(මැදිරිගිය චාපා මධුභාෂිණි)
තේවත්තේ වැඩ කරන තම සගයනට උදේ ආහාර සඳහා රැගෙන ගිය රොටී මල්ල මඩ වළකට වැටීමෙන් පසු අසල තිබූ ඇළෙන් සෝදාගෙන යාමේ අපූරු පුවතක් කෑගල්ලට ඈත ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. නමින් පින්තුය. ඒ නිසා පිනා යන නමින් ද ඔහුට ඇතැමෙක් කතා කළහ. තේවතුවල වැඩ කිරීම රැකියාව කොට ගත් ඔහු සමග වතුවල තවත් පිරිසක් කුලී වැඩ කළහ. එසේ වැඩ කරන පිනා තම සගයන්ට තේ රැගෙන ඒමට යෑම පුරුද්දක් කරගෙන සිටියේය. සුපුරුදු පරිදි පසුගිය දින පිනා තම හිතවතුන් සමග තේවත්තේ වැඩට ගියේය. පෙරවරුවේ තේ වේලාව ළඟාවිය.
එහි සිටි එක් සගයෙක් පිනා තේ ටික අරං වරෙන් කීය. පිනා සැණින් තේ වතු හිමියාගේ ගෙදර දිව ගියේය. තරමක් බෑවුම් සහිත කුඹුරු මැදින් යා යුතු මාර්ගය ඉතා කටුකය. පිනා තේ ටික ද අරගෙන තේවත්ත කරා පිටත්විය. විනෝදයට බර මොහු සිංදුවක් ද කියමින් කුඹුර මැදින් යන්නට විය. එකවරම රෝටී සහිත මල්ල මෑතදී වගා කළ කුඹුරට වැටිණි. පිනාට දෙවියන් සිහිවිණි. මේ අතර පාරේ යමින් සිටි ගැමියෙක් ‘ඇයි පිනා මොකද’ යනුවෙන් විචාළේය. බලපන්කො මාමා රොටි පාර්සලේ මඩට වැටුණානේ. පිනා ගේ පිළිතරු විය. ගැමියා ගානට නොගෙන ‘ඕක මහ දෙයක්ද අර ඇළෙන් හෝදගෙන පලයන්’ යනුවෙන් පිනාට කීවේය.
පිනාද වහා රොටි ටික අහුලාගෙන ඇළ අසලට ගොස් ඉන් හොඳට රොටි ටික සෝදා ගත්තේය. තම ඇඳිවතින් හොඳට රොටි ටික පිහදාගත් ඔහු රොටි ටික තම සගයන්ට දුන්නේය. එහි සිටි එක් පුද්ගලයකු ‘නෝනා අද නම් රෝටි උණුවෙන් ඔතලා හොඳටම පෙඟිලා යැයි කීවේය. ඒ වන විටත් සගයන් රොටියකින් අඩක්ම කා දමා තිබිණි. එවිට කිසිදු ගානකට නොගත් පිනා කියා සිටියේ අපෝ නෑ නෝනා නිවුනට පස්සේ තමයි රොටි එතු වේ. රොටි ටික මා අතින් කුඹුරට වැටුණා. ඒක දැකපු සියදෝරිස් මාමා කීවා රොටීවල තැවරිලා ඇති මඩ ටික ඇළෙන් හෝදාගෙන යන්නැයි කියල. හෝදපු නිසයි රොටි ටික පෙඟුණේ යැයි පිනා කියනවාත් සමග රොටි කෑ හැමෝටම තරු පෙනුනාලු.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මඩ වළට වැටුණ රොටි හෝදාගෙන ගිහින්