IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මගියාගේ ප‍්‍රශ්නෙට කොන්දොස්තර ගොළුවෙලා

දිනය 2014.11.01 වේලාව පස්වරු 3.30 ට පමණ කුලියාපිටියේ සිට කුරුණෑගල දක්වා ගමන් ඇරඹූ පෞද්ගලික මගී බස් රථයක් නාරම්මල නගරයට ළඟා වෙමින් තිබූ අතර ඒ වන විට අනෝරා වැසි ඇද හැළෙමින් තිබිණි.


නාරම්මල බණ්ඩාරනායක මාවතේ බස් නැවතුමෙන් බැසීමට සූදානම් වූ මගීන් කීප දෙනෙක් සීනුව නාද කළහ.
මගී ආවරණයක් හෝ තුරු සෙවනක් හෝ නැති එම බස් නැවතුමට මෙහායින් වූ කඩ පේළිය ඉදිරියෙන් මගීන් බැස්සවීමට කාරුණික නොවූ බසයේ රියැදුරු බසය නැවැත්වූයේ කිසිදු ආවරණයක් නැති බස් නැවතුමේය.


බසයෙන් බැසගත් මගීනට සිදුවූයේ අනෝරා වැස්සේ තෙමෙමින් ආවරණයක් සොයා දිව යාමටය.
බසයේ පිටුපස අසුනක සිටි මගියෙක් කොන්දොස්තර අමතා ‘අර පහුවෙච්ච කඩ පේළිය ළඟ බස් එක නැවැත්තුවා නම් අර මගීන්ට වැස්සෙ තෙමි තෙමී දුවන්න වෙන්නෙ නෑනෙ” යි පැවසීය.


‘ඒ වුණාට කඩ පේළිය ළඟ නෙවෙයිනෙ හෝල්ට් එක තියෙන්නෙ” කොන්දොස්තර කීය.
‘හරි ඔය ගොල්ල බස් එකට මගීන් ගන්නෙත් හෝල්ට් එකේදී විතරද?” මගියා පෙරළා ඇසීය.
කොන්දොස්තර ගැටයා එය නොඇසුනාක් මෙන් බසය තුළට වැහි පිනිකඩ ඒම වළකාලීමට බසයේ විවෘතව තිබෙන කවුළුවල වීදුරු පියන්පත් වසන්නට විය.
(කුලියාපිටිය චාමර විමලරත්න)



අදහස් (0)

මගියාගේ ප‍්‍රශ්නෙට කොන්දොස්තර ගොළුවෙලා

කාන්ති Friday, 07 November 2014 07:02 AM

සංජු , ඔය වගේ දේවල් වලට මමත් මුහුණදී තිබෙනවා. අපේ අකමැත්තෙන් අපේ ශරීරය අල්ලන්න බස් කොන්දොස්තරලාට තිබෙන අයිතිය මොකද්ද? (නි)

:       0       0

ධනුක Friday, 07 November 2014 07:03 AM

මට හිතෙන්නේ සංජුටත් හොඳ හොඳ අත්දැකීම් තිබෙනවා වගේ බස් වල ගිහින්. (නි)

:       0       0

අසංක Friday, 07 November 2014 07:08 AM

ඔන්න ඔය වගේ කෙලින් කතා කරානම් නියමයි.ඒ අයට උත්තරත් නෑ.(හේ)

:       0       0

රුවනි Friday, 07 November 2014 07:13 AM

පුද්ගලික බස් වල ගමනේදී වැඩියෙන්ම තැලෙන්නේ කාන්තාව.(දිල්)

:       0       0

චාන්දනී Friday, 07 November 2014 07:30 AM

පසු ගිය සතියේ රෝහලේ සිටි බිරිඳ බලන්න ගිය අපේ අසල්වැසියෙකු බස් එකෙන් බහින්න කලින් අද්දලා බස් එකට යට නොවී වළලුකර අස්ථි බිඳීමෙන් පමණක් ජීවිතේ බේරුනා. ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න වගේ තමයි මේවා.(හේ)

:       0       0

පිටිගල Friday, 07 November 2014 07:41 AM

එහෙම තමයි බස් කොන්දන්ගේ සදාචාරය. බස් එකට නගිනකොට කරට අත දාලා නැග්ග ගන්න මගියා බහිනකොට බහින්නත් කලින් හරි යන් කියනවා,සමහර විට බහින මගීන් ඇද වැටෙනවා..(දිල්)

:       0       0

සුනිල් Friday, 07 November 2014 07:49 AM

අන්න හොද වැඩක්.කට වහන් හිටියම ඒ අය කරේ නගින්න එනවා.(හේ)

:       0       0

ක්‍රිස්ටි Sunday, 09 November 2014 12:11 AM

ගොඩක් කොන්දොස්තරලා ඔහොම තමයි ඉතින් (නි)

:       0       0

සමාධි Friday, 07 November 2014 08:52 AM

අපි යන බස්වල ගාස්තුව රු 13 නම් 14 ක් දුන්නොත් කවදාවත්ම ඉතුරු රුපියල දෙන්නේ නෑ.ගාස්තුව 9 නම් 10 ක් දුන්නොත් ඒත් එහෙමයි කොන්දොස්තොර අයියා කිසිම ගානක් නැතුව ඒ වෙලාවට අහක බලා ගන්නවා.ඒ වුනාට මොකද 13 ගානට බැරිවෙලා හරි රුපියලක් මාරු නැතුව 12 ක් හෙම දුන්නොත් බස් එකේ ඉඳලා ඉවරයි රුපියලක් අඩුයි කියලා මැරෙන්න හදනවා. මෙයාලව මුදල් අමාත්‍යාංශයට එක සතියකට අනුයුක්ත කරානම් අපේ රට මීට වඩා තැනකට ගන්න තිබුණා.(හේ)

:       0       0

ලසිත් Friday, 07 November 2014 09:07 AM

සමහර වෙලාවට පුද්ගලික බස් රථ වල කොන්දොස්තර රියැදුර බලපත්‍ර නැතිව බස් එක එලවනවා. අපේ ප්‍රදේශයේ බස් රියදුරා නිවාඩු ගිය දවසක එවන් දෙයක් සිද්ධ වෙලා මහා අනතුරක් නොවී බේරුනේ අනු නාමයෙන්. ගෙදරක තාප්පයක් කඩා ගෙන ගිහින් නැවතුනේ, (හේ)

:       0       0

අනුරාධ Friday, 07 November 2014 09:45 AM

හොද බස් සේවකයන් ඉන්නවා නුවර කොළඹ බස් රථ වල.(හේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 10 November 2014 02:01 AM

"මට හිතෙන්නේ සංජුටත් හොඳ හොඳ අත්දැකීම් තිබෙනවා වගේ බස් වල ගිහින්." ඇයි ඔබ යන්නේ කාර් එකේද? බස් වල යන කාටත් අත්දැකීම් තිබෙනවා. (නි)

:       0       0

නදීර Friday, 07 November 2014 12:17 PM

නියම ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හොඳ වැඩේ (නි)

:       0       0

සමන්ති Friday, 07 November 2014 12:45 AM

සමහර කොන්දොස්තරලාට සල්ලි දකිනකොට නීතිය ,මනුස්සකම , ඉතුරු සල්ලි අමතකවෙන එක සාමාන්‍යයයි. (නි)

:       0       0

නෙලුම් Friday, 07 November 2014 01:36 AM

සමහර කොන්දොස්තරලා බොහොම කරුණාවෙන් තමයි තරුණ කාන්තාවන් එහෙම බසයට නංවාගන්නේ. මම පන්ති යන කාලයේ බොරැල්ල කොට්ටාව බස් මාර්ගයේ අසංවර කොන්දොස්තර කෙනෙක් හිටියා. පාපුවරුවට අඩිය තියනකොටම කාන්තාවන්ගේ පිටට අත තියනවා. එක දවසක් මට ඔය දේ වෙන්න යනකොටම, මම මට පසුව නැඟි මහත දෙහෙත මැදිවියේ කාන්තාව පෙන්නලා හයියෙන් කිව්වා "අයියේ, මට අත තියන්න ඕනෑ නැහැ. මේ ඇන්ටි මගේ පිටිපස්සෙන් ඉන්න නිසා මාව වැටෙන්නේ නැහැ" කියලා. අර කාන්තාවත් ඇතුළුව බස් එකම හිනාවුණා. ඊට පස්සෙත් මම ඒ බස් එකේ ගියා. හැබැයි කිසිම කරදයක් වුනේ නැහැ. (නි)

:       0       0

ධනුෂ්ක දිසානායක Sunday, 09 November 2014 06:25 AM

කව්රු මොනවා කිව්වත් මාව නම් හැමදාම ඉදිරියටම යන්න දිරිමත් කළේ 170 අතුරුගිරිය, පිටකොටුව බස් කොන්දොස්තරම තමයි. කව්රු මොනවා කිව්වත් මම ඒ අයට ආදරෙයි (නදී)

:       0       0

චාමර Saturday, 08 November 2014 06:22 AM

හොද වැඩේ.(හේ)

:       0       0

තිසර Sunday, 09 November 2014 07:14 AM

ඇත්තටම හොද වැඩේ.(හේ)

:       0       0

සංජු Friday, 07 November 2014 03:46 AM

අනේ නෙලුම් පිටට අත තිබ්බ කියල ලැබෙන සතුට මොකක්ද? ඇරත් ඔය වගේ කෙනේගේ? බොරු කියන්න එපා ඔහොම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site