IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මූණු පොතේ සිහින කුමාරයා බස් එකේ ටිකට් කඩලා

ෆේස්බුක් (මුහුණු පොත) අද වනවිට තරුණ පිරිසට නැතුවම බැරි මෙවලමකි. 


සමහරු දවස අරඹන්නේ ද, දවස නිමකරන්නේ ෆේස්බුක් එකෙනි. 


බොහෝ වැඩිහිටියන් ඒ පිළිබඳ වැඩියමක් නොදන්නවා වුණාට අලුත් මිතුරු මිතුරියන් බුරුතු පිටින් සොයා ගන්නට මුහුණු පොත හොඳම මෙවලම බවට පත් වී හමාරය. 


මෙකී තරුණයාට ද ඇය මුණගැසෙන්නේ මුහුණුපොත (ෆේස් බුක්) හරහාය. 


වැඩිකල් නොගොස් දෙදෙනා පෙම්වතුන් බවට පත්වන්නේ ෆේස්බුක් හරහා දුරකතන අංක ද හුවමාරුවක් සමගිනි. 


ඇය රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියකි. ධනවත් පවුලක උපන් ඇය සුරූපීය. 


කිසිකලක පෙම්වතෙක් ඇසුරු නොකළ ඇයට මුහුණුපොත හරහා මුණ ගැසුණු තරුණයා සිහිනෙන් දුටු කුමරු සේ දැනුණේ ඒ තරමටම කඩවසම් තරුණයකුට සතුවිය යුතු සියල්ල ඔහුට උපතින්ම හිමි වී තිබීම නිසාය. 


දෙදෙනා කිහිපවිටක් මුණ ගැසුණේ ඇති වූ ප්‍රේමයේ මල් පූදින්නට ඉඩ සලමිනි. 


“මම කරන්නේ බිස්නස්. ඉවරයක් නෑ. අදත් මීටින් ගොඩක් තියෙනවා.” අලුත් පෙම්වතා නිතරම පෙම්වතියට කීවේ බිස්නස්වලට මුළු කාලයම ගතකරන්නට සිදු වී ඇති බව අඟවමිනි. 


මේ අතර ඔහු ගැන ඇයට නරක ආරංචියක් ලැබිණි. 


ඇය මවත් සමඟ බසයකට ගොඩ වූයේ ඒ ආරංචිය තහවුරු කරගන්නටය. 


ඇය දුටු ඔහුට දොලොව රත් විය. 


“අද අපේ බස් එකේ කොන්දොස්තර ආවේ නෑ. ඌ වැඩ කරන්න බෑ කියලා පැනලා ගිහින්” ඔහු කීවේ තමාගේ ඇත්ත රක්ෂාව තවදුරටත් සඟවමිනි. 


“කොල්ලා පැනලා ගියා වගේ තමුන්ගේ කෙල්ලත් පැනලා ගියා කියලා හිතා ගන්නවා.” එසේ කියූ සුරූපී තරුණිය සිය මවත් සමඟ බසයෙන් බැස යද්දී ඔහු ඇය දෙස බලා සිටියේ අතේ තිබූ සල්ලි පොදිය එක මිටකට ගුලි කර ගනිමිනි. 


(තිහගොඩ - උපසේන ලියනගම)

 



අදහස් (5)

මූණු පොතේ සිහින කුමාරයා බස් එකේ ටිකට් කඩලා

himal Thursday, 09 August 2018 04:02 AM

ඊට පස්සේ ඒ කොන්දොස්තර සල්ලි එකතු කරලා එකතු කරලා ලීස් එකක් දාලා බස් එකක් ගත්තලු. ඒකෙන් දියුණු වුනාලු. අන්තිමට කොන්දොස්තර බස් මුදලාලි කෙනෙක් වෙලා වෙන හොඳ කෙල්ලෙක් බැන්දලු.

:       306       452

tessa Thursday, 09 August 2018 07:36 AM

ඉස්සර ඔහොම වැඩක් ඕනා මටත්. ලස්සන ගැණු ළමයෙක් හිටියා ලොකු ඉස්කෝලෙක පොඩි ඉකොලේ අපි ඉගන ගත්තේ. ඒ ලොකු ඉස්ස්කොලේ ළමයාගේ අම්ම අපේ ඉස්කෝලේ අපට ඉගැන්නුවා ඒකාලේ මිස් ට මාට්ටු උනා ලවු එක. එවලේම අකමැති උනා. කොහොම හරි ඩිග්රි එක අරගෙන එලියට එනකොටට් අර මිස් ගේ දුගෙයි අම්මගෙයි හෙන ලොකු සින්, කාලයක් යද්දී මිස් කැමති උනා ඒත් ඒකට මග ඇරලා මන් දැන් වෙන රටක. පොඩි බබෙකුත් ඉන්නවා.

:       101       170

pakeer Thursday, 09 August 2018 04:42 PM

ලොකු පොඩි, උගත් නුගත් ලස්සන කැත දුප්පත් පෝසත් මේ ඔක්කොම 3 වෙනි ලෝකේ රටවල සීමාවල්.

:       26       51

sena Friday, 10 August 2018 11:21 AM

පව් වැඩේ... අැත්තම කියලා තිබුණා නම් සමහර විට ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ.

:       0       36

Saman Sunday, 12 August 2018 04:42 AM

කෙල්ල ගිය එකමයි කාරිය... මොකද කෙල්ල ආදරය කරල තියෙන්නේ කොල්ල කියපු පෝසත්කමට... ෆේස් බුක් වැඩ ඔහොම තමයි.. ලොකුකම් සහ ඕපා දූප..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 199 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1063 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site