IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බස් ටිකට්පතේ දුරකතන අංකය ලියාදී 500 ක් පාඩු කරගෙන

බස් රථයේදී මිතුරු වූ කාන්තාවකට සිය බස් ටිකට්පතේ දුරකථන අංකය ලියා දී රුපියල් 500ක් අහිමි කර ගැනීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි.
මහනුවරට නුදුරු එක්තරා කුඩා නගරයක් ආසන්නයේ සිදු වූ මෙම සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහු සාමාන්‍ය රැකියාවක් කරන මැදි වියේ පුද්ගලයෙකි. දිනපතා සේවය අවසන් කර මෙම බසයෙන් ගමන් කිරීම ඔහුගේ සිරිතයි. එම බසයෙන්ම දිනපතා සේවය අවසන් කර ගමන් කරන තරුණ කාන්තාවක කෙරෙහි මොහු සිය අවධානය දින කිහිපයක්ම යොමු කළේය. එහෙත් ඔහුට ඇය සමඟ දොඩමළුවීමට අවස්ථාවක් නොලැබිණි.

එසේ සිටියදී එක් දිනක් ඔහුට ඒ අවස්ථාව උදා විය. එදා ඇය ඔහුගේ අසුනට යාබද අසුනේ අසුන් ගත්තාය. ඔහුගේ සතුට නිම්හිම් නැති විය. ටික දුරක් යද්දී ඔහු ඇය සමඟ කතා කරන්නට පටන් ගත්තේය. මුලදී කරදරයක් සේ සැලකූ නමුත් ඇයද ටික දුරක් යද්දී ඔහු සමඟ කතා කරන්නට පටන් ගත්තාය. ඔවුන්ට කතා කරන්නට හැකි වූයේ ටික වේලාවකි. ඇය බසින ස්ථානය ලංවිය. ඒ බව ඇය ඔහුට කීවාය. දෙවරක් නොසිතූ ඔහු වහාම අතේ තිබූ ටිකට්පතේ ඔහුගේ දුරකථන අංකය ලියා ඇයට දුන්නේය. එයත් ලබාගෙන ඇය බැස ගියාය.

බසය වේගයෙන් ගමන් කර ඔහු ද බසින තැන ළංවත්ම කොන්දොස්තර මහතාට තමන් රුපියල් පන්සීයක් දුන් බවත් බසින විට ඉතිරි මුදල් ඉල්ලා ගන්නා ලෙසත් පවසා ටිකට් පතේ ඒ බව සඳහන් කර දුන් බව ඔහුට සිහි විය. දැන් බස් ටිකට්පත ඇය අරන් ගිහින්ය. ටිකට්පත නැතිව ඔහුට ඉතිරි මුදල් ඉල්ලිය නොහැකිය. ඒ නිසාම ඔහු ඒ රුපියල් පන්සීයේ අලාභය දරා ගෙන බසයෙන් බැස ගියේය.
 



අදහස් (0)

බස් ටිකට්පතේ දුරකතන අංකය ලියාදී 500 ක් පාඩු කරගෙන

රණතුංග Tuesday, 25 March 2014 06:15 PM

කවුද අප්පේ ඔය කතාව පත්තරේට කිවුවේ ? මම නම් හිතන්නේ නැහැ මැදිවියේ මහත්තයා නම් කවදාවත් ඔය කතාව කිසි කෙනෙකුට කියයි කියලා. (නි)

:       0       0

චන්දික Tuesday, 25 March 2014 06:58 PM

මදැයි කරගත්ත දේ? (නි)

:       0       0

චන්දි Wednesday, 26 March 2014 10:39 PM

රන්දික, හිනා යන්නේ දෙකොනින්ද? (ස)

:       0       0

ධම්ම Wednesday, 26 March 2014 01:23 PM

චන්දි ඔයාද ඒ කඩවතින් බැහැලා ගියේ. මට පන්සීයෙන් වැඩක් නැහැ කෝල් එකක් එනකල් මා මග බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

ශාන්ති Tuesday, 25 March 2014 10:45 AM

ඔයාට ඔය වයසට මොන ලව්ද මෙයා? අපරාදේ රුපියල් පන්සිය අද එනවකො ගෙදර ! (ස)

:       0       0

සරසි Thursday, 27 March 2014 05:26 PM

කොන්දොස්තර මහත්තරු ලඟ සල්ලි මාරු කරන්න නැත්තම් චුටි ටිකට් කැල්ලක් පරිස්සන් කරන්න කොන්දොස්තර මහතයටම දෙන්න ඔනේ (අ)

:       0       0

හංසිකා Tuesday, 25 March 2014 10:57 AM

රුපියල් 500 වගේද ආදරේ.(නදී)

:       0       0

එම්.සී. Thursday, 27 March 2014 12:54 AM

චන්දි, ඔයාගේ අදහස් වලට මම කැමතියි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 March 2014 11:12 PM

මොහොමෙඩ් කෙල්ල ඔයාට කෝල් කරොත්නම් හරි නැත්නම් ඉතින් පාඩුයි වැඩේ. (අ)

:       0       0

සජී Tuesday, 25 March 2014 01:52 PM

අනේ බලන්න මේක කොච්චර සුන්දර අවස්ථාවක්ද කියලා. (ස)

:       0       0

රන්දික Wednesday, 26 March 2014 06:07 PM

සමහරුන්ගේ අදහස් කියවද්දි හිනා යනවා. (නි)

:       0       0

ගයන් කන්තලේ Tuesday, 25 March 2014 02:42 PM

ඇමතුමක් ආවොත් ඊට වඩා වටිනවා. (ස)

:       0       0

සරත් Tuesday, 25 March 2014 03:28 PM

ආදරය කරන්න වයස් සීමා නැහැ. නමුත් අසම්මත නම් ටිකක් හිතන්න වෙනවා.... (ස)

:       0       0

රම්සි Thursday, 27 March 2014 09:20 PM

මම නම් අංකය ලියලා දුන්නේ 5000 කොළේක. (නි)

:       0       0

රන්දික Wednesday, 26 March 2014 07:53 AM

මම නම් මෙහෙම මෝඩ වැඩ කරන්නෙ නැහැ කවදාවත්. (නි)

:       0       0

චන්දි Tuesday, 25 March 2014 04:28 PM

ගිය සතියේ මටත් ඔය වගේ දෙයක් වුණා කොළඹ එන විට.මම හෙමිහිට කඩවතින් බැහැ ගත්තා.දැන් හැදෙන ඉලන්දාරි අපි වගේ ඇහැට කනට පේන කෙල්ලන්ට පාරේ බැහැල යන්න දෙන්නේ නැහැ. (ස)

:       0       0

එන්සිනා Tuesday, 25 March 2014 04:35 PM

නාකි විසේ ගෙටත් උසේ.(නදී)

:       0       0

අමිත Tuesday, 25 March 2014 04:40 PM

තහනම් ආදරේ සුන්දරද මෙතරම්? (නදී)

:       0       0

කුමාරි Tuesday, 25 March 2014 04:45 PM

කොහොම උනත් කොන්දොස්තර ළමයට ජයයි.(නදී)

:       0       0

ආල‍ෝකා Wednesday, 26 March 2014 07:52 PM

අනේ ඇත්තට,මෙහෙමත් දේවල්? (නි)

:       0       0

ඉරේෂ් Wednesday, 26 March 2014 08:51 AM

ආදරයට වයස සීමාවක් නැහැනේ... (ස)

:       0       0

සජී Tuesday, 25 March 2014 04:56 PM

අනේ බලන්න චන්දි නම් කොහොම හරි කඩවතින් බස්සගෙන චන්දිගේ වෙලාව හොඳයි.(නදී)

:       0       0

චන්දි Thursday, 27 March 2014 12:19 PM

එම්.සි. බොහොම ස්තුතියි. ඔයා බැඳලද? බබාලා ඉන්නවද? මමත් හොයා හොයා හිටියේ ඔය වර්ගයේ කෙනෙක්. මොකද ලණුව තවම ගෙදර. (ස)

:       0       0

දිලූ Thursday, 27 March 2014 12:48 PM

හොඳ වැඩේ ඔය වගේ ගොන් මිනිස්සුන්ට. තියෙන අසනීප හොඳ වෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30564 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12562 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10908 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 795 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site