පොල් කැඩූ අතර පොල් ගසේ අයිතිකාරයා ද මොවුන්ගේ මිතුරෙකි.
පොල් ටික කඩන තුරු බලා සිටි අයිතිකරු ”හා මල්ලිලා ඔය ගහේ කවුරුවත් නගින්නේ නැහැ දියසෙවල් හින්දා. පොල් ටික කඩලා දුන්නට බොහොම ස්තූතියි” ගහේ නැග්ගට මෙන්න පොල් ගෙඩි දෙක යයි කියා පෝර උරයකට පොල් ටික දමාගෙන ගියේ මිතුරන් අන්දමන්ද කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd